X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘‘සෞඛ්‍ය අංශ බිඳ වැටෙන්න දෙන්න එපා‘‘

(ඩයනා උදයංගනී)

දිනෙන් දින උග්‍ර වන අර්බුදකාරී වටපිටාව තුළ සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගැනීමට නම් ඖෂධ හිඟයට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉන්ධන පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වන විට මතුවෙමින් පවතින තත්වයන් නිසි ලෙස කළමණාකරණය නොකළහොත් සෞඛ්‍ය පද්ධතියේ තීරණාත්මක බිඳ වැටීමක් සිදුවීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ ඇතුලු රෝගී තත්වයන් සඳහා සුලභව භාවිතා කරන ඖෂධවල හිඟය හා පවතින ඉන්ධන අර්බුදය හමුවේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝහල් වෙත වාර්තා කිරිිමට ඇති වන බාධාකාරී තත්වයන් යන කරුණු සඳහා කඩිනමින් ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේය.

රෝහල් පද්ධතිය තුල මේ වන විට පවතින ඖෂධ හිගය ආර්ථික අර්බුදය හරහාම නිර්මාණය වු තත්වයක් නොවන බවත්, ඖෂධ ලියාපදිංචිය, ඇණවුම් කිරීම හා බෙදාහැරීම යන පියවරයන්හි පවතින අකාර්යක්ෂමතාවය හා දුෂිත ගණුදෙනු මේ සදහා ඍජුවම බලපෑ බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.  

ඖෂධ මිලදි ගැනීම සඳහා බාධාවකින් තොරව අවශ්‍ය මුදල් ලබාදීම,  දිවයින පුරා රෝහල් පද්ධතිය තුල ඖෂධ භාවිතා කිරීමේ රටාවන් හඳුනාගෙන ඒකාකාරී ලෙස අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම,  මේ වන විටත් ලැබී ඇති හා ලැබෙමින් පවතින ඖෂධ ආධාර හා පරිත්‍යාග නිසි ලෙස කලමණාකරණය කර කාර්යක්ෂමව දිවයින පුරා බෙදාහැරීම ඉතා වැදගත් බවත්, රෝහල් වෙත ඖෂධ ඇතුලු සියලු පහසුකම් ලබා දුන්නත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් තුල වෛද්‍යවරු ඇතුලු කාර්යමණ්ඩල සිටිය යුතු නිසා රට තුළ ඇති සීමිත ඉන්ධන තොග භාවිතය සඳහා නිසි ප්‍රමුඛතා ලැයිස්තු සකස් කර සෞඛ්‍ය සේවාවට ද අවස්ථාවක් ලබාදීම කඩිනමින් කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

එසේ නොමැති වුවහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ගවලටවත් කිසිඳු විටෙක සම්බන්ධ කර නොගන්නා පිලිකා, මාතෘ හා ළමා රෝහල් හා වකුගඩු රෝහල් ඇතුලු සමස්ථ රෝහල් පද්ධතියම කඩා වැටෙනු ඇතැයි හෙතෙම කීය.



අදහස් (2)

‘‘සෞඛ්‍ය අංශ බිඳ වැටෙන්න දෙන්න එපා‘‘

Chaminda Monday, 20 June 2022 04:23 PM

ඔය දොස්තරලා නම් කෑ ගහන්නේ ලෙඩ්ඩුන්ට තියෙන ආදරේට නම් නෙවෙයි . ඉස්කෝලෙට ළමයි දාගන්නත් ලංකාවේ අහිංසක ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට අරන් ඉස්ට්‍ර්යික් කරපු උදවියනේ මේ . මේ අඩන්නේ වෙන මොකටවත් නෙවෙයි ඒ ගොල්ලොන්ගේ පුද්ගලික ‌වෛද්‍ය සේවාවට වෙලාවට යාගන්න බැරි රුදාව තමයි මේ අමාරුව.

:       7       4

බද්රානි Monday, 20 June 2022 09:19 PM

මේ වගේ උන් මාෆියා කල්ලියක දොස් චෝරාලා ලංකාවට පිළලයක්. නුඹලා මේ රටේ සෞඛ්‍ය ශ්‍්රය පමණක් නොවෙයි. මේ මුළු රටම විනාශ කළා. අර පාදෙණිය කියන වසලයා තමයි බක පණ්ඩිත කතා කියලා මෝඩ දේශපාලකයින්ව අන්දලා මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කලේ.. අපට මතකයි නුඹලා සුවසරිය ගිලන් රථ සේවයට විරුද්ධ වූ සැටි.. ඇත්තෙන්ම මම නම් මිය ගියත් තොප වැනි උන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. නුඹලා මිහිපිට දෙවියන් ලෙස සලක් සැබෑ වෛද්‍යවරුන්ට නිග්‍රහයක්!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site