X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘කසිප්පු අල්ලන්න පොලීසියටත් පුළුවන්‘- අධිකරණය කියයි

(ටෝනි කරුණනායක) 


සුරාබදු නිලධාරීන් නොමැතිව පොලිස් නිලධාරීන්ට  නීතිවිරෝධි කසිප්පු පෙරිම සහ විකිණිම සම්බන්ධයෙන් වැටලීම් සිදු කළ හැකි බවත් එම සැකකරුවන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරා එම නඩුව පවත්වාගෙන යාමට පොලිස් නිලධාරීන්ට බලය ඇති බවට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) වැනිදා තීන්දු කළේය.

 
ගම්පහ පොලිසිය මගින් කසිප්පු මිලිලීටර් 1500 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නඩුව සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීති‍ඥ චානක කපුරු බණ්ඩාර මහතා කසිප්පු විකිණිම සම්බන්ධයෙන් පොලිසියට අධිකරණයේ නඩු පැවරිය නොහැකි බවට මූලික විරෝධතා ගොනුකර තිබුණි.


2017 වර්ෂයේ නොවැම්බර් මස 20 වැනි දින බදුවතුගොඩදී නිශාන්ත ප්‍රදිප් ආටිගල නැමැත්තාව කසිප්පු මිලිලීටර් 1500ක් සමඟ ගම්පහ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 2017 නොවැම්බර් මස 21 වැනි දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 29 වැනිදා දක්වා රිමාන්ඩ්බාරයට පත් කර ඇති බවට අධිකරණයේදී සඳහන් විය.


2017 නොවැම්බර් මස 29 වැනිදා නඩුව නැවත කැඳවු  අවස්ථාවේ සැකකරු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති හෙයින් රුපියල් 5000 ක මුදල් සහ ලක්ෂයක ශරීර ඇප මත සැකකරුවා මුදා හැර 2018  වර්ෂයේ අප්‍රේල් 25 වැනි දින නඩුව විභාගයට ගෙන තිබුණි.

නඩු විභාගය ආරම්භයෙදී නීතිඥ චානක කපුරු බණ්ඩාර මහති කසිප්පු සම්බන්ධයෙන් පොලිසියට නඩු පැවරිය නොහැකි බවට මූලික විරෝධතා ගොනු කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පොලිසිය වෙනුවෙන් පෙනී සිටිමින් ඉකුත් මැයි 23 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විරෝධතා වෙනුවෙන් කරණු ඉදිරිපත් කරනු ලැබීය. 


සංශෝධිත සුරාබදු ආඥා පනතේ  ඇති වගන්ති අනුව සුරාබදු නිලධාරීන්ට සම බලතල සෑම පොලිස් නිලධාරියෙකුටම හිමි වනු ඇත. 

 

 



අදහස් (5)

‘කසිප්පු අල්ලන්න පොලීසියටත් පුළුවන්‘- අධිකරණය කියයි

SHAN SAUDI Wednesday, 04 July 2018 08:03 AM

හොද තීරණයක් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල පොලිසියට පැවරීම

:       0       113

SATHYAPALA Wednesday, 04 July 2018 08:55 AM

අනිවාර්යෙන්ම නීති විරෝධී කටයුතුවලට මැදිහත් වෙන්න නඩු පවරන්න හැකිවෙන්න ඕන. මීට පෙර උසාවිය මගින් දුන් පුර්වාදර්ශය නිවැරදි නොවේ .

:       0       121

sampath Wednesday, 04 July 2018 09:58 AM

කසිප්පු, විස්කි, බ්‍රැන්ඩි, අරක්කු සියල්ලම මත් වතුර වේ. කසිප්පු නිෂ්පාදකයෝ රජයට බදු නොගෙවයි. එම නිසා එය නීති විරෝධී වේ. සත්‍ය එයයි.

:       0       136

shan saudi Wednesday, 04 July 2018 10:49 AM

මතින් තොර රටක් හා දැහැමි සමාජයක් සදහා ශ්‍රීලංකාව තුල සියලුම මත්පැන් වර්ග ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම හා නිෂ්පාදනය සපුරා තහනම් කරමු. අන්‍යාගමික රටක් උවත් සෞදි අරාබිය තුල මෙය එතාමත් හොදින් තහනම් කර පාලනය කරනු ලබයි අපි බලමු. මේකේ අන්ලයික් කොපමණ වැටෙද කියලා.?

:       0       11

lapaya Wednesday, 04 July 2018 11:24 AM

වොඩ්කා මත් බිම ගණයට වැටෙන්නේ නැහැ නේද. මොකද බොන කොට එකේ තියන වොඩ්කා රත්කරල නිවා ගත්ත වතුර වෙනවා කියල ඇමති කෙනෙක් කිවුව මතකයි. රට ජනතාව වෙනුවෙන් වැඩ කරන ඇමති වරුන්ගේ බේබිල බෝතල් වතුර බොන්නේ නැහැ වියදම වැඩි නිසා.බොන්නෙම උතුරලා නිවා ගත්ත ලිදේ වතුර. මේක ලිවුවේ ජනතාවට පරණ දේවල් අමතක වෙන නිසා. ලබන ඡන්දෙ එනකල් කඩින් කඩ පරණ දේවල් මතක් කල යුතුයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site