(රංජිත් රාජපක්‍ෂ )
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13) වැනි දා රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පාලම් ප‍්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය.
යකඩ තාක්ෂණය අඩු කාලයකදි මෙම පාලම ඉදිකර ඇති බවත් වර්තමානයේ වැඩි බරකින් යුත් දුම්රිය එන්ජින් ධාවනයට එක්කර තිබිම නිසා පාලම වෙනුවට නව යකඩ පාලමක් සවිකිරිම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු අවධානය යොමුවී ඇති බවයි.
අලාභ හානි වු මෙම පාලම සති තුනක් ඇතුළත අලුත්වැඩියා කර උඩරට දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වයට පත් කිරිමට සැලසුම් කර තිබුනද තම සේවකයන්ගේ කාර්යක්ෂම සේවය හමුවේ පාලම ප‍්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැලසුම් කළ කාලයට වඩා කඩිනමින් දුමිරිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරිම තම අපේක්‍ෂාව බව රංජිත් විජේසිරි සඳහන් කළේය.
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උඩරට දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියාවට සති තුනක්
Rex Hatton Monday, 17 July 2017 06:13 AM
අවුරුදු 150 කට කලින් ඉන්දීය කම්කරුවන්ගේ දහඩිය මහන්සියන් හා ජීවිත පූජාවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් ඉදිකළ මෙම දුම්රිය මාර්ග රටට සම්පතක්. මෙය රැක ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව දරන උත්සාහයට අපගේ ප්‍රණාමය.
supun maduranga Monday, 17 July 2017 07:03 AM
මේ පාලම යකඩ තාක්ෂනය නොදියුණු කාලේ හදපු එකක් කියලා අඩුවෙන් තක්සේරු කරන්න හොඳ නෑ... අද කාලේ හදන පාලමක් අවුරුදු 50ක් තියෙනවා කියලා කියන්න පුලුවන්ද?? හදල ඉවරවෙනකොට කඩාගෙන වැටෙනවා.... උඩරට දුම්රිය මාර්ගයේ තියෙන මෙවැනි පාලම් පරණ උනාට විශිෂ්ට ගනයේ නිර්මාණ.... මෙවැනි පාලම් එංගලන්තේදී සම්පුර්ණයෙන් හදල ඉවරකරලා තමා මෙහෙ ගෙනත් සවිකරලා තියෙන්නේ... සම්පුර්ණ පාලම් කොටසම තනි සැකිල්ලක්... ඒවා වෙන්කරන්න බැහැ.... ඇන ගලවන්න බෑ....රිවට් කරලා තියෙන්නේ... ඒවගේම මලකඩ ඉතාම අඩුවෙන් කන ලෝහ බාවිතා කරලා තියෙන්නේ... මෙච්චර කාලයක් පවතින්න හේතුව එක තමා... අද කාලේ පාලම්වල මෙවැනි ලක්ෂණ නෑ..
wedage Monday, 17 July 2017 09:17 AM
මෙවැනි දුම්රිය පාලම් ඇති ස්ථානවලදී දුම්රියවල වේගය අඩු කිරීමට පියවර ගන්න. අතිරේක වැර ගැන්නුම් යොදා ශක්තිමත් කිරීමට පියවර ගන්න.
නුමාMonday, 17 July 2017 10:29 PM
මෙවැනි පාලම් ඇති තැන් තැන් පමණක් නොවේ, උඩරට දුම්රිය කොතැනත් ඉබි ගමණින් තමා ගමන් කරන්නේ. මුළු දුම්රිය මාර්ගයම නවීකරණය අවශ්‍යයි. කිලෝමීටර 250-300 යන්න පැය 10 විතර තවමත් අප වැය කරනවා.
kumar (galf) Monday, 17 July 2017 10:32 AM
ආපෝ.., ඉන්දියන් හා චීන යකඩ එහෙම දාලා මේ පාලම් අලුත්වැඩියා කරන්න එප... කඩාවැටෙයි දිරා ගිහිල්ලා..
my3 Monday, 17 July 2017 11:47 AM
මේ පාලම යටිනුයි, දෙපැත්තෙනුයි, එයාර් බෑග් හයි කරා නම් නේද හොඳ?
ranjith bogoda Tuesday, 18 July 2017 01:02 AM
හරිම අගය කල යුතුඉ ඔවුන්ගේ උත්සාහය