X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘‘ආණ්ඩුව බලයට එනවිට කී සුරංගනා කතා දැන් නෑ‘‘

(ජයන්ත සමරකෝන්)

ඉන්දියාවට ගොස් ණය කාලය අඩුකරගැනීමට හිඟමන් යදින අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ණය සීමාව වැඩිකරගන්නට උදව් ඉල්ලන්නේ බුදුසරණයි කියාගෙන ලොරියක හොර හරක් පටවාගෙන යන ජාවාරමක් වාගේ යැයි මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා අද (23) පැවසීය.

ආණ්ඩුව බලයට එනවිට කී සුරංගනා කතා දැන් නැතැයිද ජනතාවට පාන් කියා ගන්නටත් බැරි යැයිද පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ඉන්දියානේ ලූණූ අස්වැන්න එනකන් ජනතාව බලා ඉන්නවා යැයි අගමැතිවරයා පවසන්නේ මෝදිට ඡන්දය දෙන්න දැයි ප්‍රශ්න කළේය.

එදා ඉන්ධන මිල සූත්‍රයට හිනා වූ ආණ්ඩුව දැන් ලෝක ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබානොදී බෙරුව වපුරවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සියල්ල හංගා කරන ආණ්ඩුව ජල විදුලිය කපන්නේ හොර රහසේ බවද බදු අඩු කළේ බඩු මිල අඩුකිරීමට යැයි කීවද බඩු මිල අහස උසට නැග ඇති අවස්ථාවක එහි වාසිය ගොස් ඇත්තේ කාටදැයි නොදන්නා බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට මේ වේලාවේ කිසිදු ණයක් ගැනීමට අවශ්‍ය නැතැයිද කොන්ත්‍රාත් ඇතුළු සියලු ගෙවීම් සඳහා ලබන අප්‍රේල් දක්වා මුදල් වෙන්කර තිබූ බවද මන්ත්‍රීවරයා කීවේය.

අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කර ණය සීමාව වැඩිකර දෙන ලෙසට ඉල්ලා ආණ්ඩුව ගෝල්ෆේස් අවට ඉඩමක් විකුණා ඇතැයිද පස් ගල් වැලි පමණක් නොව ගස් කැපීමද ගජරාමෙට සිදුකරමින් මුදල් හම්බකරන්න ඉඩදී ඇතැයි කී මන්ත්‍රීවරයා අලි ගම්වැදීම වළක්වන්නට ගස් කපා දැමීමට උපදෙස් දී ඇතැයි සඳහන් කළේය.

රැකියා ලක්ෂයේ වැඩසටහන ගැන පම්පෝරි ගහන ආණ්ඩුව එහි වගකීම ග්‍රාම සේවා නිලධාරීන්ට පවරා රාජ්‍ය සේවකයින් දඩු අඩුවේ ගසා ඇතැයි ද ඒවාට චක්‍රලේඛ නියෝග උපදෙස් දෙන්නේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

එදා රටින් පැනගිය ආණ්ඩුවේ පිරිස් රටට එන්නට පටන්ගෙන ඇතැයිද රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා බලෙන්ම පැමිණ භාරවී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව සොයා බැලීමට හැකිනම් කොමිසමක් පත්කරන ලෙසට රජයට අභියෝග කරන බවද මන්ත්‍රීවරයා කීවේය.

(වීඩියෝ - ශාන්ත සෙනවිරත්න)



අදහස් (19)

‘‘ආණ්ඩුව බලයට එනවිට කී සුරංගනා කතා දැන් නෑ‘‘

Cisco Sunday, 23 February 2020 03:13 PM

ඔබතුමාලගේ කාලේ මහ බැංකුව (වැඩිපුර) හොරා කාපු නිසා නෙවෙයිද ණය වුනේ?

:       1318       314

WijebahuSunday, 23 February 2020 09:30 PM

මහා බැංකුව විතරක් නොවෙයි EPF එකත් හොරා කෑවේ රජාණෝගේ කාලේ කියලා දැන් එළිවෙලා හමාරයි.

:       338       214

සමන්ත Monday, 24 February 2020 04:06 AM

කියන හැම බොරුවක්ම ඇත්ත... ඇත්තටම යහපාලන ආණ්ඩුව කාලේ ගෙව්වේ රාජපක්ෂලා ණයට අරන් හොරා කාපු සල්ලි තමයි. මහ බැංකුවෙන් කාටවත්ම හොරකම් කරන්න බැහැ. කරා නම් එ්කත් කරේ රාජපක්ෂලා. මතකයිනේ රත්තරන් කෙලිය? අනිත් ඒවා දේශපාලන බයිලා විතරයි. ඇලෝසියස්ලා ගත යුතු ලාභයත් ආපහු ගෙව්වා. ඒ බවවත් නොදන්නා බුරුවන් ඉන්න පක්ෂයකට රටක් තියා, ගම් සභාවක්වත් හදන්න පුළුවන්ද?

:       162       15

GalaparaMonday, 24 February 2020 04:25 AM

ඇත්තම කිව්වොත් යහපාලනයේ දින 100 වැඩපිළිවෙලේ බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල ගණන් මහජනතාවට දැනෙන ලෙස අඩුකළා. අපිට මතකයි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස්, අලුත් විවාහ ගාස්තුව 5000 සිට 1000 ට අඩුකළා. රජයේ සේවකයින්ට 10,000 වැඩි පඩි, විශ්‍රාමික පඩි වැඩි කළා. එකී නොකී කොච්චර දේවල් අඩු කළාද? එ්ත් මේ රජය පත්වූ ගමන්ම ඉඩම්, වරිපනම් බද්ද රටපුරාම 120% කින් වැඩි කළා. රටපුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මොනතරම් දුක් ගැනිවිලි කිව්වත් සත පහකට ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. දැන් ළඟදීම ලයිට්, වතුර, තෙල් මිල ගණන් ඉහළ යනබව රජය කියනවා. ඉදිරි ඡන්දෙදී මහජනතාව දෙපාරක් සිතා තම ඡන්දය පාවිච්චි කරන්න...

:       577       1006

කරුණාපාල Monday, 24 February 2020 04:52 AM

හැම දෙයටම කියන්න තියෙන්නේ මහ බැංකුව. දැන් නම් ජනතාව හාන්සි. පසුගිය වසර කිහිපයේ සංවර්ධනය නැති කළාලු. එහෙම කියකිය පීත්ත පටි කපනවා...

:       42       151

PadmaMonday, 24 February 2020 09:21 AM

Cisco හැමදේටම මහ බැංකුව අල්ලගෙන දඟලන්න එපා. යහපාලනයේ අය මහබැංකුව කොල්ලකන්න ඉස්සර මහරජාණෝ තමා එවාට අත තියලා තිබුණේ. මොනවා කීවත් යහපාලනයත්, මහරජාණෝගේ ආණ්ඩුවත් දෙකම එකයි. පාට විතරයි වෙනස්. මහජනතාව ඒක දැනගෙන හිටියොත් හරි. මොලේ ඇතුව ජීවත්වෙන එකයි මහජනතාව කළයුත්තේ.

:       0       34

Pradeep Sunday, 23 February 2020 05:03 PM

ඒ අයත් එකයි, මේ අයත් එකයි. ඔය කට්ටියට ආණ්ඩුවක වැරදි පේන්න ගන්නේ විපක්ෂයේ ඉන්නකොට විතරයි. හැබැයි හිතන්න එපා... හැමදාම ජනතාව රවට්ටන්න පුළුවන් වෙයි කියලා..

:       106       218

PrabaMonday, 24 February 2020 12:07 AM

බොරු බලාපොරොත්තු ඇතිකරගන්න එපා. කල්ප ගානක් කල් අපේ ජනතාව රවටන්න පුළුවන්

:       6       73

PereraMonday, 24 February 2020 12:25 AM

ජනතාව හැමදාම රැවටෙන එක තමා වෙන්නේ . ඒ සත්‍ය කරුණ ඔය කොයි දේශපාලුවත් දන්නවා හැබැයි රටේ මිනිස්සු තමන් රැවටෙන බව දන්නේ නැහැ.

:       0       69

Jaya Sunday, 23 February 2020 05:06 PM

අනේ යන්න...

:       211       206

තාරක Sunday, 23 February 2020 05:21 PM

මේ එජාප යේ මුල්පෙල අය යැයි කියාගන්න කිසිවෙකුට දැන උගත් කමක් නැතිද නො එසේ නම් තමන්ගේ හිස්කම නිසා කකුලෙන් ඇදීමේ පුරුද්ද ද මේ කියවන්නෙ. ආණ්ඩුවට තව අව්රුද්දක්වත් ගත නොවුනු බව මොවුන් නොදන්නවා නොවේයිනෙ. මමත්වය නිසා දඟලන්නෙම බලයේ කෑදරකමටයි. හොඳ ඉතිහාසයක් තිබූ එජාප ය නැවත ගොඩ ගැනීමට නම් පක්ෂය මෙවැනි අයගෙන් තොර වියයුතුයි.

:       193       155

mahinda Monday, 24 February 2020 12:32 AM

කව්රුවත් ඡන්දෙදි කියපු දේවල් සියල්ල කරපු කාලයක් දැකලා තියෙනවද ? හැම කෙනකුටම දෙපාර තුන්පාර රට කන්න දීලා අපේ අය බලා ඉන්නවා කොටසක් තමන්ගේ මළුවලට ඒ අයගේ මලුවලිනුයි ,තමන්ගේ සවලෙනුයි පුරවා ගන්නවා

:       0       53

Halim Monday, 24 February 2020 12:43 AM

දැන් ඕක කියලා වෙන්න ඇති බලය අල්ලන්ඩ හදන්නේ.

:       11       7

Bamunuarachchi Monday, 24 February 2020 01:21 AM

කාටද ඔය කතා කියන්නේ අර ලක්ෂ 55 අයටද ? ඒ අයත් දැන් පොහොට්ටුවට හැරිලා. අපි දැක්කා අවුරුදු 4 1/2 ඔයාලා ආණ්ඩු කරපු හැටි.

:       153       185

ranaMonday, 24 February 2020 07:02 AM

දුකට කියන ගී නේ, ඔහොමවත් සිත හදා ගන්න.

:       0       0

Bala Monday, 24 February 2020 02:51 AM

මේ යහපාලන අයටනම් ලැජ්ජාවක් කියලා ගෑවිලාවත් නැහැ. නොවැම්බර් වලට ඉස්සර වැඩ වලට ගෙවන්න ඕනෑ කියලා අපිට නම් තේරෙනවා. ලංකාවේ ඉන්න අපි බූරුවෝ කියලා හිතාගෙන කියන කතා වලට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ.

:       245       72

sunilMonday, 24 February 2020 04:10 AM

කෝටි 50000ක් පොලු තියලා ගිය කට්ටියගේ දැන් කතා...

:       68       27

ගගන Monday, 24 February 2020 04:27 AM

මෝඩ කතා නොකියා ගෙදර ඉන්න.

:       52       13

Amula Monday, 24 February 2020 05:21 AM

මේ රට මේ පාර කල්ලි දේශපාලනයෙන් අයින් වෙනකම් මේ රට හදන්න බැහැ. ගුණමකුවොයි, බඩගෝස්තරවාදියොයි ඉන්නේ ඔක්කොම...

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site