X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘ගනුදෙනු ජනතාව සමග පමණයි‘

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

තමා රනිල් හෝ මෛත්‍රී සමග ඩීල් එකක් නැති බවත් තමාගේ ගනුදෙනුව ඇත්තේ ජනතාව සමග පමණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(12) අනුරාධපුරයේ දී පැවසීය.

අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති ජන රැලිය අමතමින් රාජපක්ෂ මහතා එසේ කීවේය.

ශ්‍රිලනිපය යූඑන්පියට පාවා දී ඇති බවත් සැබෑ ප්‍රතිපත්තිය රකින්නේ ඒකාබද්ධ විපක්ෂය බවත් මේ ආණ්ඩුව පරාජය කිරීමේ පළමු වෙඩිමුරය අනුරාධපුරයෙන් අරඹන බවත් හිටපු ජනපතිවරයා කීය.

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම ඇතුළු මන්ත්‍රීවරු රැසක් එම රැලියට එක්ව සිටියහ.

 



අදහස් (35)

‘ගනුදෙනු ජනතාව සමග පමණයි‘

kumara s saudi Sunday, 12 November 2017 02:48 PM

ඔව්දැන් රටම හොරා කාල ඉවරනේ දැන් වෙන මොනවද කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ඔච්චරණේ

:       2886       5376

rohana kumara mendis Sunday, 12 November 2017 03:55 PM

එ්ත් දැන් ජනතාවත් කැමයි නෑනේ ඡන්දෙත් පරාදයි නේ... අනික ජනතාවගේ දේවල් සේරම සූරාගෙන කෑවානේ මුළු තම මොනවා ගන්නද?

:       1524       4341

Amith Monday, 13 November 2017 02:12 AM

අපි මෙතුමාව මේ පාර චන්දෙන් දිනවල පෙන්නනවා මොකද කියන්නේ !!!මොකද යුද්දෙත් ඉවර කරලා, රටේ සංවර්ධනයට කරපු සේවයෙන් 1% වත් යහපාලන ආණ්ඩුව කලේ නැත.

:       898       995

ධම්මික Sunday, 12 November 2017 04:06 PM

ගමන සුභයි ජය නියතයි

:       8567       7215

Ajith NissankaMonday, 13 November 2017 12:28 AM

ගමන සුභයි ජය නියතයි

:       411       210

Sudesh perera Sunday, 12 November 2017 04:34 PM

මහින්ද විශ්‍රාම ගැනීම සුභයි

:       183       518

indra Sunday, 12 November 2017 07:12 PM

වැඩේ කරගන්නකම් මගේ ජනතාව, ඔටුන්න දැම්ම ගමන් ජනතව අමතකයි. නව වේදිකාවක් නැවත ගොඩ නැගිය යුතුයි

:       195       529

chathuri Sunday, 12 November 2017 07:46 PM

ඇත්තටම ලැජ්ජාවක්. කියනදේ දන්නෙම නැතිද ඔය විදියටම නේද සෙනග පිරිලා හිටියේ අන්තිම මැච් එකේදී හෙලිකොප්ටර් එකෙන් උපන් ගමට යන්න වුනේ. මෙදා පාර රෝද දෙකත් නැතිවෙයි ජනතාවට මොලේ තියෙනවා. ඔය කියන කට්ටියට වැඩිය පටි රෝල්වෙයි වගේ

:       47       479

lion Monday, 13 November 2017 12:39 AM

තාත්තල පුතාල ගනුදෙනු කෙසේ වෙතත් ගනු විතරයි අපි දැක්කේ.

:       15       384

Rohana Monday, 13 November 2017 12:39 AM

කොහොම හරි 2020 ජය ගත්තොත් පවුල ඇතුළු ගජ හොරු ටික ගොඩ.

:       15       397

prakaash Monday, 13 November 2017 12:58 AM

හොරා හොරා කියා කටමැත දෙඩව්වට තවම බැරිවුනානේ ඔප්පු කර ගන්න

:       203       70

Sampath Monday, 13 November 2017 01:16 AM

එකම පැතුම මහින්ද

:       308       56

Raveendra Monday, 13 November 2017 01:52 AM

ඕන දෙයක් නමුත් හොරකම බෑ හරිය........

:       0       78

jaanaka Monday, 13 November 2017 02:20 AM

ටිකක් හිතන්න. සිංහලයා එකතු වෙමු ඉන් පසුව මුළු රටම එකතු කරමු. මේක තාවකාලික වින්දනයක් පමණයි. බල ලෝභීත්වයෙන් බැහැරව රටට ජාතියට සේවයක් කරන්න.

:       0       172

ගමරාලගේ සිරිසේන Monday, 13 November 2017 03:02 AM

අන්න ආණ්ඩුවේ බස් වලින් සෙනග ඇදලා...

:       2       23

ama Monday, 13 November 2017 03:34 AM

ජනතා අපේක්ෂාවන් ඉටුකළ හැක්කේ ඔබට පමණි

:       1015       709

Suba Monday, 13 November 2017 04:31 AM

හැබැයි ජනතාවට නම් ඔබතුමා එක්ක ගනුදෙනුවක් නෑ. ඒක දෙපාරක්ම ඔප්පු වුණානේ.

:       136       759

nimal Monday, 13 November 2017 04:44 AM

නිකන් බොරු එපා, දැන් වෙඩිමුර කීයක් ගැහුවද නමුත් තවම ගහපු තැනමයි. ඔය විමල් සහෝදරයව අයින් කලොත් අඩියක් දෙකක් ඉදිරියට යන්න පුළුවන් කියල දන්නා අය කියනවා.

:       35       857

nimal Monday, 13 November 2017 04:52 AM

ඔයාග් ඩීල් ගැන නම් කතා එපා, අපි දනිමු ඒ බව. යහපාලනය වැරදි තමා, නමුත් අපිට ඔයාව අයෙ ගේන්නත් බැහැ පුතාල නිසා සහ බැසිල් නිසා, ඔයාට වැඩිය අපි අමාරුවේ, ඔයාට සල්ලිවත් තියනවා, අපිට මොනවද?

:       21       399

nimal Monday, 13 November 2017 05:00 AM

ජය වේවා.

:       282       86

Bamunuaarachchi. Monday, 13 November 2017 05:24 AM

මහින්ද මහත්මයෝ ඔබ ජනාධිපතිකමින් පරාද වුයේ වැඩි ඡන්ද 449072 කිනි. එ් කියන්නේ ඔබට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත්තේ 224536 දෙනෙකි. මේ වනවිට 500000 පමණ ජනතාව කරපු වැරැද්ද හඳුනාගෙන ඔබ වෙත හැරී ඇත. එමනිසා ලබන වතාවේ ඔබ දිනනු ඒකාන්තය. සුදුසු ආකාරයට ක්‍රියා කරන්න.

:       421       115

SubaMonday, 13 November 2017 07:02 AM

මාර ගණන් හැදිල්ලක්නේ බමුණු මහත්තයෝ. ඒ කියන්නේ ආයෙමත් මහින්ද සහ මෛත්‍රී ජනාධිපතිවරණයක් එනවද?

:       1       105

BamunuarachchiMonday, 13 November 2017 02:09 PM

අඩුගණනේ ඔබ අංක ගණිතය දන්නවාද? දන්නවා නම් ගණන් හදලා බලලා මම වැරදියි කියන්නකෝ. ඕක හදන්න කලනය හෙවත් කැල්කියූල්ස් ඉගෙන ගන්න වුවමනා නැත. මහින්ද මහතා ජනාධිපති වෙන්න බලාගෙන දේශපාලනය කළ කෙනෙක්... එ්කත් මතක තියා ගන්න. "ඒ කියන්නේ ආයෙමත් මහින්ද සහ මෛත්‍රී ජනාධිපතිවරණයක් එනවද?" මහින්දට නැවත ජනාධිපති තරඟෙට එන්න බැරුව ඇති... ඒ නිසයි මම ලිව්වේ සුදුසු විදිහට ක්‍රියා කරන්න කියලා. අපි නැවත සිරිසේන මහතාට ඡන්දය දෙන්නේ නැත. එජාපය ගැන හිතලාවත් නැත.

:       2       37

banda Monday, 13 November 2017 05:52 AM

ඔය අතේ බඳින්න තව මොකුත් නැද්ද අනේ මෙහෙමත් නායකයෝ

:       20       269

chinthaka Monday, 13 November 2017 06:46 AM

ඔයාගේ ඩීල් ගැන නම් කතා එපා... අපි දනිමු ඒ බව. යහපාලනය වැරදියි තමා, නමුත් අපිට ඔයාව අායේ ගේන්නත් බැහැ පුතාලා නිසා, ඔයාට වැඩිය අපි අමාරුවේ, ඔයාට සල්ලිවත් තියනවා, අපිට මොනවද තියෙන්නේ?

:       1       131

BamunuarachchiMonday, 13 November 2017 10:42 PM

ලබන සැරේ මෙයාට ඡන්දය දෙන්නේ නැතිනම් නැවත රනිල් පත් කරන්නද කල්පනාව? එහෙම උනොත් ඊළඟට මංකොල්ල කන්නේ භාණ්ඩාගරයද? ලෑන්ඩ් කෲසර් එකක් කෝටි 2න් ඉහළ ගියාම බලපත්‍රය කීයට විකුනාවිද? බලපත්‍රය එකේ අවුරුදු 5 සීමාවත් අරන් දාළලු? දන හැම මාසෙම වාහන බලපත්‍ර පුළුවන් වගේ.

:       0       6

වින්සන්ට් Monday, 13 November 2017 07:09 AM

ජනතාව කොහොමත් " මැදමූලන බද්ද සහ බැඳුම්කර බද්ද" සමඟ ගනුදෙනු කරමින් ඉන්නේ....

:       0       1

athula Monday, 13 November 2017 07:33 AM

ඕවා ඔය ඔතන හුරේ දාන බත් කන අයටම හොඳයි.

:       0       94

කුමාර් (ගල්ෆ්) Monday, 13 November 2017 08:13 AM

රටත්, ජනතාවත් රවටා වංචාකල අය ලතෝනි දෙයි.

:       0       0

dias Monday, 13 November 2017 08:27 AM

ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදවිය හැක. එහෙත් රටට වන සතක් නැත. ඔබ සමග සිටිනා නීතිවාදින් නිසා අන්තිමට ඔබ පරාදයි. එ්ත් ඔබ තුමාට සුබ පතමි.

:       12       0

nanda Monday, 13 November 2017 10:56 AM

බමුණු ඔය ගණන් ඉගෙන ගත්ත සර් ඉන්නේ කොහෙද? මගේ අදහස සමහර පැතිවල දිනන්නේ මහින්ද තමයි. 1 අලියා 2 පුටුව 3 පොහොට්ටුව 4 සීනුව. (මේ තමා සමස්ත තත්වය)

:       18       10

Bamunarachchi. Monday, 13 November 2017 02:25 PM

නන්ද සිරිසේනට වැඩි ඡන්ද කීයද ලැබුනේ 449072යි.. හරිද ඔය ඡන්ද ගණන ලැබෙන්න වෙනස් වෙන්න ඕන ඡන්ද ගණන කීයද? ඔය ගණනින් බාගයයි නේද? 10 යි 10 යි තිබෙන තැනක් 1 අනික් පැත්තට ගියොත් 11 යි 9 නේද එතකොට වෙනස 2 යි. වැඩි ඡන්ද 2 යි. නමුත් වෙනස ආවේ එකක් ගිය නිසා. ගණන් දන්නේ නැති කෙනාට ඕක මහගණනක් නේද? නන්ද ගණන් වල ඉගෙන ගන්න තිබෙන්නේ - / සහ X ම. මුළු ගණන් සාත්තරේම අපි කරන්නේ ඕකනේ. එකතු කරනවා, වැඩිකරනවා, බෙදනවා අඩුකරනවා. නමුත් ඉගෙන ගන්න තිබෙන්නේ ගණිත ගැටලුවේදී කොතනදීද කොයිවෙලාවටද ඔය ලකුණු 4න් කෝකද පාවිච්චි කරන්නේ කියලා. අන්න එතැනටයි මොලය ඕනේ.

:       3       10

Bamunuarachchi Monday, 13 November 2017 04:29 PM

නන්ද මගේ සර් මට කියල දුන්නා -×÷ මම ගණන් දහස් ගානක් හදලා ප්‍රගුණ කළා කොතනදීද -×÷ කරන්න ඕනේ කියලා. ගණිතය සහ ඉංග්‍රීසි පුලුවන්නම් ඔබට ඕනෑම විෂයක් ඉගෙන ගන්න පුළුවනි කියලා මම අහල තිබෙනවා.

:       2       8

Bamunuarachchi Monday, 13 November 2017 10:51 PM

වින්සන්ට් අන්න කිරිකැල්ල කියල තිබෙනවා යුද්දෙන් US $ බිලියන 400 පාඩුයි කියලා. අපි බලාපොරොත්තු වෙනවද මහින්ද මහතාගේ පොකට් එකෙන් ඒ සල්ලි දාලා යුද්ද කොරන්න.. ඕවා තමා ගත්ත ණය. හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ දෙමල්ලු ඉල්ලන ඒ කෑල්ල දීලා US $ බිලියන 400 බෙර ගන්න. දැන් උනත් දෙමල ඩයස්පෝරාව ඔය මුදල දුන්නොත් මේගොල්ලෝ රටෙන් 2/5 දෙමළට විකුනාවී

:       13       11

amila Sunday, 14 January 2018 02:02 AM

මේ බොරු කතා වලට රැවටෙන අය තාමත් ඉන්නවනේ ඇත්තට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site