හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් අමතන්නැයි එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හම්බන්තොට වරාය, චීන ණය සහ චීනයේ ‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපියක් පසුගිය ජූනි 26 වැනිදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවිය.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බවට චෝදනා කරමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මෑන් එම නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ.
මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත අනුමත කළ නොහැක. මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ලැදියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත.
ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න”.
055
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘මාධ්‍යවේදීන්ට තර්ජන එපා’ යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් නිවේදනයක්
Prasanna Tuesday, 03 July 2018 09:49 AM
ඔන්න කොට්ටෝරුවෝ ටික කෙසෙල් ගහට කොටලා හොට පටලවා ගත්තා. දැන් දෙන්න උත්තර.
ධනුෂ්කTuesday, 03 July 2018 03:19 PM
මහින්ද මහත්තයා කියනවා.නිව්යෝක් ටයිම්ස් පුවත විකාශය කල මෙරට මාධ්‍ය අායතන වලට විරුද්ධව නඩු දානවලු. ගිනි තියන්නයි වෙඩි තියනයි බැරි හින්දා වෙන්නැති.කපන්න බැරි අත සිඹිනවා.
senaka Tuesday, 03 July 2018 10:02 AM
දැන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තැත් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාව මෙයට පුද්ගලිකව ඈඳාගෙන තමන්ගේ පුවත්පත් යාන් හෑල්ල දික් කර ගැනීමයි. මහින්ද රාජපක්ෂ මහතා මේ උගුලට අසු නොවේ යයි සිතමි.
මයිකල් Tuesday, 03 July 2018 10:19 AM
ආණ්ඩු නොකරත් එහෙමද? ආණ්ඩු කළොත් කොහොමද?
Mahee Tuesday, 03 July 2018 10:31 AM
මේ මේ නිව් යෝක් ටයිම්ස්, එහෙම කොන්දක් නැති හින්දනේ අපි අපේ එවුන්ට තර්ජනය කරන්නේ. ඕව ගණන් ගන්න එපා, හරිය?
Asanka Tuesday, 03 July 2018 11:08 AM
ලංකාවේ මාධ්‍යවේදීන්ට දාපු කෙරුම් වෙන රටවල බැහැ..................
ලසන්ත Tuesday, 03 July 2018 11:21 AM
ගෙදර බිත්තියේ මුවහමට තඩිබාන අපේ වීරයන්ට ඒ වගේ දේවල් පුරුදු නෑ, ගැම්මකුත් නෑ.
Bamunuarachchi Tuesday, 03 July 2018 11:46 AM
මහින්ද මහතා වැඩ දිග්ගස්සගන්නේ නැතුව මාස 18 ඉවසන්න.
mahinda Tuesday, 03 July 2018 12:05 PM
රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ හොර නඩය හිතාගෙන ඉන්නේ ලොකයේ තිබෙන සියලු මාධ්‍යයන් එයාලගේ තර්ජන හමුවේ නිහඬවෙයි කියලා. මේ ප්‍රකාශයත් සමග පැහැදිලි වෙනවා බලය ඇති කාලයේ මොවුන්ගේ හැසිරීම කොහොම වෙන්නට ඇත්ද කියලා. කෝ දැන් අර යවනවා කියපු එන්තර වාසිය...
ඇසළTuesday, 03 July 2018 02:14 PM
මෙහෙම ලිව්වොත් නරකද? රනිල් ඇතුළු මහබැංකු හොර නඩය හිතාගෙන ඉන්නේ ලොකයේ තිබෙන සියලු මාධ්‍යයන් එයාලගේ කියලා ගාණක් දීලා මේ වගේ ප්‍රවෘත්තියක් දාගත්තම...
nishaTuesday, 03 July 2018 05:22 PM
හොරු අනෙත් අය හොරු කීම සාමාන්‍ය දෙයක්
shan saudi Tuesday, 03 July 2018 12:13 PM
මෙයාලා නිර්දොෂ නම් මොකටද ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්නේ... එ්කෙන් හොඳටම පැහැදිලියි මහින්ද මේ ආයතනයෙන් මුදල් ලබා ගත්තා කියලා... දැන් ආයේ අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ.
Hilmy Tuesday, 03 July 2018 12:22 PM
අපේ අයගේ දිව කෙළිනුත් නෑ... කොන්ද කෙලිනුත් නෑ පීචන් !!!
යථාවාදී Tuesday, 03 July 2018 01:11 PM
විවේචනය කල පමණින් තර්ජනයක් වෙනවනම් නිව්යෝර්ක් ටයිම් කර තිබෙන්නෙත් දැවැන්ත තර්ජනයක්. විවේචනයක්. ඔවුන් නිවැරදි සාක්ෂි ඉදිරිපත් කල යුතුයි. මාධ්‍යවේදීන් දෙදෙනා මංගල සමරවීර සමඟ සම්බන්ධයක් ඇත්නම් සියල්ලටම පෙර නිව්යෝර්ක් ටයිම් සංස්කාරක වරුන් තමන්ට ලැබෙන තොරතුරු වල වලංගු බව සොයා බැලිය යුතුයි.
අචලා Tuesday, 03 July 2018 01:52 PM
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියන්නේ ලිබරල්වාදී පත්තරයක්... ලංකාවේ ආණ්ඩුවත් ඒ වගේම තමයි. මංගල සමරවීර, රනිල් කියන්නේ දැඩි ලිබරල්වාදීන්. නූතන ලිබරල්වාදය කියන්නේ හරියට කොමියුනිස්ට්වාදය වගේ වෙනම ව්‍යාපාරයක්... වියට්නාමයේ යුද්ධය දවස් වල සෝවියට් රුසියාවෙන් එහෙට ආයුධ දුන්නා වගේ, ලිබරල් ආණ්ඩුවලට බටහිර ලිබරල් රජයන් සහ ආයතනවලින් උදව් කරනවා. ලිබරල් ප්‍රතිපත්ති වල යම් හොඳක් තිබුණත්, බාගෙට බාගයක් ඒවා සමාජ විරෝධියි. ඒ වගේම ගොඩක් මිනිස්සුන්ට හානිකරයි. මේක නිසාම තමයි ඕල්ඩ් රයිට්ස් හෙවත් වෛකල්පිත දක්ෂිණ මතවාදී ව්‍යාපාරය බිහිවූ එක ලිබරල්වාදයේත්, ගතානුගතිකත්වයේත් අතරමැද පිහිටි බොහොම හොඳ ව්‍යාපාරයක්...
sas Tuesday, 03 July 2018 01:56 PM
මහින්ද සල්ලි ගත්තේ නැත්නම් ඔච්චර දඟලන්නේ මොකද? මාධ්‍යවේදීන්ට තර්ජනය කරන්නේ මොකද? මිනිසා සල්ලි අරගෙන ඇති...
gunarathna Tuesday, 03 July 2018 01:58 PM
තමුන්ගේ රටේ ජනාධිපති මොකක්ද කීවේ මේ පත්තරේ ගැන. බොරු නිව්ස් දාන පුවත් පතක් කියලා කිව්වේ... එතකොට කටවහගෙන හිටපු අය සිංහයින් වගේ.. කතා කරන්නේ මේ රටේ ඉන්න දේශපාලකයන් නිසා...
Nuwan Tuesday, 03 July 2018 03:04 PM
ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ මේ පත්තරේ දාන්නේ බොරු කියලා. එය කිව්වේ කෙලින්ම මාධ්‍යවේදීන්ට.
Sunil Wednesday, 04 July 2018 06:42 AM
ඇමෙරිකන් ජනතාව සහ මාධ්‍ය ට්‍රම්ප් කියන ඒවා දේව වාක්‍ය හැටියට සලකන්නෙ නැහැ..