(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අසෝභන ලෙස හැසිරෙමින් කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවට අපකීර්තීයක් යැයි කතානායක කරු ජයසූරිය මහතා මැතිසබයේදී අද (4) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මහත්වරුන් පිරිසක් ඊයේ (03) පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයක යෙදුණූ අවස්ථාවේදී ඇතිවු සිද්ධීන් ගැන ඊයේ සභාව අත්හිටුවු අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මෙසේ කීය.
කතානායකවරයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මෙසේය.
‘ජනතාවට ඉතා වැදගත් වන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ නියෝග ඊයේ සම්මත කිරීමට නියමිතව තිබියදී ජනතා සුබසිද්ධිය ගැන කිසිම හැගීමක් නොමැතිව එයට බධා කර පාර්ලිමේන්තුවේ උත්තරීතර සංකේතය වු සෙංකෝලය උඳුරා එයට හානි කීරිමට ගත් උත්සාහයත් , එම වැදගත් නියෝග අනුමත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීමත් , මෙයින් රටට දෙන පණිවිඩය ගැනත් අප කණගාටු විය යුතුයි.
ගරු විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය විසින් නරන ලද ප්‍රකාශය අප දැනගත් විගසම එහි බැරැරුම්කම් වටහා ගෙන එය පරීක්ෂා කිරීමට එදින උදේම මව්සින් ක්‍රියා කර තිබිණි. අවශ්‍ය කැසට් පටිය ලබා ගෙන එහි පරිවර්ථන අධ්‍යයන කර කථානායක වශයෙන් ව්‍යවස්ථානූකූලව මට ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත් ඇය නියෝජනය කළ පක්ෂ නායකත්වයද දැනුවත් කර නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමද මේ අතර ක්‍රියාත්මක වෙමින් තිබිණි.
ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ක්‍රියාකාරීත්වයෙන් ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් වශයෙන් ලෝක අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය විසින් පිළිගෙන තිබියදී කීප දෙනෙකු විසින් කරනු ලැබු මෙම අශෝභන හැසිරීම් තුළ මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වයට හා කීර්තිනාමයට බලවත් හානියක් සිදුවන බව සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.
එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉතාමත්ම අශෝභන ලෙස සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවටම අපකීර්තියකි.
මේ අනුව ඊයේම නීතිපතිවරයාට උපදෙස් දුන්නේ වහා ක්‍රියාත්මක වී අදාළ නීති ප්‍රකාරව කටයුතු කරගෙන යන ලෙසයි. කථානායක වශයෙන් ව්‍යවස්ථානුකූලව මට ගත හැකි ඉහළම පියවර එයයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ මන්ත්‍රීවරු දෙන්නෙකුගේ හැසීරීම පාර්ලිමේන්තුවට අපකීර්තියක්‘
sirimal Wednesday, 04 July 2018 12:59 PM
කූඩැල්ලා මෙට්ටයක තිබ්බට ඌට නින්ද යන්නේ නැහැනේ.
surath Wednesday, 04 July 2018 01:12 PM
පක්ෂග්‍රාහී තීන්දු ලැබෙන කොට ප්‍රශ්න වලින් ලිස්සා යනකොට ඔහොම දේවල් දකින්න පුළුවන්
rocky Wednesday, 04 July 2018 01:26 PM
ඔය කියන අය කවදද නිවැරදි දෙයක් කෙරුවේ?
isurandi Thursday, 05 July 2018 04:14 AM
එතන වෙන්නෙත් පිටත සිදුවෙන දේම තමයි.උද්ගෝෂණ ගහමරා ගැනීම් බෙලි කැපිලි විරුද්ධ සටන්පාට! බැලුබැල්මට වෙනසක් නැහැ සමස්තයක් වශයෙන් ගත්කල.
nuwan Thursday, 05 July 2018 03:05 PM
එතකොට විජකලාගේ ප්‍රකාශය මොකද? එක අපකීර්තියක් නෙමේද? හැමදාම මෙයාලා කරන්නේ හඳ පෙන්නුවම පෙන්නපු ඇගිල්ල දිහා බලනවා ...