(චන්ද්‍ර සේන ගමගේ සහ සනත් ගමගේ )
හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ . ඉන්දික මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට 51 ක් වැනි වියේ පසු වූ ඉන්දික මහතා කළුබෝවිල පිහිටි සිය නිවසේදි අභාවප්‍රාප්ත වි ඇති බව පවුලේ ඥාතීහු පවසති.
1966 07-31 උපත ලබා ඇති වී.කේ ඉන්දික මහතා දකුණු පළාත් සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමීයෙකු වූ දිවංගත වී.කේ ධර්මසේන මහතා (ධර්මසේන රාළහාමී) ගේ වැඩිමහල් පුතුවේ. මව මංගලිකා ද සිල්වා මහත්මියයි. දෙටුපුතු වී.කේ සුජීව මහතා , දියණිය වී.කේ නිමානි, සහ වී.කේ දහම් සුරංග පවුලේ සෙසු සහෝදරයෝ වෙති.
වී.කේ ඉන්දික මහතා 1990 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දකුණු පළාත් සභාවට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී 2003 වන තෙක් පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිට යළිත් 2003 සිට පළාත් සභාවේ 2004 කාලයේ දි ක්‍රිඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
2004 සිට 2009 දක්වා දකුණු පළාත් සභාවේ අධ්‍යාපන හා සමූපකාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2010 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තේරී පත් වු වී.කේ ඉන්දික මහතා 2015 වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වශයෙන් කටයුතු කළහ.
2015 න් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරී දේශපාලනය සමඟ කටයුතු කරමින් මුල්ගිරිගල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක වරයා වශයෙන් මිය යන තෙක්ම කටයුතු කටයුතු කළේය.
පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ද මුල්ගිරිගල ආසනයේ සංවිධායක වරයා වශයෙන් දැඩි කැපකිරීමක් කළ වී.කේ ඉන්දික මහතා එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහාද පොදුජන පෙරමුණේ සංවිධායක කටයුතු වල නිරතවෙමින් සිටි බව වි.කේ සුජීව මහතා කීය.
1990 සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල්ගිරිගල ආසනයේ සංවිධායක වරයා ලෙස 2015 වන තෙක් කටයුතු කල අතර වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්ත්වය යටතේ එම ධුරයෙන් වී.කේ ඉන්දික මහතා ඉවත් කර තිබිණි.
දේහය අද (06) සවස අම්බලන්තොට රිදියගම මහගෙදර තැනපත් කිරීම සඳහා රැගෙන ඒමට නියමිතව ඇත.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිටපු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභාවප්‍රාප්ත වෙයි
ජගත් ලියනගේ Friday, 06 July 2018 04:45 AM
එතුමාට නිවන් සුව පතමු .
Lanka Perera Friday, 06 July 2018 07:09 AM
ආදර්ශමත්, අවිහිංසාවාදී, විනීත, නීතිගරුක, අවංක දේශපාලඥයෙක්...
C.K.Lankaputhra Friday, 06 July 2018 10:09 AM
ලංකා පෙරේරා මහත්තයා, ඔබතුමා මේ ටික කළින් කියලා තිබුණා නම්?පොහොට්ටුවේ ලොක්කා මෙතුමා කරන්න තිබුණා. අපරාදේ...
Karu Friday, 06 July 2018 10:24 AM
ඉතිහාසයේ දැකපු හොඳම දේශපාලනඥයා... ලොකු පාඩුවක්...
kalani Sunday, 08 July 2018 12:32 PM
මියගිය මිනිසා ලෝකයේ ජිවත් වූ උත්තරීතර මිනිසාය.