X Advertisement
IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ෆොන්සේකාට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24)  තීන්දු කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කැරුණු පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද(24) සළකා බැලිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන සරත් ෆොන්සේකා එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම නීතියට පටහැනි බවයි.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කියා සිටියේ ෆොන්සේකා මහතාගේ පත්කිරීම නිත්‍යනුකූලව සිදුකර ඇති බවයි. එයින් පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝණය නොවන බැවින් එම පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නොමැති බව ද ඔහු කීවේය.

දීර්ඝ කරුණු සළකා බැලීමකින් පසු අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.



අදහස් (0)

ෆොන්සේකාට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි

විපුල Tuesday, 24 May 2016 04:13 PM

මේවා විභාග කරන්න ගියහම මෙතුමා පාර්ලිමේන්තුවට ගෙනාපු කාරණය ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙනවනේ. මෙතුමා යුද්දය අවුරුදු 3 කළා වගේම සංවර්ධනයත් අවුරුදු තුනෙන් කරන්න ඇවිත් තියෙන්නේ. (බ)

:       0       0

අසෝක Wednesday, 25 May 2016 04:50 AM

මොනවා කරන්නද අපි? (නි)

:       0       0

පද්මිණි Wednesday, 25 May 2016 04:21 AM

මිනිමරුවෙක්, ස්ත්‍රී දුෂකයෙක්, කුඩු එතනෝල්කාරයෙක්, නැතුව මෙවැන්නෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවට අකමැති අයත් ඉන්න හැටි. (නි)

:       0       0

අමල් කටාර් Wednesday, 25 May 2016 04:00 AM

අපරාදේ වීරයෙක් ජනතාවගේ හෑල්ලුවට සහ වෛරයට ලක්වෙන එක. (නි)

:       0       0

අමල් කටාර් Wednesday, 25 May 2016 03:58 AM

ජනතාව විසින් ඡන්දය මගින් ප්‍රතික්ෂේප කළ කෙනෙක් කොහොමද ජනතාව පාලනය කරන්න පත්කරන්නේ? මම දන්නා නීතියක් නැහැ. නමුත් මෙතන වැරැද්දක් තියනවා කියලා තේරෙනවා. (නි)

:       0       0

උපේක Wednesday, 25 May 2016 03:08 AM

අපි නිශ්ශබ්දව සියල්ල බලාසිටිමු (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 25 May 2016 02:03 AM

විපුල මහත්මයා, ඔබේ පළමු අදහස නම් හරි. නමුත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙතුමාගේ පත්කිරීමට පමණක් විරුද්ධව උසාවි ගියේ මෙතුමා මහා මිනිස් ඝාතක ද්‍රවිඩ නායකයා සහ ඔහුගේ ගෝලයන් විනාශ කිරීමට වීරෝධාර රණවිරුවන් මෙහෙයවූ නිසා ඇති වූ වෛරයෙන්ද? (නි)

:       0       0

විකුම් Wednesday, 25 May 2016 01:25 AM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රට ජාතිය බේරාගත් වීර සෙන්පතියායි (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 May 2016 01:14 AM

ජේ ආර් කිව්වා එයාට බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරයි කියලාත්. එතකොට බැලුවහම මහජනයාගෙන් පැරදුන අයට ජනපති අගමැති කැමැත්තෙන් මන්ත්‍රීලා ඇමතිලා වෙන්න පුළුවන් තමයි. (නි)

:       0       0

චම්මි Tuesday, 24 May 2016 07:50 PM

එයා දැන් නියම ඔලු බක්කා. හැමදේටම සැමදා ටම පවිතින්න බැහැ (ම)

:       0       0

නෙවිල් Tuesday, 24 May 2016 07:43 PM

ලංකාවේ නීතිය බල්ලට ගිහිල්ල වගේ (ම)

:       0       0

බාලසුරිය Tuesday, 24 May 2016 12:17 PM

ඊළඟ ආණ්ඩුව එනකල් නීතිය යටපත් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි පොලියත් එක්ක ගෙවන්න වෙනවා. තමන්ගේ හිතවත් උදවිය නීතියේ ඉහළ තනතුරු වලට දාගත්තම ඔහොම තමා වෙන්නේ. (බ)

:       0       0

ඇසළ Tuesday, 24 May 2016 03:39 PM

ඕකට තමයි ජේ. ආර්. කිවුවේ ඉරයි හදයි ඇර ඕනෙම දෙයක් වෙනස් කරන්න මට පුළුවන් කියල. (බ)

:       0       0

කමල් Tuesday, 24 May 2016 03:23 PM

ආණ්ඩු පක්ෂයට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නීතියක් තමයි තියෙන්නේ (බ)

:       0       0

දිල්ශාන් Tuesday, 24 May 2016 02:34 PM

ඒක හොඳයි.(හේ)

:       0       0

පසිදු Tuesday, 24 May 2016 02:12 PM

නඩුත් හමුදුරෝවොගේ බඩුත් හමුදුරුවොගේ. වෙන ඒවාට අකුරටම නීතිය.(හේ)

:       0       0

පරාක්‍රම Tuesday, 24 May 2016 01:49 PM

බාලසුරියට ඉක්මනටම අතීතය අමතක වෙනවා නේද ? (හේ)

:       0       0

හසිත Tuesday, 24 May 2016 01:35 PM

ඇයි ඒ ප්‍රතික්ෂේප කළේ.(හේ)

:       0       0

රජිත් මංජුල Tuesday, 24 May 2016 01:18 PM

ෆොන්සේකා මහත්තයව එළවන්ඩ හදන අය ඉතුරු 224 දෙන දිහා බලල සීතල වතුර එකක් බොන්ඩ තිබහ යන්ඩ (බ)

:       0       0

ලසිත් Tuesday, 24 May 2016 01:15 PM

තීන්දුව හරියට කියවල ඉවරවෙලා කමෙන්ට් කළානම් තමා හොඳ. නමුත් එක දෙයක් කිව යුතුයි. ශ්‍රීපවන් මහත්මය මෙම තනතුරට ආවෙ හරි විදිහට. එතුමාට අධිකරණ ක්ෂේත්‍රයේ සියලු තනතුරු හිමි වුනේ ජ්‍යෙෂ්ඨත්වය මත. මොහාන් පිරිස් වගේ උඩින් පාත් වුනේ නෑ (බ)

:       0       0

බෙනට් Tuesday, 24 May 2016 01:08 PM

විභාගයට නොගෙනම විසිකරපු එකනම් අනුමත කරන්න බැහැ. අතදරුවෙකුට වුණත් තේරෙනවා වැඩේ වැරදියි කියල . තමන්ගේ ඡන්ද ලයිස්තුවේ හිටපු නැති කෙනෙක් . අනික ඔයිට වඩා ඡන්ද ගොඩක් අරන් පැරදුන අය මොනතරම් ඉන්නවද ඒ පක්ෂෙම . මෙයාට මන්ත්‍රී කම දුන්නේ පැහැදිලිවම රට ගැන සහ ජනතා කැමැත්ත බලල නොවෙයි . ඔහුට මේ මන්ත්‍රීකම දුන්නේ ලක්ෂ 450 ක බෙන්ස් එකක් එහෙම අරගෙන පොඩි ජොලියක් ගන්නයි . නැතුව ජනතාව ගැන හිතල නෙමෙයි (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 May 2016 12:23 PM

අපිට තේරෙන්නේ නැහැ ඔය නීති රීති.නමුත් සිදුවූ දේ හරිනම් එච්චරයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site