X Advertisement
IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


‘පහත් තැනින් යන ජලයට බාධා එපා‘

ගම්පහ කොළඹ දිස්ත්‍රික්කයන්හි ඇති වු ගංවතුර තත්වයට එක් හේතුවක් ලෙස නාගරික සංවර්ධනය නිසා ජල ප්‍රවාහන පද්ධතියට සිදු වු හානිය  බලපා ඇතැයි පේරාදෙණි විශ්ව විද්‍යලයේ භූ විද්‍යා පිළිබඳ මහාචාර්‍ය කපිල දහනායක මහතා කියයි.

සුළු වර්ෂාවකදී පවා ජලය ගලා යෑමට ඇති ජල මංවලට බාධා ඇති වීම නිසා ගංවතුර ගැලිමේ තත්ත්වයට මුහුණ දිමට සිදු වි ඇතැයි ද ‍හේ පවසයි.

නාගරික සංවර්ධනයේදි ඉදිවන මං මාවත් නව ගොඩනැගිලි ආදිය ඉදි කිරීමේදි ස්වභාවික ජල මාර්ග පැරණි භු සිතියම් වල ඇති බවත් යම් ඉදි කිරිමක් කරන විට ඒවාට බාධා ඇති වනවානම් ඒ සඳහා විකල්ප ක්‍රම උපයෝගි කර ගත යුතු බවත් කුඩා ජල පහරවල් වැසී යෑමෙන් ඒවා එකතුව අස්වාභාවික ගංවතුර ඇතිවන බවත් කපිල දහනායක මහතා පවසයි.

කොළඹ, ගම්පහ පමණක් නොව නුවරඑළියේ පවා ගං වතුර ඇති වනුයේ ස්වභාවික ජල පහර අවහිර කිරීම නිසා යැයිද හේ කියයි.

මේ අතර මහ වැස්සක දී කොළඹ නගරයේ රැස්වන ජලය මුහුදට ගෙනයාමේ නව උමං මාර්ග දෙකක් ඉදිකිරීමට යන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසීය.

බෞද්ධාලෝක මාවතේ සිට බම්බලපිටිය දක්වා එක් උමං මාර්ගයක් හා දැනට පවතින කොළඹ වරායට උතුරින් ඇති මුතුවෙල් උමං මාර්ගය ආසන්නයෙන් තව උමං මාර්ගයක් ද ඉදි කරන බව ලේකම් ස`දහන් කළේය.

ලෝක බැංකුවේ ඩොලර් මිලියන 100ක (රුපියල් 14669811874.33) ආධාර මේ වෙනුවෙන් ලැබී ඇති අතර ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ඇතිව වසර දෙකක දී මෙම ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ලේකම් කියා සිටියේය.



අදහස් (0)

‘පහත් තැනින් යන ජලයට බාධා එපා‘

ඉසුරන්දි Tuesday, 24 May 2016 12:19 PM

මඩ ඉඩම් ගොඩ කරද්දී ඔහොම වෙනවා තමයි.උදාහරණයකට ගත්තොත් මුතුරාජවෙල ගොඩ කිරීම හේතුවෙන් ජලය බැසයාමට තිබ්බ ප්‍රධානතම මග ඇහිරිලා. (බ)

:       0       0

ඇන්තනි Tuesday, 24 May 2016 01:02 PM

මිගමුව කලපුවේ පමුණුගම සහ සීදුව පැත්තට තිබෙන කඩොලාන සහ වගුරුබිම මුතුරාජවෙල රක්ෂිතයක් . නමුත් පහුගිය රජය කාලයේ එම වගුරුබිම හොරෙන් සහ එළිපිට එලි කර විවිධ ප්‍රදේශ වලින් ගෙනා ජනතාවට ඡන්ද ලබාගැනීමේ අරමුණින් බෙදා දුන්න . මෙය නීතිවිරෝධී වැඩක්. මිගමුව සහ කටුනායක ගුවන්තොටුපොළ ජාඇල සහ ඒ අවට ප්‍රදේශයන් මේ වගේ ගංවතුර අවස්ථාවල බේරිලා තිබෙන්නේ දැනට හරි ඉතුරුවෙලා තිබෙන වගුරුබිමෙනුයි . එය එළිකර ඉඩම් නැති අයට මන්ත්‍රීවරු ඉඩම් දෙන්නේ රට ගැන සහ ජනතාව ගැන ආදරෙන් නෙමෙයි .. මෙය මහා විනාශයක් . වහාම සොයා බලා මෙය නවත්වන්න ජනතාව ඉදිරියට පැමිණිය යුතුයි (බ)

:       0       0

සුපුන් Tuesday, 24 May 2016 01:48 PM

ජලය බසයන වගුරු බිම් අනවසරෙන් ගොඩ කරනන් ගැන දැනුම් දීමට දුරකථන අංක සහ අදාල ආයතනය අපව දැනුවත් කරන්නේ නම් මැනවි (හේ)

:       0       0

විපුල Tuesday, 24 May 2016 04:07 PM

මේවා මේ කාලයට පමණක් කියන කතා. මාසයකින් පසු ගිය පාරෙන්ම යයි. (බ)

:       0       0

සමන්ති Tuesday, 24 May 2016 06:43 PM

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී කුඩා දියපහරවල් ගලායාම බාධා කිරීම හෝ අවහිර කිරීම එක හේතුවක් (ම)

:       0       0

කුලසිරි Wednesday, 25 May 2016 04:07 AM

තමන්ගේ වාසිය වෙනුවෙන් පැරණි මාර්ගවල තිබෙන බෝක්කු පවා ගල් දමා වසා එම ජල මාර්ග අවහිරකර ගොඩනැගිලි සෑදීම සාමාන්‍ය දෙයක් වීම කණගාටුවට කරුණක්. මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලට කෙළින්ම ඉහළ මාර්ගයේ තිබෙන බෝක්කුව දැනට වසර 10 කට පමණ පෙර වසා එම ස්ථානයේ විශාල ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තනා තිබෙනවා. මේවාට මහනගර සභාව මෙන්ම මාර්ග අධිකාරියත් අවසර ලබා දී තිබීම කාලයක් තිස්සේ මෙම මාර්ගය භාවිතා කරන අපට අදහාගත නොහැකි දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site