(ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)
තම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවෝ පිරිසක් අද(11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ.
ඔවුහු ඕල්කට් මාවතේ ගමනාගමනය අවහිර කරමින් පාරේ වාඩිවී සිටිති.
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආබාධිත රණවිරුවෝ ඕල්කට් මාවත වසති
yamaya Friday, 11 August 2017 07:09 AM
පොලිසියට තියෙන්නේ මේක පාලනය කරන්නයි.
Damitha Friday, 11 August 2017 07:49 AM
තමුන් සේවය කරපු කාලය සහ එයට ලැබුණු සියලු දීමනා ගැනත් ප්‍රසිද්ධ කලා නම් නේද හොඳ? තවද එම කාලය වැඩ කරපු වෙනත් අයවලුන්ට ලැබෙන දීමනා ගැනත් සංසංන්දනය කලානම් හොඳයි නේද?
Jayantha Friday, 11 August 2017 10:58 AM
මේ මොකද්ද මේ සෙල්ලම. තමන්ගේ ඉල්ලීම් ලැබුනේ නැති වුනාම මෙහෙම පාරවල්වල ගමනාගමනය ඇන හිටීම හරිද. මේවා සාමාන්‍යයෙන් සාකච්චා මාර්ගයෙන් විසදා ගත යුතුය. මෙයින් වන්නේ අපේ දුප්පත් ආර්ථිකයට තවත් බැට දීමයි.
ramaniSaturday, 12 August 2017 05:21 AM
මොකක්ද මේ සෙල්ලම කියන එක ඒ උදවිය තමන් වෙනුවෙන් පණ දෙන්න කොටි කටට ගිය කාලෙත් ඇහුවේ නැත්තේ ඇයි? දන්නේ නැද්ද සාකච්ඡා කරන්න ගියාම ගහලා පැන්නුව වග?
ShanSaturday, 12 August 2017 06:48 AM
හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්නත් එක්ක තමයි. කොටි කටට ගියේ අමතර වැඩකට නෙමෙයි නේ. එක පඩි ගත්ත රස්සාවේ කොටසක්....
පිටිගල මිලානෝ Saturday, 12 August 2017 07:53 AM
ගිහිල්ලා මැදමුලනේ වාඩි වෙන්න කියන්න.
suminal Friday, 11 August 2017 12:37 PM
මේ ගොල්ලෝ රණ විරුවෝ වුණාට දැන් වැටෙන්නේ කඩාකප්පල් කාරයින්ගේ ගොඩටනේ ....
lion Saturday, 12 August 2017 12:00 AM
දැන් නම් කෙලින්නේ පිස්සු. මේ ඔක්කොම පඩි නඩි අරන් මිනිසුන්ට වද දෙනවා. ඒ කාලෙක හිටියා නම් මේ අයට ලැබෙන්නේ පොලුපාර තමයි.
NIRESH Saturday, 12 August 2017 04:38 AM
අනේ ඇත්තමයි මේ මිනිස්සුන්ගේ මොලේ තියන්න ඕනේ තැන නෙවෙයි තියෙන්නේ මම හිතන්නේ. මොලේ යටට ගිහින්. සාමාන්‍ය පොදු ජනතාවගේ ගමනාගමනය කඩාකප්පල් කරලා මුළුරටේම උදේ වරුව නාස්ති කරන මේ මිනිස්සුන්ව යවලා දාන්න ඕනේ. මෙයාල රණවිරුවෝ නෙමේ. මෝඩයෝනේ...
Senarath Saturday, 12 August 2017 04:39 AM
මේ ගැන රජය සමඟ සාකච්ඡා කළාට වැඩක් වුණේ නැහැ. මේ රණවිරුවෝ ඉන්පසුව උපවාස කළා. ගුටි කෑවා. ජලප්‍රහාර වලට මුහුණ දුන්නා. පසුව ජනාධිපතිතුමාගේ පොරොන්දුව ලැබීමෙන් පසුව රණවිරුවෝ විසිර ගියා. අදටත් ඒ පොරොන්දුව ඉටුවෙලා නැහැ. මේ උදවිය ආබාධිත වුණේ අපි වෙනුවෙන් සටන් කරලා මිසක් ඔවුන්ගේ පෞද්ගලික දේපල ආරක්ෂා කරගන්න සටන් කරලා නමෙයි. අපේ කුහකයන්ට මේවා මතක නැහැ. ඉගෙන ගන්න විනිසුරුතුමාගෙන්වත් කොහොමද තමන් වෙනුවෙන් දිවිදුන් විරුවෙකුට සලකන විදිය? මරුණා නම්, මේ තරම් දුක්විඳින්න වෙන්නේ නැහැ. මේ උදවියට ප්‍රතිකාර වලට කොතරම් වැයවෙනවද ?
පිටිගල මිලානෝ Saturday, 12 August 2017 07:41 AM
අර ඒ දවස්වල හිටපු ලේකම්තුමා මොනවත් කරලා නැද්ද? රට රටවල්වල ගිහිල්ලා සංදර්ශන පවත්වලා එකතු කරපු සල්ලි කෝ? මිලානෝ නගරයේ තිබුන සංදර්ශනයට අපිත් අවංකවම දායක වුණා... රණවිරුවෝ ගැන අනුකම්පාවෙන්.
amith italySunday, 13 August 2017 07:50 AM
එ්කේ තිබ්බේ එජාපය අරමුදල් එකතු කරන්න. ඔබට අමතක වෙලා.
raviTuesday, 15 August 2017 04:37 AM
මුල අමතක, ආණ්ඩුවට කඩේ යන, කඩේ යන්න පඩියක් ගන්න, අම්ම තාත්ත උනත් විකුණන් කන එවුන්ට කොහෙද මුලක් මත තියෙන්නේ
banda Saturday, 12 August 2017 09:57 AM
මේ සැබෑ රණවිරුවෝ නොවේ. රස්සාවක් නැතිකමට හමුදාවට බැදුණු පිරිසක්.. රටට, ජාතියට සැබෑ ලෙස ආදරය කල සැබෑ රණවිරුවෝ මෙසේ අවිනීතව හැසිරෙමින් රණවිරුවාගේ ගරුත්වය කෙලෙසන්නේ නැත.
thilina Saturday, 12 August 2017 04:01 PM
අපේ රටේ තරම් මුල අමතක වෙන ගුණමකු ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.. ඒකයි මේ වගේ අදහස් පල කරලා තියෙන්නේ. මේ මිනිස්සු කියන්න පුළුවන් හැම විදිහටම මේ ගැන රජයට කිව්වා. එත් ගණන් ගත්තේ නැති තැන තමයි මෙහෙම ක්‍රියාමාර්ගයකට යොමු වෙලා තියෙන්නේ..
ධම්ම Sunday, 13 August 2017 05:00 PM
ඉහත බොහෝ ප්‍රතිචාර දැක්කාම මට මතක් උනේ ගුත්තිලයේ "දියෙහි යන දණ්ඩට..පිහිටක් වෙතත් පෙරසිට.." කවියයි.
sanath Monday, 14 August 2017 05:46 AM
අබාධිත රණවිරුවන්ට පඩි තුනක් ලැබෙනවා. 1 මාසික වැටුප සහ අදාල සියලුම දීමනා රුපියල් 60000ක් පමණ. 2. විශ්‍රාම වැටුප රුපියල් 35000ක් පමණ. 3 අබාධිත දීමනාව රුපියල් 15000ක් පමණ වන අතර මෙය අාබාධයේ බරපතලකම අනුව වෙනස්වේ. මීට අමතරව අවුරුද්දකට කීප වතාවක් ඔවුන්ගේ පාසල් යන ළමුන් සඳහා ද්‍රව්‍යමය ආධාරද ලැබේ. නමුත් යුද්ධයේ ඉදිරි පෙළ සටන් කොට අබාධිත නොවූ වචනයේ පරිසමාප්තියෙන්ම රණවිරුවන් වූ වීරයන්ට ලැබෙන්නේ රුපියල් 35000/- කට අඩු විශ්‍රාම වැටුප පමණකි.