X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘මාධ්‍ය වාරණය කරන්නේ නෑ’

(ඩයනා උදයංගනී)

         

මාධ්‍ය වෙත ලබා දී ඇති නිදහස අඩු කරමින් වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය වාරණයට වත්මන් රජය කිසි ලෙසකින්වත් උත්සාහ නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

වර්තමානයේදී අසත්‍ය ප‍්‍රවෘත්ති පළවීම විශාල අභියෝගයක් වී ඇති බව කී අමාත්‍යවරයා ඒවා වැළැක්වීමට නම් කළ යුත්තේ මාධ්‍ය වාරණය නොව ජනමාධ්‍ය නිවැරදිව භාවිතා කරන අය අගය කිරීම බව ද සඳහන් කළේය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්තිය අසත්‍ය නම් හිටපු ජනාධිපතිවරයා කළ යුත්තේ එයට එරෙහිව නඩු පැවරීම මිස මෙරට මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හෝ චීනයෙන් චරිත සහතික ලබාගැනීම නොවන බව ද අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.

තමාට මෙවැන්නක් වූයේ නම් වැයවන මුදල් ගැන නොසිතා එම පුවත්පතට එරෙහි ක‍්‍රියාමාර්ග ගෙන තම නාමය ආරක්‍ෂා කරගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශය සංවිධානය කරන ‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018’ හඳුන්වාදීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේදී අද (6) පැවති උත්සවයක් අමතමිනි.

 



අදහස් (3)

‘මාධ්‍ය වාරණය කරන්නේ නෑ’

C.K.Lankaputhra Friday, 06 July 2018 02:31 PM

එතකොට ලංකා ඊ නිව්ස් වාරණය ගැන කතා කරන එක හරිද ඇමැතිතුමෝ?

:       0       110

Bamunuarachchi Friday, 06 July 2018 05:45 PM

කරලා බලන්න ෙකා්...

:       0       11

nishantha Saturday, 07 July 2018 04:06 AM

ලංකා ඊ නිවුස් වාරණය කළේ කවුද? අපිද? කරුණාකර වාරණය ඉවත් කරලා ඉන් පස්සේ මාධ්‍ය නිදහස ගැන දේශනා තියන්න.

:       0       231

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site