X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘විනය ක්‍රියා මාර්ග ගන්නා බව එජාපයෙන් දැනුම් දී නැහැ‘

(නිමල කොඩිතුවක්කු)
තමන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ.

විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවට දැනුම්  දීමක් සිදු කළහොත් ඒ සදහා උත්තරයක් දීමට තමන් සූදානමින් සිටින බවත්  උන්වහන්සේ සදහන් කළහ.

රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී  අද(01) පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින් අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අතුරලියේ රතන හිමියන්ට සහ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය පරීකෂණයක් ආරම්භ කර ඇති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පසුගියදා පැවැසීය.

(ඡායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක) 



අදහස් (12)

‘විනය ක්‍රියා මාර්ග ගන්නා බව එජාපයෙන් දැනුම් දී නැහැ‘

sirimal Sunday, 01 September 2019 10:22 AM

ලජ්ජා නැද්ද ඔය වගේ කාලෙන් කාලෙට එක එක පක්ෂවලට ගිහින් රටට හරි තමන්ට හරි තඹ සතේක වැඩක් නැති ප්‍රකාශ කර කර කාලේ කන්න.

:       137       305

ආන්ජලො නුගාරා Sunday, 01 September 2019 10:27 AM

සියලු දේ පමා වෙලා කරන්නෙ. මේ අාණ්ඩුවේ නායකයො ගොඩයි.නව සන්ධානයත් නායකත්ව මණ්ඩලයක් .

:       1       13

රංග Sunday, 01 September 2019 02:09 PM

එජාපයේ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් එජාපයට බැන බැන ඉන්නේ නැතිව අයින් වෙලා යන්නකෝ... අප්‍රසන්නයි මේ වගේ මුහුණු දකිද්දීත්.

:       0       144

AnuruddaMonday, 02 September 2019 02:19 AM

ඔබගේ කතාව සහතික ඇත්ත.

:       0       1

Jaya Sunday, 01 September 2019 02:15 PM

තමන් පිළිබඳව පමණට වඩා අධි තක්සේරුවකින් කටයුතු කළ අයට අත්වූ ඉරණම ඉතිහාසය විසින් පමණක් නොව අනාගතය විසින්ද සාක්ෂි දරනු ඇත.

:       0       32

Aris Sunday, 01 September 2019 03:58 PM

සංඝ විනයට මුල්තැන දීලා ඉල්ලා අස්වුණා නම් වැදගත්...

:       0       15

Saman Sunday, 01 September 2019 05:07 PM

අර පැලෝපීය නාලවල තත්වය කොහොමද දැන් ? කීප දෙනෙක් ගැබ් අරගෙන කියනව නේද ? ඔහේ සත්‍යක්‍රියාවක්වත් කලැයි ?

:       0       2

Chanak los angeles Monday, 02 September 2019 05:53 AM

බුදුන් වහන්සේ බික්ෂුන්ට පනවා ඇති 227 ක් වූ ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් කීයක් රකිනවාද ?

:       0       2

Rata Perata Monday, 02 September 2019 06:23 AM

දැනුම් දෙනකම් ඉන්න ඕන නැනේ. පක්ෂේ ඉඳගෙන බලුවැඩ කරන එක සාසනේ ඉඳගෙන සාසනේ නැතිකරනවා වගේ වැඩක්. කරන කෙනෙක්ට කරගන්න දීලා, ඔය පින් මන්ත්‍රීකම දීලා යන්න.

:       0       21

kamal Monday, 02 September 2019 08:01 AM

ගිහියන් සඟුන් විනයේ පිහිටුවයි? මම හිතන්නේ මට අංගොඩ යන්න කාලේ හරි.

:       1       0

nimal Monday, 02 September 2019 08:34 AM

බුද්ධ ශාසනයට මේ සංඝයා වහන්සේ මේ දක්වා කරපු සේවය දකින කොට මේ වහන්සේ නම් රහතුන් වහන්සේ කෙනෙක් කියලයි මට හිතෙන්නේ...

:       0       0

ranjith Tuesday, 03 September 2019 12:03 AM

වාසි පැත්තට පැන පැන හැමදාම පාර්ලිමේන්තු ඉන්න උස්සහයක් නේද කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site