X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


‘බැඳුම්කර වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම වුණා’

(ශාන්ත සෙනෙවිරත්න)

‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැටී පනින්න හදනවා. මේ මුල්‍ය වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම සිදුවෙලා තිබෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙසේ කීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

හොරු දෙපැත්තෙම ඉන්නවා අපි මැදිහත්වෙලා හොරකම් කළ පවුල් ගහ බිඳ දැම්මා. දැන් මේක අධිකරණයට ඉදිරිපත් කරලා වැරදි කළ අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. මේ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බොත් තන ඒවා එළියට එන්න පුලුවන්.

මහ බැංකුව ඇතුළට ගිහින් මේ පරීක්ෂණ කරන්න අපට බැරිවුණා. එහෙම කළා නම් තත්තවය තවත් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් නැතිව මෙහෙම වංචාවක් කරන්න බෑ. මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අධිකරණයට ඉදිරියට ගේන්න ඕනෑ.

 



අදහස් (26)

‘බැඳුම්කර වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම වුණා’

gamekolla Friday, 24 January 2020 10:45 AM

මොකද දැන් ආණ්ඩුව පාණ්ඩුව වගේ වෙලා කටේ පිට්ටු...! අලියන්, පොඩි හොරුන්, බුලත් විට කාරයින්, ලොකු හොරුන්...

:       91       165

Dr. Vajira FernandoFriday, 24 January 2020 11:22 AM

ජවිපෙ මන්ත්‍රීවරු හය දෙනා නොහිටින්න මේ ආණ්ඩු දෙකේම කිසිම වංචාවක්, දූෂණයක් ජනතාවට හෙළි වෙන්නේ නැහැ. ඒ දෙගොල්ලන් ඩීල්දාගෙන ලස්සනට මහජන දේපල, සල්ලි කොල්ලකාගෙන යහතින් වැජඹෙනවා. මේ රටේ ජනතාව ජවිපෙට ණය ගැතියි. ඒ ණය ගෙවන්නවත් ඊළඟ මැතිවරණයේදී ජවිපෙට වැඩි ආසන ගණනක් ලබාදෙමු...

:       620       1032

සේනක Friday, 24 January 2020 12:26 PM

රටේ ජනතාව, ජනතා විමුක්ති පෙරමුණට ණය ගැති වෙන්නේ 88,89 වකවානුවේදී තමන්ගේ දෙමාපියන් දරුවන් අමුඅමුවේ මරලා දැමීමටද? අනේ නිකම් ඉන්න මහත්තයෝ, තමුන්නාන්සේලාට මුල අමතක වුණාට රටේ ඉන්න ජනතාව දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කවුද කියලා... එදා අවුරුදු 30ක් යුද්ධයක් තියලත්, නැති වුණේ නැති රාජ්‍ය දේපල ප්‍රමාණයක්, ජීවිත ප්‍රමාණයක්.. මේ අපතයින් ටික අවුරුදු දෙකක් ඇතුළත නැත්තටම නැති කළා. අද විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලබන්නට එන අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට නවක වදය දෙන්නේ කවුද, ඇයි අද විශ්ව විද්‍යාලයට එන ළමයින් හෙට විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය අතහැරලා පැත්තකට වෙලා ඉන්නේ? ඕකටද රටේ ජනතාව, ජනතා විමුක්ති පෙරමුණට ණය ගැති වෙන්නේ?

:       1831       1353

Sanath KandySaturday, 25 January 2020 05:08 AM

සේනකලාට අමතක වුණාට එදා ජවිපෙ සටන් කලෙත් ඉන්දියාවට රට පාවා දුන් ගිවිසුමට විරුද්ධව. ඔය කියන දේපල හානි එක LTTE බෝම්බෙකින් වුණු හානියටත් අඩුයි. ඊට වඩා දහස් ගුණයක් වටිනා දේපල මේ පාලකයින් දෙගොල්ලන් පහුගිය කාලේ හොරකම් කළා.

:       0       48

cnnFriday, 24 January 2020 12:00 PM

වර්තමාන රජයේ අගමැතිවරයාගේ උපදේශකයෙක් මේවට වගකිවයුතු බව කියවේ. ඔහුගේ පවුලේ අයත් රටේ ජනතාවගේ මුදල් දූෂිත ලෙස සොරකම් කරගෙන අැතිබව පෙනේ. මේ රජය පත්කිරීමට දූෂිතයන් සහ කුඩු මාෆියාවන් සහ සමාජ මාධ්‍ය තුළින් රටේ සදාචාරය සංස්කෘතිය විනාශ කල පුද්ගලයන් මුල් වී තිබේ. මේ සියල්ල සිදුවන්නේ බුදුන් තුන්වරක් වැඩිය රටකදෝ කියා සිතාගන්නට බැරිය. එයට හේතුව නම් මේ සියල්ල සිදුවෙද්දී මහානායක හිමිවරු කතා නැත.

:       74       320

tharuFriday, 24 January 2020 06:57 PM

බුදුන්ගේ කාලයේත් හොරු හිටියා. අනික බුදුන් 3 වරක් ලංකාවට ආවා කියලා හොරු හොරකම් නොකර ඉඳීවිද...? මහනායකවරු ගැන කතා නොකර ඉමු. රන්ජාගේ හඬ පටිවල තියෙනවානේ ඒ ගොල්ලන්ගේ වැඩ කිඩ...

:       0       1

Rata Perata Friday, 24 January 2020 10:51 AM

දැන් බලමු ගිය ආණ්ඩුවේ බඳුම්කරේ විකුණපු අය මොකද කියන්නේ කියලා...

:       13       138

රතු අලි පැටව් Friday, 24 January 2020 10:51 AM

හඳුන්නෙත්ති කලේ රනිල්ගේ වංචා යට ගැසීමයි.

:       1030       855

Hafeel Friday, 24 January 2020 12:06 PM

ඔබගේ අදහස් කිසිම පදනමක් නැහැ. මහබැංකු වංචා මෙහෙම හරි හෙලිවුණෙත් සුනිල් හඳුන්නෙත්ති නිසා. ජවිපෙ එකට ඡන්ද නොදෙන පිරිසුත් පිළිගන්නවා. ජවිපෙ එකේ මන්ත්‍රීලාව මුදලට ගන්න බැරි බව. අද කව්රුත් දන්නවා රනිල්, රවීව ආරක්ෂා කරන්නේ රාජපක්ෂලා සහ රාජපක්ෂලාව ආරක්ෂා කරන්නේ රනිල් බව. වත්මන් රාජපක්ෂ රජයට කොන්දක් තියනවා නම්, හාල්මැස්සන් නැතුව, රනිල්, රවී, කබීර්, මලික්ලාට එරෙහිව නීතිමය පියවර ගන්න කියලා...

:       461       728

සෙනෙවිරත්න Friday, 24 January 2020 07:38 PM

පිස්සු කතා කියන්න එපා මහත්තයෝ.. හිතේ අමාරුවට ඒ මිනිස්සුන්ට අවලාද නොකිය ඉන්න. තමුන්ගේ ලොක්කන්ට කියන්න මේ කියන්නේ බොරු නම් රංජ වගේ කුදලාගෙන යන්න කියලා...

:       0       1

GarasarapaSaturday, 25 January 2020 01:42 AM

රනිල්ගේ කාලේ මහේන්ද්‍රන්ගේ බෑනගේ කම්පැනිය දූෂිත ලෙස අධික ලාභ ලැබුවා. මහින්දගේ කාලේ කබ්‍රාල්ගේ බෑණාගේ කොම්පැණිය මොකක්ද කියලා මේ වාර්තාවේ නැද්ද? එහෙම නම් ඔය පොහොට්ටුවට ඡන්ද කරන්න සල්ලි එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න පුලුවන් නේද?

:       0       58

api rathu newi kola Friday, 24 January 2020 11:19 AM

අලියා බලේ හිටියා නම් බැඳුම්කර වංචාවක් වුණේ නැහැ කියනවා නේද? හම්බන්තොට විකුණපු දවස්වල කසාය බීපු ගොලුවන් වගේ ඉඳලා, ගාලු මුවදොර බදු දුන්නු එකට මේ ලඟකදී කට ඇරලා තිබුණා..

:       381       353

Garasarapa Friday, 24 January 2020 11:27 AM

මට තියන ප්‍රශ්නය කබ්‍රාල්ගේ බෑණා කවුද? එයාගේ කොම්පැණිය මොකක්ද කියලා.

:       2       26

සමන්ත Sunday, 26 January 2020 03:55 AM

"වෝහාරික විගණන වාර්තාවේ බැඳුම්කර සම්බන්ධ පවුල් ගහ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදුකොට තිබෙනවා. කබ්රාල් මහතා අධිපති ධුරය දරන කාලයේ ‘පර්පෙචුවල් හෝල්ඩින්’ සමාගමේ අධ්‍යක්ෂ ධුරයේ ඔහුගේ නැගණිය වන ශිරෝමී වික්‍රමසිංහ කටයුතු කොට තිබෙනවා. ඒ වගේම ඔහුගේ මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර බලකාන්ත තම්බයියා, ඥාතියෙකු වන නිහාල් පොන්සේකා, අමල් කබ්රාල් සහ ලේලියක වන ශිභානී රේණුකා තම්බයියා යන පුද්ගලයන් අධ්‍යක්ෂ ධුරවල කටයුතු කොට තිබෙනවා. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිත්වය දරන කාලය තුළ පර්පෙචුවල් සමාගමේ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් කටයුතු කර තිබෙනවා. අර්ජුන් ඇලෝසියස්ලා තමයි බොන්ඩ් කිංග්ලා (බැඳුම්කර රජුන්) ලෙස නම් දරා තිබෙන්නේ... අජිත් කබ්රාල්ගේ කාලයේත්, අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ කාලයේත් බොන්ඩ් කිංග්ලා වුණේ අර්ජුන් ඇලෝසියස්."..

:       0       1

රවින් Friday, 24 January 2020 11:45 AM

බැඳුම්කර වංචා අද ඊයේ වුණු දේවල් නොවෙයි. නමුත් ඔක්කොම දේශපාලුවෝ ටික කොලේ වහගෙන ගේම ගෙනගියා. එකෝමත් එකරටක මහා බැංකු අධිපති විශ්‍රාම ගියපසු මහා බැංකුව ඉදිරිපිට ඇති ගොඩනැගිල්ල මිලදී ගැනීමට පවා පොහොසත් වුණා. ඔය ඔක්කොම කට්ටිය නොදන්නා වගේ සාක්කුව පුරවාගත්තු එක තමයි කලේ.

:       46       258

කපුරුහාමි Friday, 24 January 2020 12:49 PM

ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්නේ හොරුන්, දූෂිතයන් කියලා අපි නොදන්නවා නෙවෙයි. මෝඩ වහල්ලු ඉන්නකම් කුමක් කරම්ද?

:       107       278

සෙනෙවිරත්න Friday, 24 January 2020 07:40 PM

මේකෙ අදහස් දමන අය තම හිතට විරුද්ධව අවලාද නගයි. දැන් 3% පමණක් නිවැරදි බව ඔවුන් හොඳින් අවබෝධ කර ඇත.

:       0       1

rasika Friday, 24 January 2020 11:41 PM

දැන් හරි අන්තිම තුරුම්පුවත් ඇද්දා හඳුන්නෙත්ති.. රනිල් හාමුව ගලවා ගන්න. දැන් ඉතින් UNP එක කරපු බැඳුම්කර මගඩිය අල්ලනවා බොරු.. පවතින ආණ්ඩුව පිට එක දැම්මම, මේ ආණ්ඩුවෙන් උනන්දුවක් තියේවිද බැඳුම්කරේ ගැන හොයන්න. මොහුට කරන්න තිබුනේ, පහුගිය ආණ්ඩුවෙන් වුණු හොරකම්වලට දඬුවම් දෙන්න බලකරන්න. එතකොට එක පැත්තක හරි ඉන්න හොරුන්ව අහුවෙනවා. අනෙක් ආණ්ඩුව අාවහම මේකේ හොරු අල්ලන්න බල කරන්න ඕනේ. අර්ජුන් මහේන්ද්‍රන් මේකට කෙලින්ම සම්බන්ධ වගේම රනිල් දැනුවත්ව වුණා කියලා හිතන්න ගොඩක් සාක්ෂි තියෙනවා. එ් නිසා මුලින්ම ඔප්පුවෙලා තියෙන එකට දඬුවම් දීලා ඉන්න. රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වා රනිල්, අර්ජුන් අැලෝසියස් ගැන වගකීම බාරගන්නවා කියලා. ඔහු හොරෙක් නෙමේ නම්, තමන්ගේ යාළුවගේ ආණ්ඩුව තියෙද්දීවත් අැයි ලංකාවට අාවේ නැත්තේ..?

:       2       30

shanakaSunday, 26 January 2020 05:09 AM

අන්තිම තුරුම්පු, පළවෙනි තුරුම්පු ඕනේ නැහැනේ.. මේ ආණ්ඩුව අාවේම බැඳුම්කරේ සහ පාස්කු ප්‍රහාරයේ වැරදිකාරයින්ට දඬුවම් දෙනවා කියාගෙන නේද? පහුගිය කලේ වුණු බැඳුම්කර ගනුදෙණුවට වෙනම නඩුවක් තියෙනවා. එ්කෙන් රනිල්ට දඬුවම් කරන්න පුළුවන් නියම ඩීල්කාරයන් හඳුනා ගන්න, බොරු කියන්න යන්න එපා... හෙනගහයි.

:       0       1

ranjith Saturday, 25 January 2020 01:42 AM

දැන් මේ ගැන කියෙව්වා ඇති.. බලධාරීන් නඩු දාලා මේ අයට දඬුවම් දෙන්න බලන්නේ නෑ. දඬුවම් දීලා මදි... මේ මුදල් මේ හොරුන්ගෙන් අය කරගත යුතුය. ජනතාව එකතුවෙලා නඩුමගට බහිමු. රටෙන් පැනපු එක හොයන්න බැරිනම් එයාව හොයාගන්නකම් අනික් අයට එරෙහිව කටයුතු කරන්න බැරිද? මේ ගැන කතාකරපු පණ්ඩිතයින් මේක මගහරින්න උපක්‍රම හොයනවා...

:       0       2

Shantha Saturday, 25 January 2020 01:59 AM

සිරිකොතේ රෙදි අපුල්ලන වෙලාවෙයි, ඒ අලි ආණ්ඩුවට මුක්කු ගහන කොටයි තමයි... ඕක තේරුන් නැද්ද බොල?

:       2       14

ajith Saturday, 25 January 2020 04:57 AM

ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් කියකියා මෙච්චර කාලයක් හොරු පස්සේ එලවාගෙන ගිහින් තියෙන්නෙත් කම්බ හොරු රැලක්නේ..

:       0       2

ajanahitha Saturday, 25 January 2020 05:17 AM

පහුගිය ආණ්ඩුව පත් කරන්න මුල් වුනේ මේ උන්දැලානේ... ඒකනිසා කෙලින්ම ප්‍රකශ කරන්න අමරුයි වගේ... යහපාලනයක් ගැන කියා අපේ ඡන්දෙ අරන් බැංකුව මංකොල්ල කෑවා.. ඔහෙලත් වග කියන්න ඕනෑ.. අනෙක් කට්ටිය ආවේ යහපාලනයට නොවේනේ.. ඒක නිසා ඒ ගොල්ලන් ජනතාවට, රටට බර අඩුකරලා කොල්ල කාලා තියෙනවා කියන්න.

:       2       4

sameera Saturday, 25 January 2020 10:57 AM

මහ බැංකු බැඳුම්කර පාඩුව මහින්ද යුගයේ රු.මි. 10470 ක් වන අතර රනිල් යුගයේ රු.මි. 689 ක් බව ‌කෝප් කමිටුව මගින් කළ ‌වෝ්හාරික විගණන වාර්තාව මගින් ‌හෙළි වී තිබේ. රනිල් යුගයේ මිලියන 689 ට පර්පෙචුවල් සමාගමේ රු. මිලියන 1200 ක් දැනට මහ බැංකුව රඳවාගෙන තිබේ.

:       10       1

singapuli Saturday, 25 January 2020 11:44 AM

ලැජ්ජාවේ පක්ෂය ජවිපෙ...

:       8       24

Bamunuarachchi Monday, 27 January 2020 05:12 PM

ඔය ගනුදෙනු සිද්ද වෙන්න බැංකු නිලධාරීන් සහ අදාළ බැඳුම්කර ඉදිරිපත් කරන ආයතන අතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site