X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹෙයි

 

(රංජිත් රාජපක්ෂ ශ්‍රී පාද උඩ මළුවවේ සිට)

ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී පාද උඩමළුවේ පැවති විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අද (11) උදෑසන ඇරැඹිණි.

ශ්‍රී පාද අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන්, දේව ආභරණ සහ පුජා භාණ්ඩ අද (11) අලුයම මාර්ග හතරක් ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරනු ලැබූහ.

පැල්මඩුල්ල,රත්නපුර,අවිස්සාවේල්ල,යටියන්තොට,හැටන්,මස්කෙළිය,නල්ලතන්නිය දක්වා එක් පෙරහරක් ද පැල්මඩුල්ල , රත්නපුර , ශ්‍රී පලාබද්දල , රජමාවත ඔස්සේ තවත් පෙරහරක් ද, රත්නපුර, කුරුවිට, එරත්න මාර්ගය ඔස්සේ තවත් පෙරහරක් ද, පැල්මඩුල්ල , බලංගොඩ , බගවන්තලාව හරහා නල්ලතන්නිය දක්වා තවත් පෙරහරකින් මෙම ප්‍රතිමාව ඇතුළු පුජා භාණ්ඩ වැඩ කරනු ලැබුහ.

ශ්‍රී පාදස්ථානය පුජා නගරයක් බවට ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණි.

වන්දනා වාරය ආරම්භ කිරිමත් සමඟ උඩමළුවේ තැන්පත් කර තිබූ තායිලන්තයේ සිට මෙරටට වැඩ කරනු ලැබු බුද්ධ ප්‍රතිමාවක් නිරාවරණය කිරිම ද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් විසින් සිදුකරනු ලැබූහ.

සිල් සමාදන් වීමට සහ ශ්‍රී පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ  දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවෝ උඩමළුවට පැමිණෙමින් සිටිති.

වන්දනාවේ පැමිණිමේදී පරිසරය රැක ගනිමින් ශ්‍රී පාදය කරුණා කරන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රි පාද උඩ මළුව විවිධ මල් වලින් සරසා ඇති අතර උඩමළුව කේන්ද්‍ර කර ගනිමින් විවිධ පිංකම් රැසක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අවශ්‍යය සියලු පහසුකම් සලසා ඇති අතර ආරක්ෂාව සඳහා පොලිසිය විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

 



අදහස් (0)

ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

සේයා රූ

පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙත්සම් අත්සන් කරයි
2023 ජනවාරි මස 05 2 0

බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය.


පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා
2023 ජනවාරි මස 05 0 0

කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.


මෙරට නිපදවූ බසයක් වෙළෙඳ පොළට
2022 දෙසැම්බර් මස 01 4159 0

ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය.


දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට
2022 දෙසැම්බර් මස 01 3397 1

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි


නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි
2022 නොවැම්බර් මස 30 6107 5

කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site