X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘’එක රටක් එක නීතියක් කියා බලයට පත්වූ ආණ්ඩුවෙන් ප්‍රභූන්ට වෙනම නීතියක්’’

(නිමල කොඩිතුවක්කු)

එක රටක් එක නීතියක් යනුවෙන් පවසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්‍රභූන්ට එක නීතියකුත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

සුරංගනා ලෝක මවමින් ආණ්ඩුව බලයට පත්වුවත් මාස හයක් යන්නට මත්තෙන් ආණ්ඩුවේ සැබෑ ස්වරූපය ජනතාවට ඒත්තු ගැන්වී ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේගයේ පක්ෂ කාර් යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

      ‘’2015 ට කලින් තාක්ෂණ විෂය පාසල් දරුවන්ගේ විෂය මාලාවට ඇතුළත් කළා. තාක්ෂණ විෂය තිබුණත් උසස් පෙළින් එහාට තාක්ෂණ උපාධියක් ලබා ගන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ.

සියලුම විශ්ව විද්‍යාලවල  තාක්ෂණික පීඨ ආරම්භ කරන්න කියලා 2015 මං උසස් අධ්‍යාපන ඇමැති වුණාට පස්සේ විශ්වවිද්‍යාල ආචාර් යවරු මට කිව්වා.

ඒ අනුව මම ඇමති කාලේ කැබිනට් පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරලා ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැලණිය, රජරට, මොරටුව, සබරගමුව, වයඹ, නැගෙනහිර, පේරාදෙණිය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල දහයේ තාක්ෂණ පීඨ ආරම්භ කළා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ගේ විශාල කැප කිරීමක්  මත අපි මේ කටයුතු සිදු කළා. මුලදී ගොඩනැගිලි තිබුණේ නැහැ තාවකාලික ගොඩනැගිලිවල මේවා ආරම්භ කළේ. මෙයට සමගාමීව යන හැම විශ්වවිද්‍යාලයකම නේවාසිකාගාර දෙක බැගින් ලබාදීමට අපි කටයුතු කළා.

පාර් ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කළ නිසා මෙවැනි ස්ථාන විවෘත කරන විට ඒවාට සහභාගි වීමට  පවා මට නොහැකි වුණා. ඒ නිසා මගේ ආරාධනයෙන් වෙනත් ඇමතිවරු මෙම පීඨ විවෘත කළා.

මෙම සංකල්පය සම්පූර්ණයෙන්ම උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සංකල්පයක්. ඔවුන් මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. නමුත් පසුගිය කාලයෙහි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කිසිම ඇගයීමක් වෙලා නැහැ කියලා මේ ගැන දැනුවත් කරන්න කියලා ඒ නිලධාරීන් මගෙන් ඉල්ලීමක් කළා

පිටිපන විද්‍යාපීඨ පටන් ගත්තෙ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ  ඉඩමක. මේවාට අදාළ සියලු කැබිනට් පත්‍රිකා මම මාධ්‍යයට ඉදිරිපත් කර තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සිදුකළ කැපකිරීම රටේ ජනතාව දැනගත යුතුයි.

අද ගොවීන්ට පොහොර නැහැ. නිෂ්පාදන වලට මිලක් නැහැ. අද ගොවීන් විශාල අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙළක් නැහැ.

බ්‍රේක් නැති වාහනයක් වගේ අද රට යනවා. නිරෝධායනය නීති සාමාන්‍ය ජනතාවට විතරයි ප්‍රභූන්ට වෙන නීතියක්.  දළදා පෙරහැරට නිරෝධායන නීති දාලා ජනතාවට එන්න බැහැ. ප්‍රභූන්ගේ උත්සව වලට එහෙම බාධාවන් නැහැ.

මේ ආණ්ඩුව බලයට ආවේ එක රටක් එක නීතියක් කියලා අද ඒවා සිද්ධ වෙන්නේ නැහැ

දැන්  කොරෝනා වසංගතය මැද්දේ මැතිවරණයකට යන්න රජය සූදානම් වෙනවා. මැතිවරණයකට මුහුණ දෙන්නෙ කොහොමද කියල නීතිරීති සකස් කරන ඉස්සෙල්ලා තිබුණේ ඡන්දේ ඉල්ලන අපෙන් අදහස් ගන්නයි . අපි තමයි දන්නෙ මෙහි තියන ප්‍රායෝගික ගැටලු.

දැන් මේ නීතිරීති දිහා බැලුවාම ඡන්දය කියන්න නෙමේ නොතියන්න හදපු නීති රීති බව පෙනී යනවා. මේ නීති රීති යටතේ ඡන්දය තිබ්බොත් සියයට හතළිහක් වත් ඡන්දය දෙන්නෙ නැහැ.

දැන් ඡන්දය තියන්න පුළුවන් කිව්වට අනිත් පැත්තෙන් සෞඛ්‍ය අංශ කියනවා කොරෝනා දෙවෙනි රැල්ලක් ඇති වෙන්න පුළුවන් කියලා. ආණ්ඩුව දැන් ප්‍රශ්නයක් ඇති වුණොත් එකෙන් බේරෙන්නත් කතා කරනවා. කවුද ඇත්ත කියන්න කියලා ජනතාවට දැන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා.

මැතිවරණය තිබ්බොත් සමගි ජන බලවේගය විදිහට අපි බහුතරයක් අරගෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවනවා.  ඒ සඳහා සහාය දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි ද යයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය .



අදහස් (24)

‘’එක රටක් එක නීතියක් කියා බලයට පත්වූ ආණ්ඩුවෙන් ප්‍රභූන්ට වෙනම නීතියක්’’

Lal Tuesday, 16 June 2020 12:48 PM

ඔන්න උම්බෑගානවා.

:       49       365

කමල් Tuesday, 16 June 2020 01:08 PM

කියන මනුස්සයා ගැන පැහැදීමක් නැත. එහෙත් කියන කතාවේ උම්බෑ කියනවා කියන කොටසක් හෝ පෙන්වන්න...

:       680       640

ධනාTuesday, 16 June 2020 03:25 PM

ඕං තව කෙනෙක් මෙතන උම්බෑ ගානවා...

:       1       23

සේනTuesday, 16 June 2020 05:27 PM

මහත්තයෝ උම්බෑ කියලා භාවිතා කරන්නේ රූඪි පදයක් හැටියට. බස හසුරුවනවා කියන්නේ ඒකට. ඒ දේශපාලකයා කකුල් දෙකේ හරකෙක් කියලා කවුරු හරි කිව්වොත් අපි ගිහින් නැට්ට හොයන්න හොඳ නෑ. සිංහල බස හරි පුළුල්...

:       7       26

lalTuesday, 16 June 2020 10:49 PM

"එක රටක් එක නීතියක් කියා" කියනවා විතරයි. දේශපාලනය පැත්තකින් තියන්න. පුංචි රටේ සිංහල/ බෞද්ධ කියන අය අතරම විවාහා හා දික්කසාද නිති 2 ක්. උඩරට අයට උසාවි නොගිහින් දෙදෙනාට සතුටින් සිටිය නොහැකිබව කියා කාලය/ධනය වැය නොකර දික්කසාද වෙන්න පුළුවන්. (එය තමා වියයුත්තේ) රටේ පවතින සාමාන්‍ය නිතිය වු පහතරට නිතිය යටතේ දික්කසාද වෙන්න හේතු 3 යි නිතියෙ තියෙන්නේ. ඒවා ඔප්පු කරලා දික්කසාද වෙනකොට සමහරු මැරිලා, සමහරුන්වට 60 පැනලා. ක්‍රිස්තුපූර්ව ගණන වල රෝම ලන්දේසි නිතියේ දේවල් ඒඅය ඒවා කාලානුරූපව වෙනස් කරගෙන ජනතාවට ජිවිතිය පහසුවෙන් සතුටෙන් ගතකරනන් හැකි විධියට හදලා. අපි සුද්ද්ට බැන බැන ඒ පැරණ නිතිම තියාගෙන රටේ ජනයාව තලනවා. මේවා ගැන කවුරුත් කතා කරන්නේනැහැ. තැලෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයා විතරක් වන නිසා. ලංකාවේ මිනිසෙකුගේ ජිවිත කාලය වසර 500 ක් පමණ නම් මෙම නිති තිබුණට කමක් නැහැ. මොකද ඉඩම් නඩුවක් දික්කසාද නඩුවක් එහෙම අවසන් වෙන්න එතරමම් කාලයක් ගතවෙන බැවිනි.

:       0       157

paliWednesday, 17 June 2020 08:53 AM

දේශපාලනය කරන පගාගන්න, කොමිස් ගන්න, කුණුහරුප කියන, අට පාස් නැති, හොර තක්කඩිකම් හා එකී නොකී සියළු ජඩවැඩ කරන අය ප්‍රභුන් වෙන්නේ කොහොමද?

:       0       1

kiri batta Tuesday, 16 June 2020 12:51 PM

62කට සුදුසුකම් නැතිව රස්සා දුන්නා.. ඒ අය හිතවතුන් සහ නෑදෑයෝ. ඒකත් ලිස්ට් එකට දාන්න. ඕනම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා අපිට ඉගැන්නුවෙත් ඔබතුමා. ඒ කිව්වේ සරත් ෆොන්සේකා ගැනද? එයත් මතක් කරන්න.

:       176       544

samanthi Tuesday, 16 June 2020 12:53 PM

ඔය ප්‍රභූන්ට වෙනම නීතියක් කියන එකට හොඳම උදාහරණය තමයි හොර 5000 නෝට්ටු දීපු සිද්ධිය... වෙන කෙනෙක් නම් කෙළින්ම රිමාන්ඩ්..

:       41       227

kamalTuesday, 16 June 2020 02:11 PM

ඔය කතාව සජිත්ගෙන් අහන්න. එතනදිත් ප්‍රභූ නීතිය තමයි ගියේ... දැන් මෙයාලට මතක නැතිවුණාට...

:       0       354

නොකවුට් Tuesday, 16 June 2020 02:18 PM

ඔබතුමාගේ නමේ අගට කිරිඇල්ල කියලා ආවේ කොහොමද කියලා පාලිත තෙවරප්පෙරුම මහත්තයා කිව්වා. පහුගිය ආණ්ඩුවේ හොඳම ඇමතිකම අරගෙන දුව ඇමති පුටුවේ වාඩි කළා කියලත් කීවා. ඒ ඇමතිකම පාලිත තෙවරප්පෙරුම මහත්තයාට තිබුණා නම් යූ.ඇන්.පී ආණ්ඩුව කවදාවත් පරාජය කරන්න බෑ කියලා වැඩිදුරටත් කිව්වා...

:       2       184

Sanath ithaiya Tuesday, 16 June 2020 02:36 PM

මේ ආණ්ඩුව ආවට පස්සේ හැමදේම නැහැලු... ඔව් ඔව් ගොන්නුන්ට පුන්නක්කුත් නැහැ.. ක්‍රොටන් කොලත් නැහැ.. පියා ඇමති කාලේ දුවගේ කෙරුවාව අපි දන්නවා.. නුවර අතුරුමාර්ගවල කොන්ක්‍රීට් ගල් අල්ලපු කොන්ත්‍රාත්තුව දුව කරපුවිදිය අපි දන්නවා.. නැට්ටෙ ගොම ගාගන්නේ නැතුව වලිගේ උස්සලා කාරිය කරගන්න උම්බෑ නොකියා....

:       18       514

isuru Tuesday, 16 June 2020 03:42 PM

එක රටක වෙනවෙනම නීති... ඔයාට වැරදිලා...

:       3       33

upali Tuesday, 16 June 2020 03:58 PM

වරක් පාර්ලිමේන්තුවේදී කිව්වා බැංකුව මිලියන 300ක් 400ක් තියනවා කියලා...

:       0       1

Raj Tuesday, 16 June 2020 04:10 PM

ඔනෑ දෙයක් කියන්න පුළුවන්

:       0       5

මෝ Tuesday, 16 June 2020 08:27 PM

ඔයගොල්ලන් යහපාලන සිද්ධාන්ත මත නීතිය හරියටම ඉෂ්ඨ කළානේ. මහත්තයෝ ඔය ගොක් කොළ, මල්වඩම් පේන කාලෙට කියැවෙන කතා...

:       1       18

Gihan Tuesday, 16 June 2020 09:37 PM

කිරිඇල්ලට බැනපුවාම අලි කමල්ට රිදිලා.. ඕන ගොනෙකුට පේනවා ගාල තියෙන තැන...

:       0       12

chandima Tuesday, 16 June 2020 11:59 PM

ඒ කියන්නේ දැන් තීරුබදු රහිත කාර් 225ටම ලැබෙන්නේ නැතිද.?

:       0       11

Bamunuarachchi Wednesday, 17 June 2020 12:42 AM

කොහෙද මෙරටේ ප්‍රභූ කියලා ජාතියක් ඉන්නේ. මිනිස්සු පගා ගහලා කොමිස්ගහලා අයුතුලෙස පොහොසත් වූන පලියට අපිට ප්‍රභූලා නොවෙයි.

:       0       36

MP Wednesday, 17 June 2020 02:23 AM

මේ කතාවලින් පැහැදිලි වෙන්නේ ''ගොන්කමම'' තමයි. වෙන මොනවද? අවුරුදු 5ක් තප්පුලෑවා. වෙන මොනවද කළේ?

:       0       19

PA - RA Wednesday, 17 June 2020 04:00 AM

පිස්සෝ, මෝඩයෝ,වංචාකාරයෝ ප්‍රභූ වෙන්නේ කොහොමද?

:       0       4

Kavinda Wednesday, 17 June 2020 05:03 AM

ඕන ගොනෙකුට නීති දාන්න පුළුවන්... නමුත් ඒක ක්‍රියාත්මක කරගෙන යන්න බැහැ.

:       0       10

Deepal Nirosh Wednesday, 17 June 2020 05:05 AM

කතා කරලා වැඩක් නැහැ මැතිතුමා මේ ආණ්ඩුව ගැන, මේකත් හරියට අර යහපාලන ආණ්ඩුව වගේම තමයි. ඕන ගොනෙකුට පුළුවන් ඉතින් මෙහෙම ආණ්ඩු කරන්න.

:       19       1

ravin Wednesday, 17 June 2020 06:35 AM

කවුද " ප්‍රභූන් " කියන්නේ..? එහෙම වර්ගයක් මෙහෙ නැහැ. සමහර මෝඩයින් හිතාගෙන ඉන්නවා ඒ අය රභූන් කියලා.

:       0       1

yamuna Wednesday, 17 June 2020 01:19 PM

අන්න හිරුණිකාට සිතාසි එවලා... එයාට ඔයාලා පැය 2න් ඇප දුන්නෙත් ඔය ප්‍රභූ නීතිය යටතේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site