X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා ‘

( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලියු. හියබට් ප‍්‍රනාන්දු)
 
නීති විරෝධි අන්දමින් මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවේ  සංක‍්‍රමණය වීමට උත්සාහ දැරීමෙන් සිදුවිය හැකි විපත් හා දිගු කාලීන ප‍්‍රතිවිපාක ගැන අනතුරු ඇගවීමේ ප‍්‍රයන්තයට එක්වන ලෙස  ඕස්ට්‍රේලියාවේ ස්වෛරී දේශ සීමා ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරි මේජර් ජනරාල් කේ‍්‍රග් ෆුරිනි මහතා අද( 3)  මීගමුව පිටිපන ධීවර තටාංගනයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය
 
ෆුරිනි මහතා මේ ඉල්ලීම කළේ අද (3) පෙරවරුවේ ධීවර තටාංගනයේ චාරිකාවක යෙදී නිරීක්ෂණය කිරීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
 
ෆුරිනි මහතා මෙසේද පැවසීය.
 
2013 වසරේ සැප්තැම්බර් මාසයේදී තම රජය ශ්‍රී ලංකාව හා එක්ව ස්වෛරී දේශ සීමා වැඩ සටහන ආරම්භ කිරීමෙන් පසු  මිනිස් ජාවාරමේ යෙදුනු බෝට්ටු දොළහක පුද්ගලයන් 204  දෙනෙකු  ඕස්ටෙ‍්‍රලියාවට ඇතුලූවීමට ඉඩ නොදී සාර්ථක ලෙෂ  හරවා එවා තියෙනවා. 
 
ඵලදායී සම්බන්ධතා පවත්වමින් දෙපාර්ශවය එක්ව මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කරනවා. එසේම මිනිස් ජාවාරම්වලට හසුවිය හැකි පුද්ගලයන් දැනු්ම්වත් කිරීමටත් මිනිසුන් මුහුදේදී මියයාම වැලැක්වීමටත් කටයුතු කර තියෙනවා.  ඕස්ටෙ‍්‍රලියානු බලධාරීන් පසුගිය මාසයේදී සංක‍්‍රමණිකයන් 11 ක් රැගත් යාත‍්‍රාවක් අත්අඩංගුවට ගෙන ආපසු ශී‍්‍ර ලංකාවට හරවා එව්වා. එම පුද්ගලයින් ලක් රජයට බාරදී පරීක්ෂණ පැවැත්වෙනවා.
 
අපේ රටේ දැඩි දේශ සීමා ආරක්ෂණ ප‍්‍රතිපත්තිවලින් අදහස් වන්නේ නීතියට පිටින් බෝට්ටුවෙන් ගමන් කරන කිසිවෙකුට  ඕස්ටෙ‍්‍රලියාවේ ජීවත්වීමට හෝ සේවය කිරීමට අවස්ථාව නොලැබෙන බවයි. මෙසේ කිරීමෙන් නිත්‍යානුක-ලව සංක‍්‍රමණය විමේ අවස්ථාවද අහිමි වෙනවා.
 
ඒ නිසා මේ සම්බනධව ජනතාව දැනම්වත් කිරීමට මාධ්‍ය මගින් වෙළෙධ දැන්වීම් ඔසසේ පියවර අරගෙන තියෙනවා. මෙම ප‍්‍රචාරක වැඩ පිලිවෙළ  යටතේ චිත‍්‍රපට උළෙලක් සංවිධානය කිරීමට අදහස් කරනවා. ඒ සදහා ලංකික නිෂ්පාදකයන්ටද අවසථාව ලැබෙනවා.
 
නීති විරෝධි මුහුදු චාරිකා යනු සිය ජීවිත පරදුවට තබැබීමට හෝ මුදල් නරපරාදේ නාස්ති කිරීමට තරම් වටිනා දෙයක් නොවෙයි. ඒ බව ශ‍්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට තේරුම් කිරිමට අප ගන්නා උත්සාහය නතර කරන්නේ නැහැ.
 
මේ අවස්ථාවට ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඬේවිට් හොලි, ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ මෙහෙයම් අධ්‍යක්ෂ ජනරාල් රියාද් අද්මිරාල් එන්.පී.එස්. ආටිගල යන මහත්වරුන් ඇතුලූ  පිරිසක් එක්ව සිටියහ.



අදහස් (2)

‘බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා ‘

sunil Tuesday, 03 September 2019 10:54 AM

අද මිනිසුන් මොනයම් මාර්ගයකින් හෝ රටින් පැනයාමට උත්සාහ කරන්නේ.. තවදුරටත් ලංකාවේ ජීවත්ව සිට දියුණුවක් විය නොහැකි යන බලාපොරුත්තු සුන්වීම නිසයි. සැමටම සියලු සුදුසුකම් සපුරා වීසා ගාස්තු ගෙවා ඕස්ට්‍රේලියාව වැනි රටකට ඇතුල් විය නොහැක. බොහෝ ලාංකිකයින් පිටරටවලදී ඉතා මහන්සියෙන් වැඩකර ජීවත්වෙන බව මා දැක තිබේ. එබැවින්, මේ දුෂ්කර මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන අය එම රටට වැඩදායී පුද්ගලයින් විය හැකියි.

:       0       0

sunil Tuesday, 03 September 2019 10:54 AM

අද මිනිසුන් මොනයම් මාර්ගයකින් හෝ රටින් පැනයාමට උත්සාහ කරන්නේ, තවදුරටත් ලංකාවේ ජීවත්ව සිට දිව්නුවක් විය නොහැකි යන බලාපොරුත්තු සුන්වීම නිසයි. සැමටම සියලු සුදුසුකම් සපුරා විසා ගාස්තු ගෙවා ඔස්ට්‍රේලියාව වැනි රටකට ඇතුල් විය නොහැක. බොහෝ ලාංකිකයින් පිට රටවලදී ඉතා මහන්සියෙන් වැඩකර ජීවත්වෙන බව මා දැක තිබේ. එබැවින්, මේ දුෂ්කර මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන අය එම රටට වැඩදායී පුද්ගලයින් විය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site