X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සිසුවාට පහර දුන් විදුහල්පතිට සිරදඬුවම්


 
පුෂ්පකුමාර ජයරත්න
 
අතින් පයින් පහරදීමෙන් ශිෂ්‍යයකු කෘරත්වයට පත්කිරිමේ චෝදනාවකට වරදකරුවකු වු පොල්පිතිගම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (9) වසර තුනක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළාය.


මෙසේ සිරදඬුවම් නියමවුයේ මොරගොල්ලාගම පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන වාසල රාජකරුණෘ මුදියන්සේලාගේ ජයවර්ධන බණ්ඩා (60) නැමැති අයටය.


ඔහු වසර 38 ක දිර්ඝ සේවා කාලයක් සපිරූ පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.


මෙම සිරදඬුවවමට අමතරව රුපියල් දසදහසක දඩුයක් ද ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය අගතියට පත් ශිෂ්‍යයාව රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ද විත්තකරුට නියම කළාය.



අදහස් (22)

සිසුවාට පහර දුන් විදුහල්පතිට සිරදඬුවම්

ගාමිණී Monday, 09 July 2018 10:17 AM

බොහොම හොඳ තීන්දුවක්. අනිත් ගුරුවරුන්ටත් හැදෙන්න...

:       3080       1308

රොෂාන් Monday, 09 July 2018 11:20 AM

අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගුරුවරු ප්‍රින්සිපල් ගහපු දඬුවම් දුන්නු නිසා තමයි අපි හොඳට හැදුනේ. දැන් ඒකට ළමයෙකුට දඬුවමක් වත් දෙන්න බෑ.

:       705       1049

vipula Monday, 09 July 2018 11:22 AM

මෙම සිද්ධිය පිලිබදව අපි කිසිත් නොදනිමු , නමුත් අපි පාසල් යන කාලයේත් අපිට ගුරුවරු දඩුවම් කළා.. අද අපි ඔවුන්ට දන නමා වදින්නේ අපේ වැරදි දැක දඩුවමින් හෝ අපිව යහමගට ගත් නිසයි.

:       544       1047

pereraMonday, 09 July 2018 04:21 PM

මමවත් මගේ සහෝදරයින්වත් කවදාවත් ගුටි කනවා තියා, බැනුම් අහලවත් නැහැ. මොකද අපේ අම්මලා තාත්තලා අපිට ආදරයෙන් අපට හරි වැරදි කියා දුන්නා. මගේ දරුවන් මටත් මගේ බිරිඳටත් ඉතා ආදරෙයි, මොකද අපිත් කලේ අපේ දෙමව්පියන් අපිව හදපු විදියම අනුගමනය කල එක. කොහෙවත් ඉන්න අයට කිසිම අයිතියක් නෑ ළමයින්ට අත තියන්න, විශේෂයෙන් පයින් ගහන්න. හොඳ වැඩේ

:       1130       535

laksman Monday, 09 July 2018 12:28 PM

ජාතකපොතේ තියෙන කතාවකින් කියනවා තල ටිකක් හොරෙන් කෑ රාජකුමාරයෙකුට ගුරුතුමා දඬුවම් කල කතාවක්. එම කුමාරයා රජවී ගුරුතුමාට මරණ දඬුවම නියම කරනවා. ගුරුතුමා කරුණු පැහැදිලි කරනවා. රජතුමා එම කරුණු පිළිගෙන ගුරුතුමා පුරෝහිත ලෙස පත්කර ධාර්මිකව රජකරනවා. එය එක කතාවක්... තව සත්‍යම කතාවක් නම් පාසැලේ වැඩ නොකළ එක් දරුවෙකුට ගුරුතුමා දොස් කියනවා. දරුවා විදුහල්පති කෙනෙක්වන පියාට කියනවා. පියා පාසැලට ගොස් ගුරුවරයාට බැණවදිනවා. මෙයින් අහංකාර වූ අර දරුවා අද ඉතාම අසරණ තත්වයෙන් පසුවෙනවා. මේවා නොසලකා කටයුතු කළොත් නම් අනාගතයේ රටම පාතාලයක් වීම වැළැක්වීමත් හිතන්න අමාරුයි.

:       135       248

gallage Monday, 09 July 2018 12:46 PM

දඩුවම් කරනවා කියලා පයින් ගහන රටක් කොහෙද තියෙන්නේ. කොහොමත් අතින් පයින් ගහන්න අවසරයක් ඇත්තෙම නැහැ. අවුරුදු තුනක් ඇතුලේ විවේක සුවයෙන් ඉදලා එන්න...

:       661       507

sam Monday, 09 July 2018 01:53 PM

මෙම විදුහල්පති ඉතා හොඳ කෙනෙක්... මෙම සිසුවා හෙරොයින් බොන නිසා දඬුවම් කරලා තියෙන්නේ... සිසුවාගේ අම්මා ලඟදි ප්‍රාදේශීය සභාවට පත්වුණා. මේක පලි ගන්න කළ දෙයක් සහ දේශපාලන පුළුවන්කාරකම් පෙන්නන්න කල දෙයක්.. විදුහල්පති කාලේ පාසැල බොහොම හොඳට තිබුණා. කවුරුත් මෙම විදුහල්පතිට ආදරෙයි. මේක නම් දේශපාලන දඩයමක්..

:       1130       2011

naradha Monday, 09 July 2018 02:43 PM

අතින් පයින් පහරදී ඇත්නම් එය වරදකි. නමුත් පාසලේ සිසු විනය පිහිටුවාලීම සඳහා ගුරුවරයෙක්, සිසුවෙකුට දඬුවම් කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. අද පාසල් සිසුවිනය බෙහෙවින් පිරිහී ඇති අතර, වර්තමාන සරසවි සිසුන්ගේ හැසිරීමෙන් මෙය පිළිබිඹු වේ.

:       67       16

wishwa Monday, 09 July 2018 03:25 PM

දුන්න තීන්දුව ගැන කතා කළොත් මටද ගස් යන්න වේවි... කොහොම නමුත් ගෞරවනීය විදුහල්පතිතුමනි, ඔබතුමා ගැන මම හදවතින්ම කණගාටු වෙනවා.

:       70       161

perera Monday, 09 July 2018 04:10 PM

හොඳ වැඩේ. සතුට කියා නිම කල නොහැක.

:       329       234

Cyril Monday, 09 July 2018 04:34 PM

සමහර ගුරුවරු ඉන්නවා දුප්පත් ළමුන්ට අපහාස දඩුවම් නිමක් නෑ. පාසැල එපා වෙනවා. සමහරු ගුරුතුමන්ලා හරිම අනුකම්පා සහගතයි.

:       9       46

sanath Monday, 09 July 2018 05:45 PM

ළමයෙක් නිවැරදි මාර්ගයට ගන්න දඬුවමක් දුන්න විදුහල්පතිට අවුරුදු 3 ක හිර දඬුවමක් දුන්න විනිසුරුවරියට ස්වාභාධර්මයෙන් උත්තර ලැබෙනු ඇත.

:       653       1169

BuddikeTuesday, 10 July 2018 02:34 AM

අතින් පයින් පහර දීමත් දඩුවමක් විදිහට අනුමත කරන එක දූපත්වාසීන්ගෙ යහ ලක්ෂණයක්..

:       10       16

nandana kumara Monday, 09 July 2018 05:56 PM

දේශපාලනේ කරානම් සර් සතියෙන් එළියේ

:       9       33

ranjith Monday, 09 July 2018 06:02 PM

ඔය විනිසුරුවා ඉස්කෝලේ ගිහින් නැත්ද?

:       183       338

GuneTuesday, 10 July 2018 09:22 AM

ඔබට වඩා නම් විනිසුරුවරිය ඉහලට ඉගෙන ගෙන තිබෙන බව නිසැකයි. ඔබේ ප්‍රතිචාරය එක හොඳම සාක්ෂිය.

:       1       0

Kumar Monday, 09 July 2018 06:29 PM

මම ඇතිතරම් ගුරුවරුගෙන් ගුටිකාලා ඇති. එනමුත් මම හැදුනේ අපේ දෙමුපියන්ගේ මග පෙන්වීම නිසා. කවි පාඩම් නොකර අතට වේවැල් පාර දෙනවට මගේ කිසිම අකමැත්තක් තිබුනේ නැත.

:       11       73

Mahee Monday, 09 July 2018 06:31 PM

මෙතන අදහස් දාලා තියෙන බොහොම දෙනෙක් ගුරුවරුන් ශිෂ්‍යයින්ට දඬුවම් දීම අනුමත කරනවා. හැබැයි, දඬුවම කියන්නේ ශිෂ්‍යයා හොඳ මගට ගැනීමේ සද්භාවයෙන් කරන දෙයක් කියන එක අමතක කරලයි ඒ අදහස් දාලා තියෙන්නේ. අතින් පයින් පහර දී දරුවෙකු අබ්බගාතයෙක් කිරීමට විදුහල්පතිට තියා අම්මා තාත්තටවත් බැහැ කියන එක ඔලුවට වැටිලා නැති බවයි පේන්නෙ.

:       39       168

Bimsara Tuesday, 10 July 2018 04:40 AM

ඔව්..දරුවන්ට අමානුෂික ලෙස පහර දීමට කිසිවෙකුට අයිතියක් නෑ .

:       0       0

ISURANDI Tuesday, 10 July 2018 03:57 AM

ඇත්ත නැත්ත මම නොදනිමි. නමුත් අධිකරණයෙන් මෙයට තීන්දුවක් දී තිබෙන බැවින් මොකක් හෝ අසාධාණයක් වී ඇති බව නම් පෙනෙන්නට ඇත.

:       0       0

CHAMAL WEERASOORIYA Tuesday, 10 July 2018 04:14 AM

මෙතන වෙලා තියෙන දේ දන්නේ සුළු පිරිසයි , මේ ළමය පාසලේ ගංජා සහ මදන මෝදක විකුණලා අහුවෙලා විදුහල්පති කෙනෙක් විදිහට දුන්නු දඩුවමට මේ විශ්‍රාමික මහත්මයාට දුන්ණු දඩුවම අනුමත කරන්න අමාරුයි............ කොහොමද වරදක් කරන එකෙක් හදන්නේ , මෙහෙම ගියොත් පාසලත් ළමයින්ට සුදුසු පරිසරයක් නොවන්න පුළුවන් ,

:       0       1

kalani Tuesday, 10 July 2018 07:23 AM

මම චිංගිස් අයිත්මාතව් ගේ ගුරු ගිතයේ දුයිසේන්ගේ පාසලේ ඔහුගේ සිසුවියක වූ අල්තීනායි සුලයිමානවා මුණ ගැසුනෙමි. " මගේ ගුරුතුමා හමුවීමට නැවත වරක් මම ගමට විත් ඔහු ඉදිරියේදී සමාව ඉල්ලමි. ඔහු [ දුයිෂෙන් ] මගේ හදවතෙහි නිසල තැනක තැන්පත් වී ඇත. " කියමින් ය හඬා වැටුනාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site