චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ.
චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි.
චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය. චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කළ යෝජනාවට නායක කිම් ජොන් උන් එකපයින් කැමැත්ත පළ කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය කාලය පුරා උතුරු කොරියාව නොයෙක් ආකාරයේ දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලුවේය. එම මිසයිල අත්හදා බැලීම් අසල්වැසි දකුණු කොරියාවට පමණක් නොව, ජපානයට ද තර්ජනයක් විය.
ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී උතුරු කොරියාවට දැඩි විරෝධයක් ද පළ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වී උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඇමෙරිකාව, චීනය සහ රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන්ය.
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කළේ 2017 වසරේදීය. මේ වනවිට උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික අත්හදා බැලීම් 7 ක් සිදු කර ඇත.
‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. උතුරු කොරියාව චීනයේ අසල්වැසියෙකි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ උතුරු කොරියාව සමීප ලෙස ගනුදෙනු පවත්වන්නේ චීනය සමඟය. රුසියාව ද උතුරු කොරියාවට මායිම් වෙයි. උතුරු කොරියාව සහ රුසියාව අතරේ සබඳතා පවතී.
පසුගිය දා ඉන්දුනීසියාවේ බාලි දූපතේ ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්ය. එම සාකච්ඡා ඵලදායී විය.
එහිදී උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික අත්හදා බැලීම් කෙරෙහි අවධානය යොමු විය. චීන ජනාධිපති ෂී ජින්පින්, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායකයා හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.
(රොයිටර්)
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි
AB Saturday, 26 November 2022 07:43 PM
ඇමෙරිකානු හෝ යුරෝපිය රටවල් මැදිහත්වීම නොමැතිව චීනය සහ උතුරු කොරියාව සාම මාවතට පැමිණීමට පසුබිම නිර්මාණය කිරීම වැදගත් වේ. කලාපිය රාජ්‍යයන් සාමය වෙනුවෙන් එක්සත්ව ක්‍රියා නොකරන අවස්ථාවන්හිදී ඇමෙරිකානු හෝ යුරෝපිය රටවල් සහ UN මැදිහත්වීම වැළැක්විය නොහැක. රටවල් අතර ගැටුම් මතුව එම ගැටළු දිගින්දිගටම පවත්වමින් නොවිසඳෙන අවස්ථාවන්හිදී රටවල් එම අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන අතර තවත් රටවල් මැදිහත් කරුවකු ලෙස සාකච්ඡා සඳහා ඉදිරිපත් වේ. උතුරු කොරියාව නිතර බටහිර සහ ජපානය සමග අර්බුද නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක චීන ජනාධිපතිගේ ඉදිරිපත්වීම ගෝලීය වශයෙන් වැදගත්වේ.
Uba kawda Saturday, 26 November 2022 08:47 PM
ආපහු යුද්ධ නම් ඇති නොවේවා.!
චන්දන Sunday, 27 November 2022 03:34 PM
ඇමරිකානු අධිරාජ්‍යවාදය බිඳ හෙළන්න මෙවැනි සංධානයක් බිහිවීම ඉතා වැදගත් . ලෝක බලතුලනයට වැදගත් පියවරක් .