X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘පක්ෂ පාට නොබලා ලක්ෂ 5 කට සමෘද්ධිය දුන්නා’

ශාන්ත සෙනෙවිරත්න

අලුතින් සමෘද්ධි දීමනා ලබාදෙනවිට පක්ෂ පාට බැලුවේ නෑ. ලක්ෂ 5 කට අලුතින් සමෘද්ධිය දුන්නා. සියල්ල කලේ නීතියට අනුවයි. සමහරු බොරු චෝදනා නඟනවා. චංචා දුෂණ වලට ඉඩ නොදුන් නිසා නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා කීය.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (7) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා එසේ කීය.

එහිදී දයා ගමගේ මහතා මෙසේ ද කීය.

මම සමෘද්ධීය බාර ඇමැතිවරයා වශයෙන් සිටි කාලයේ සමෘද්ධි දීමනා ගන්න සුදුසුකම් ලැබූ ලක්ෂ 8 ක් පමණ හිටියා. ඒ අතරින් ලක්ෂ 5 කට දුන්නා. තව ඒ වගේම පිරිසක් ඉන්නවා. වසර 21 ක සිට සමෘද්ධි දීමනා ලබන ලක්ෂ 14 ක් පමණ රටේ ඉන්නවා.

සමෘද්ධි බැංකුවල වංචා දුෂණ වෙලා තිබෙනවා. එවැනි සිද්ධීන් 600 ක් ගැන වාර්තාවුණා. පරීක්ෂණ කරන්න ඕනෑ. සමෘද්ධි මුදල් ලක්ෂ 60 ක් පමණ හොරකම් කරලා.මෙවැනි අක්‍රමිකතා නවත්වන්න බැංකු පද්ධතිය පරිගනක ගත කරන්න අපේ කාලේ තීරණය කළා. ඒකට කොටසක් විරුද්ධයි.



අදහස් (14)

‘පක්ෂ පාට නොබලා ලක්ෂ 5 කට සමෘද්ධිය දුන්නා’

abaran Friday, 07 February 2020 11:16 AM

අනුන්ගේ ණය ගැන කතා කරන්නට කලින් තමන් බැංකු වලට පොලු තියපුවා ගෙවලා දමන්න. ඒවා බැංකුවට අයිති මුදල් නොව මහජන මුදල් නිසායි..

:       0       155

shanthaFriday, 07 February 2020 06:36 PM

සහතික ඇත්ත අබරන්, මේ කට්ටිය බැංකුව සුද්ධ කරලනේ... කෝටි 8000 ක් 4 දෙනෙක් හොරා කාළා. දැන් තියෙන්නේ මෙයාලගේ නිශ්චල, චංචල දේපල රාජසන්තක කරන්නයි. ලැජ්ජා නැතිව ඡන්දෙත් ඉල්ලනවනේ. හොරුන්ට කව්ද ඡන්දෙ දෙන්නේ..?

:       0       71

RaveendraSaturday, 08 February 2020 10:48 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මේ දේශපාලුවා අනුන්ගේ රෙදි හෝදන්නේ තමන්ගේ රෙද්දේ අසුචි නාගෙන ඉන්න ගමන්.... මගේ, අපේ මහජන මුදල් නේද තුම්සේ ණයට ගත්තේ... දැන් ඒවා ආපහු ගෙව්වද? නැහැ නේද? ඉතින් ඒවා ආපහු ගෙවලා අනුන්ගේ ගනුදෙණු ගැන කතාකරන්න නිකන් මෝඩකම ප්‍රසිද්ධ කරන්නේ නැතිව...

:       0       8

Hafeel Friday, 07 February 2020 12:29 PM

ජනතාවට සමෘද්ධිය දෙන්න කලින් මෙයාට සමෘද්ධිය දෙන්න ඕනේ. ඇත්තටම සමෘද්ධි සහනාධාර ගන්න සුදුස්සෙක්. නැති බැරිකම් නිසානේ බැංකුවලට පොලු දාන්නේ. ගත්තු ණය නොගෙවන එකත් වංචාව තමයි. සාමාන්‍ය මිනිහක්ට රුපියල් සීයක් නොගෙවා ඉන්න පුලුවන්ද?

:       0       46

Bernard Friday, 07 February 2020 02:18 PM

අවුරුදු විසිපහක් එකම තැන පැලවෙන පක්ෂ නායකත්වයක්... දැන්වත් සුදුස්සාට සුදුසු තැන දෙන්න බලන්න. තරුණ නායකයන් කීදෙනෙක් ඉන්නවද? මහජනතාව ඉල්ලන පක්ෂ නායකයෙක් දෙන්න.

:       0       0

ධම්ම Friday, 07 February 2020 02:30 PM

එහෙනම් ඊළඟ ඡන්දෙන් දිනයි...!

:       0       4

ජනිත් Friday, 07 February 2020 04:58 PM

මම දන්නා තරමට නම් අපේ පැත්තේ සමෘද්ධි දීමනා අලුතෙන් දුන්නේ ප්‍රබල UNP කාරයින්ටයි. සමහරුන්ට ත්‍රීවීල් පවා තියෙනවා. නමුත් නිර්පාක්ෂික දුප්පත් අයට ලැබුණේ නෑ. දැන්වත් මේවා හොයලා සුදුස්සන්ට දුන්නොත් හොඳයි..

:       0       14

මුණසිංහ Saturday, 08 February 2020 01:14 AM

ඔව් ඇත්ත මම දන්න කෙනෙක් ඉන්නවා. එයාට සමෘද්ධිය ලැබුණා පහුගිය කාලේ. එයා ට්‍රක් එකක් හයර් කරනවා. වැලි-ගල් ප්‍රවාහනය කරනවා. ට්‍රක් එකේ අයිතිකරු එයා. ඒ විතරක් නෙවෙයි. සමෘද්ධිය පෙන්නලා තමන්ගේ ළමයාගේ පාසල් සංවර්ධන සමිති ගාස්තුත් මේ අවුරුද්දට ගෙවන්නේ නැතිව නිදහස් කර ගත්තා. ග්‍රාම නිලධාරිත් අත්සන් කරලා. එහෙම කීදෙනෙකුට දිලා ඇත්ද?

:       0       17

Mahesh Boossa Saturday, 08 February 2020 01:46 AM

මෙයාගේ මිලියන් ගණන් ගෙවලා කුලියට ඉන්න ගොඩනැගිලි තියෙනවා පැපිළියානේ හන්දියේ..

:       0       6

Pradeep Saturday, 08 February 2020 02:37 AM

වැඩි වැඩියෙන් සමෘර්ධි සහනාධාර දුන්නා කියන්නේ ඒ පාලන සීමාව තුළ දරිද්‍රතාවයෙන් පෙළුණු ජනතාව වැඩි වූ බවයි. වැඩියෙන් සහනාධාර දීම හපන්කමක් නොවෙයි, හැකි නම් සහනාධාරවලින් තොරව මිනිසුන්ට දෙපයින් නැගීසිටිය හැකි වාතාවරණයක් රටේ ඇති කරන්න.

:       0       13

janahitha Saturday, 08 February 2020 03:27 AM

පක්ෂ, පාට නොබලා මහබැංකුව සුද්ද කළා.. ශ්‍රීලන්කන් සුද්ද කළා. කෘෂි අමාත්‍යාංශය සුද්ද කළා මදැයි...

:       0       12

Bamunuarachchi Saturday, 08 February 2020 02:41 PM

පක්ෂ, පාට නොබලා ලක්ෂ 5 කට සමෘද්ධිය දුන්නාලු. ඒ විතරක්ය ඡන්දේ ගන්න නුසුදුස්සන්ට රැකියාවලුත් දහස් ගණන් වලින් දීලා රට තවත් අමාරුවේ දැම්මේ උස නම් සිකියුරිටි කොට නම් කම්කරු කියානේ ඔහෙලා රැකියා වර්ග කෙරුවේ. කොහොමද අධිවේගී කොන්ත්‍රාත්තුවෙන් ලාභද?

:       0       0

Kumara Saturday, 08 February 2020 05:51 PM

විළි ලැජ්ජාවක් නැතුව කියන්නේ......

:       0       0

isura Sunday, 09 February 2020 12:18 PM

මෙයා ගැන පසුව හෙළිවේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site