(අංජුල මහික වීරරත්න)
රට විනාශයට පත්කිරීමට නොව රට ගොඩ දැමීමට සියල්ලන්ම එකතුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මෙි රට ගොඩ නැගීමට සියල්ලන්ගේ සහයෝගය අවශ්‍ය කාලයක් බැවින් ඒ සඳහා පක්ෂ පාට භේද නොසලකා සියලුදෙනා එක්විය යුතු බව ද වජිර අබේවර්ධන මහතා කීය.
‘’සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
නිදහසින් පසු රට ගොඩනැගීම වෙනුවට පටු අරමුණු සාක්ෂාත් කරගැනීමට විවිධ දේශපාලන පක්ෂ හා නායකයන් කටයුතු කිරීම හේතුවෙන් අරාජික තත්වයට ඇදවැටී තිබෙන බවද එජාප සභාපතිවරයා කීය.
අරගලය නමින් නැවතත් විරෝධතා ව්‍යාපාරයන් හි නිරතවීමට උත්සාහ කරන අතර වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය එයින් කඩා වැටෙන්න හැකියාව ඇති බවත් ඩොලර් අර්බූදයක් ඇතිවී ඉන්ධන හා ගෑස් හිඟයක් මතු විය හැකි බවත් වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.
අරගලය වැනි විරෝධතා ව්‍යාපාර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බවට සමහරුන් තර්ක කරන බවත් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් කර තිබෙන බවත් අබෙිවර්ධන මහතා කීය. එහෙත් අදහස් ප්‍රකාශ කිරීමෙි අයිතිය වල්බූරු නිදහසක් නොවිය යුතු අතර සිංගප්පුරුව, ජපානය වැනි රටවලට එම මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇතැම් සීමා පනවලා තිබෙන්නේ යැයිද ඒ මගින් එම රටවල් සංවර්ධනය වී තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංගප්පූරුවේ සහ ජපානයේ දියුණුවට හේතුව වජිර කියයි
SARATH SILVA Tuesday, 01 November 2022 03:02 PM
ඔය වගේ දෙපිටකාට්ටුවො නැති හින්ද
sachith Tuesday, 01 November 2022 03:05 PM
මෙච්චර ලොකු දේවල් කියන්න දෙයක් නෑ, එ රට වල ඔයාල වගෙ අමන, කුහක, වංචනික දේශපාලුවො නා.. ඉන්න මිනුස්සුත් මොලේ කල්පනා කරල චන්‌දෙ දෙනව.
ddd Tuesday, 01 November 2022 03:24 PM
ප්‍රධානම හේව ප්‍රතිපත්ති ගරුක පාලකයෝ ඉන්න එක , පාලකයො බුද්ධිමත් රට ගැන හිතල වැඩ කරනව හොරකන් කරන්නෙ නැහැ.
mp Tuesday, 01 November 2022 03:31 PM
පිස්සුද හලෝ, ඒවා රට හොරා කාපු අයට කියන්න.
Hafeel Tuesday, 01 November 2022 03:50 PM
වාසනාවට ඒ රටවල්වල වජිර වගේ හොරුන් ආරක්ෂා කරන දේශපාලුවෝ නැහැ. එකයි වෙනස.
senaka Tuesday, 01 November 2022 04:01 PM
හැමෝම කියන්නේ අනිත් අය ඇවිත් එයාලට එකතු වෙන්න කියල. ඇයි කියන අයට ගිහින් අනිත් අයට එකතු වෙන්න බැරි? තමුන්ට බැරි ඇයි ගිහින් අනිත් අයට එකතු වෙන්න?
සකල බුජං Tuesday, 01 November 2022 04:03 PM
උබල වගේ එවුං ඒ රටවල් වල නැති නිසා.
sharm warn Tuesday, 01 November 2022 04:04 PM
ඒ රටවල් දෙක විතරක් නෙවෙයි. වියට්නාමේ, කොරියාව වගේ රටවලුත් දියුණු වෙලා තියෙන්නේ තමුසෙලා වගේ දෙපිටකාට්ටු හොරු නැති නිසා. ඒ රටවල මහජන දේපොළ මංකොල්ලා කන දේශපාලුවෝ නැති නිසා. තමුසෙලා වගේ පිංගුත්තරයොයි, තමුසෙගෙ මහ එකා වගේ පාදඩයොයි නැති නිසා. කපුටා වගේ කොමිස් කාක්කො නැති නිසා. තව කියන්නද?
Buddika Tuesday, 01 November 2022 04:28 PM
අයියෝ ඔව් වජිර. මේ රට දියුණු නොවෙන්න හේතුව ඔහේ වගේම ඉන්න අනිත් පිරිස. මේ අමන කාලකන්නි දේශපාලකයෝ මේ රට කෑව. ඔහෙත් ඒ වගේම අපතයෙක් බව රටම දන්නවා.
Cri Tuesday, 01 November 2022 04:42 PM
එහේ දේශ පාලුවෝ නැහැ. උත්තරේ සරළයි.
LGPJ Tuesday, 01 November 2022 06:16 PM
As it closing down of Government Institutions . !!!
chandima Tuesday, 01 November 2022 07:42 PM
නොදන්න මඟුලකුත් නැහැ ඒත් කරපු මඟුලකුත් නැහැ. ජපානේ දියුණු වුණු හැටි ජපානෙට වඩා හොඳට දන්නවා. සිංගප්පූරුව දියුනු වුණු හැටි ලී ක්වාන් යූටත් වඩා හොඳින් දන්නවා ඒත් මෙහෙ හිඟා කනව.