X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සුචි විදුහල්පතිනියට වන්දි දීම ගැන ඇමැති සංගම් අතර විවාදයක්


 
 
බිඟුන් මේනක ගමගේ  
        
නායකත්ව පුහුණු වැඩසටහනකදී හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණි අතපත්තු මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ප්‍රදානය කළේ යැයි ද අවශ්‍ය නම් එම මුදල් ප්‍රදානයේ සේයාරූ ඉදිරිපත් කළ හැකි යැයි ද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.


 
එහෙත් ලංකා ගුරු සංගමය මින් පෙර ඇමැතිවරයාට චෝදනා කළේ රාජ්‍ය සේවකයකු හැටියට අතපත්තු මහත්මිය දායක වූ අග්‍රහාර රන් රක්ෂණ ක්‍රමය යටතේ ඇයට හිමිව තිබූ රුපියල් ලක්ෂ 20 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දී ඊට වන්දි ප්‍රදානයක් යැයි වැරැදි අර්ථකතනයක් දෙන බවටය.
 
ඒ අනුව ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකාදීපය ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගෙන් කළ විමසීමේදී මෙම රුපියල් ලක්ෂයක මුදල අතපත්තු මහත්මියට අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ හිමිව තිබූ මුදල් යැයි ඔහු අවධාරණය කළේය.
 
මුදල් අමාත්‍යාංයෙන් සිදුවිය යුතු මූල්‍ය ප්‍රදානයක් අධ්‍යාපන අමාත්‍යාංශය කළේ කෙසේදැයි ප්‍රශ්න කළ හෙතෙම මෙය තනිකරම ජනතාව නොමඟ යැවීමක් යැයිද චෝදනා කළේය.
 
ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමට ලංකා ගුරු සංගමය සූදානම් යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (4)

සුචි විදුහල්පතිනියට වන්දි දීම ගැන ඇමැති සංගම් අතර විවාදයක්

rama Monday, 02 July 2018 11:41 AM

ඔව් එක වැරදි ආදර්ශයක්. ඇයට හිමි වන්දියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නමට හරවාගෙන පම්පෝරි ගහනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙනම වන්දියක් ගෙවිය යුතුයි.

:       44       56

manoj Monday, 02 July 2018 12:19 PM

මෙය සත්‍ය නම් ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයට විරුද්ධව නිසි පියවර ගත යුතුයි. රක්ෂණය, වන්දියක් ලෙස නම් කර ජනතාව නොමග යවා රජයට ලකුණු දමා ගැනීමක් සිදුව ඇත්නම් අදාල අමාත්‍යංශය මියගිය කෙනාට සිදුවූ අයුක්තිය වෙනුවෙන් ඒ අයගේ පවුලෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.

:       34       29

සතයපාල Monday, 02 July 2018 12:50 PM

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවු අනතුරකින් මෙම විදුහල්පතිනියගේ ජිවිතය අහිමිවු නිසා ඇයට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වන්දි ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර, එසේ කිරීමට රජය බැඳී සිටිනවා යන්න අපගේ විශ්වාසයයි.

:       36       44

sarath perth Tuesday, 03 July 2018 02:40 AM

අධ්‍යාපන අමාත්‍ය නිලධාරීන් ඇමතිතුමා නොමඟයවා ඇතිබවපෙනේ. මහජනයාට කොකා පෙන්වීම දැන්වත් නැවැත්විය යුතුයි

:       8       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site