X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


‘පාස්කුදා ප්‍රහාරය දුරකතනයෙන් දැන්වුවාම ජනපතිතුමාට කතා කරගන්නත් බැරි වුණා‘

(***දසුන් රාජපක්ෂ)

ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා වෙත එවකට හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවට පසුබිම් වූ තොරතුරු දැනුම්දී තිබුණද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවන බව දැනුම් නොදීම  දෝෂ සහගත කරුණක් බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී ඊයේ (30 වැනිදා) රැස්විය.

එහිදී සාක්ෂි ලබා දුන් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා මෙසේද කීය.

1982 ජුලි 26 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස මා සේවයට බැඳුණා. මා පොලිස් විශේෂ කාර්යය බළකායේ ආරම්භක සාමාජිකයකු වශයෙන් 1984 මාස හයක විශේෂ පුහුණුවීමක් ලැබුවා. විදේශීය පුහුණුකරුවන් එහිදී අපට පුහුණුවීම් ලබා දුන්නා. ඉන් අනතුරුව 1984 ඔක්තෝබර් 4 වැනි දා විශේෂ කාර්ය බලකායේ සාමාජිකයකු ලෙස කල්අඩි හමුදා කඳවුරට සම්බන්ධ වුණා.
වසර 8 ක් විශේෂ කාර්යය බළකායේ නිලධාරියකු වශයෙන් සේවය කළා.

රජයේ නීතිඥ:- ඔබ එහිදී මෙහෙයුම් රාජකාරි සිදුකළාද?
සාක්ෂිකරු:- හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස පත්කරනු ලැබුවා. මාගේ නායකත්වයෙන් යුතුව ඉන්දියාවේ සිට එල්.ටී.ටී.ඊ. සංවිධානයට ගෙන ආ ආයුධ තොගයක් මගේ නායකත්වය යටතේ අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

රජයේ නීතිඥ:- ජනාධිපති ආරක්ෂක අංශයේ කොපමණ කාලයක් සිටියාද?
සාක්ෂිකරු:- 1987 වසරේ සිට 2019 දක්වා ජනාධිපති ආරක්ෂක අංශය තුළ විවිධ වකවානුවල සේවය කළා.

රජයේ නීතිඥ:- 2019 වසරේදී ජනාධිපති ආරක්ෂක අංශයේ ඔබ දැරූ තනතුර කුමක්ද?
සාක්ෂිකරු:- ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙසයි මා කටයුතු කළේ.

රජයේ නීතිඥ:- ඔබගේ ප්‍රධානත්වයෙන් බුද්ධි සේවාවන් සමඟ මාසිකව විශේෂ හමුවක් පවත්වනවාද?
සාක්ෂිකරු:- රාජ්‍ය බුද්ධි සේවාවේ සාමාජිකයන්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු මෙරට ක්‍රියාත්මක වන බුද්ධි සේවාවන් සියල්ලේ නිලධාරින් ඒකාබද්ධ කරගෙන මගේ ප්‍රධානත්වයෙන් රටේ තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් පවත්වනවා. විවිධ අංශවල සම්බන්ධව කටයුතු කරන මට අවශ්‍ය යැයි හැඟෙන නිලධාරින් එම හමුවට කැඳවිය හැකියි. ජනාධිපතිවරයා යන එන ගමන්වලදී එතුමාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බුද්ධි තොරතුරු යොදාගෙන මෙම මාසික හමුව පවත්වන්නේ.

රජයේ නීතිඥවරයා:- මෙම හමුවට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්‍ඩලය සම්බන්ධ කරගන්නවාද?
සාක්ෂිකරු:- නැහැ. සමහර අවස්ථාවලදී ගුවන් සහ යුද හමුදා බුද්ධි නිලධාරින් කැඳවා සාමූහික රැස්වීම් පවත්වනවා.

රජයේ නීතිඥ:- මෙම මාසික හමුව සම්බන්ධයෙන් ඔබ සටහනක් තබනවාද?
සාක්ෂිකරු:- මා කරන නිර්දේශ ගැන සටහන් තැබීමක් සිදු කරනවා.

මේ අවස්ථාවේදී බුද්ධි තොරතුරු ඇතුළත් C-741 ලෙස නම් කෙරූ වාර්තාවක් රජයේ නීතිඥවරයා විසින් සාක්ෂිකරු වෙත ඉදිරිපත් කරනු ලැබීය.

රජයේ නීතිඥ:- 2019 ජනවාරි 23 වැනිදා ආරක්ෂක සමාලෝචන රැස්වීමක් පැවැත්වූවාද?
සාක්ෂිකරු:- ඔව්. ආරක්ෂක සමාලෝචන රැස්වීමක් පැවැත්වූවා.

රජයේ නීතිඥ:- එම ආරක්ෂක සමාලෝචන රැස්වීමට සම්බන්ධ වූ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් මුස්ලිම් අන්තවාදය ගැන කරුණු දැක්වීමක් සිදු කළාද?
සාක්ෂිකරු:- ලේඛනගත සටහන්වලට අනුව 2019 ජනවාරි 23 වැනිදා මුස්ලිම් අන්තවාදය ගැන කරුණු සටහන් කිරීමක් සිදුකර නැහැ.

රජයේ නීතිඥ:- එම දිනය වනවිට වව්නතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීම, මාවනැල්ලේදී බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීම සහ වනාතවිල්ලුවේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම සම්බන්ධයෙන් කිසිදු බුද්ධි තොරතුරක් සඳහන් කර නොමැතිද?
සාක්ෂිකරු:- එවැනි තොරතුරු ඇතුළත් කිසිදු බුද්ධි තොරතුරක් ගැන මා සමග සඳහන් කර නැහැ.

රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිදු වූ දින ජනාධිපතිවරයා ලංකාවේ සිටියාද?
සාක්ෂිකරු:- නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවට පෞද්ගලික සංචාරයක් ගොස් තිබුණා. මා ඒ සංචාරයට සම්බන්ධ වුණේ නැහැ. මා සිටියේ ලංකාවේ.

විනිසුරු මණ්ඩලය:- ඔබට ඉදිරිපත් වූ බුද්ධි තොරතුරුවල සහරාන් හෂීම් ගැන තවමත් තොරතුරු තිබේද?
සාක්ෂිකරු:- තොරතුරු පමණක් සඳහන් කර තිබුණත් විශේෂයෙන් ඔහු ගැන මා දැනුම්වත් කර නැහැ.

විනිසුරු මණ්ඩලය:- මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විදෙස්ගත වී සිටින අවස්ථාවේ හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඔබට දුරකතන ඇමතුමක් ලබා දුන්නාද?
සාක්ෂිකරු:- පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වැනිදාට පෙර ඔහු මගේ ජංගම දුරකතනයට දුරකතන ඇමතුමක් ගත් බව මට මතකයි.

විනිසුරු මණ්ඩලය:-  දුරකතන ඇමතුම ලබාගත් නිලන්ත ජයවර්ධන ඔබ සමග මොනවා ද පැවසුවේ?
සාක්ෂිකරු:- ජනාධිපතිවරයා කවදාද සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණෙන්නේ කියා මගෙන් ඇහුවා.

විනිසුරු මණ්ඩලය:- ජනාධිපතිවරයා රටින් පිට සිටින බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ දැනුම්වත් වී සිටියේ නැතිද?
සාක්ෂිකරු:- නිලන්ත ජයවර්ධන මහතා ඒ ගැන දැනගෙන හිටියා.

විනිසුරු මණ්ඩලය:-  ජනාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා සිංගප්පූරුවේ සිටියදී බුද්ධි අංශ මගින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වීමට නියමිත බවට තර්ජිත බුද්ධි තොරතුරු වාර්තාවක් ඔබට ලැබුණේ නැතිද?
සාක්ෂිකරු:- මගේ මතකයේ හැටියට රටේ තත්ත්වය ගැන වාර්තාවක් ලබා ගත්තා. එහි බෝම්බ පිපිරීම් ගැන සඳහන් වී තිබුණේ නෑ.

විනිසුරු මණ්ඩලය:-  ජනාධිපතිවරයා විදේශ සංචාරයක සිටියදී ඔහුව ක්ෂණිකව සම්බන්ධ කරගත හැකි ක්‍රමවේදයක් තිබෙන බව බුද්ධි අංශ ප්‍රධානියා දන්නවාද?
සාක්ෂිකරු:- ඔව්. දන්නවා

විනිසුරු මණ්ඩලය:- පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ඔබ කිසිවක් නොදැන සිටීම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ තදබල දෝෂයක් බව ඔබ දන්නවා නේද? ඇයි ඔබට ඒ ගැන දැන ගැනීමට නොලැබුණේ?
සාක්ෂිකරු:- බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා මට ඒ ගැන දැනුම්දීමක් කළේ නැහැ. නිලන්ත ජයවර්ධන බෝම්බ ප්‍රහාරය ගැන දැනගෙන සිටියා නම් එය මා වෙත දැනුම්දිය යුතුව තිබුණා.

විනිසුරු මණ්ඩලය:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ගැන දැනගද්දී ඔබට මොකද වුණේ.
සාක්ෂිකරු:- මා වික්ෂිප්ත වුණා.

විනිසුරු මණ්ඩලය:- ජනාධිපතිවරයාගේ සිංගප්පූරු සංචාරය මුලින් අවලංගු වී තිබුණා නේද?
සාක්ෂිකරු:- එහෙම සිද්ධියක් වුණා. මුලින් අවලංගු වී නැවත එතුමා ඒ ගමන යෑමට තීරණය කළා.

විනිසුරු මණ්ඩලය:- ඇයි එලෙස වුණේ?
සාක්ෂිකරු:- මා හිතන විදිහට එය එතුමාගේ පෞද්ගලික හේතුවක් විය හැකියි. ඒත් ඊට හේතුව කුමක්දැයි මා දන්නේ නැහැ.

විනිසුරු මණ්ඩලය:- පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන්නේ ඔබද?
සාක්ෂිකරු:- මා තමයි දැනුම් දුන්නේ. එය ඇසූ පසු එතුමා වික්ෂිප්ත වී නිශ්ශබ්දව ටික වේලාවක් හිටියා. සිද්ධිය පිළිබඳ වැඩි විස්තර පසුව පවසන බව මා එතුමාට දැනුම් දුන්නා. තමා ආරක්ෂක ලේකම්වරයා ඇමතිය යුතු බව එතුමා මට කිව්වා.

විනිසුරු මණ්ඩලය:- දකුණු පළාත තුළ දැනට මුස්ලිම් අන්තවාදී ක්‍රියා සිදුවෙනවාද?
සාක්ෂිකරු:- හම්බන්තොට ප්‍රදේශයේ සහරාන් පුහුණු කඳවුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ගාල්ල සහ මාතර මුස්ලිම් ජනයා පැතිරී සිටින නිසා ඒ ප්‍රදේශ ගැන විශේෂ අවධානයෙන් සිටිනවා. මේ ළඟදී දිනක මාතර ප්‍රදේශයේ දේවස්ථානයක් අසල සැකකටයුතු ලෙස සැරිසැරූ මඩකළපුව ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා.

විනිසුරු මණ්ඩලය:-  ඉස්ලාම් ආගමික තරුණයන් මුස්ලිම් අන්තවාදයට නැඹුරුවීමේ ප්‍රවණතාවක් තිබේද?
සාක්ෂිකරු:- අපි නිරන්තරයෙන් සොයාබැලීම් කරනවා. දැනට එලෙස නැහැ.

මෙම සාක්ෂි විමසීමෙන් අනතුරුව ජනාධිපති  කොමිසම හමුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බාබා මාහිල් ඩූල් මහතා සාක්ෂි ලබා දුන්නේය.

මෙම ජනාධිපති කොමිසම අද (1) යළි රැස්වීමට නියමිතය.



අදහස් (3)

‘පාස්කුදා ප්‍රහාරය දුරකතනයෙන් දැන්වුවාම ජනපතිතුමාට කතා කරගන්නත් බැරි වුණා‘

Prabha Wednesday, 01 July 2020 10:24 AM

බලන් ගියාම මේ උසස් පොලිස් නිලධාරීන් ඔබ අපි තරම්වත් දැනුවත් වෙලා නැහැනේ... බලන් ගියාම හිටන්තුමා ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්...

:       0       149

Raveendra Wednesday, 01 July 2020 11:28 AM

ඔව් ඉතින් ඕනෑම කෙනෙකුට තම සිනහව නවත්වා ගන්න බැරි වෙනකොට කතාකර ගන්න බැරි වෙනවා තමයි.. ඕක ඉතින් බාලන්ශයේ ළදරුවෙක් වුණත් දන්නා කාරණයක්නේ..

:       0       84

Mahesh Wednesday, 01 July 2020 12:27 PM

නිකන් විහිලු කතානේ. අනිවාර්යයෙන්ම සිරිසේන මේ ප්‍රහාරය ගැන දැනගෙන හිටියා. එයානේ ආරක්ෂක ඇමති. එයා දන්නේ නැත්නම් කොහොමද සමහර මැතිඇමතිලාගේ සහ එවකට විපක්ෂ නායකතුමාගේ ආරක්ෂක ඒකක දැනගත්තේ. දැන් මොනවා කිව්වත් සිරිසේන ඒගැන පියවරක් නොගෙන උඩ බලන් හිටපු නිසා තමයි මේ විනාශය වුනේ... එක්කෝ මිනිහා ඕන කමින්ම වෙනකන් හිටියා.. නැත්නම් පණ්ඩිතකමට හිටියා.

:       0       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site