(කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා)
තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් දැඩි ලෙස COVID රෝගයට ගොදුරු වීමේ හැකියාව පවතී. මෙසේ වීමට හේතුව උදරයේ තැන්පත් වන මේදය ප්‍රාචීරය මතට තල්ලු වන අතර එමඟින් පපුවේ කුහරයට පහළින් පිහිටි විශාල මාංශ පේශි මගින් පෙනහලුවලට බාධා ඇති කරයි. මෙහිදී වාතය ගලා යාම පවා සීමා වේ.
මෙමගින් පෙනහලු නියමිත ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් සහ පෙනහලුවලට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව බිද වැටීම ඔබ වැඩි අවධානමකට ලක් කරයි.
තවද අධික තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින්ගේ රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩි වේ. විශේෂයෙන් බරපතළ අවදානමක් ඇති විට පෙනහලුවල කුඩා නාලවල රුධිර කැටි ආසාදනය වීමේදී බරපතළ අවදානමක් පවතී.
තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිකරණය ද දුර්වල වන අතර, ප්ලීහාව, ඇට මිදුළු සහ තයිමස් වැනි ප්‍රතිශක්තිකරණ සෛල නිපදවා ගබඩා කරන අවවලට මේද සෛල විනිවිද යන බව ෆෙයාර්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ පෝෂණ විදයාඥවරියක් වන කැතරින් ඇන්ඩර්සන් මහත්මිය පවසයි.
මේද පටක වෙනුවට අපට ප්‍රතිශක්තිකරණ පටක අහිමි වෙමින් පවතින අතර එමඟින් ශරීරය රෝග කාවලින් ආරක්ෂා කර ගැනීමට හෝ එන්නතකට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු පලදායී , ”බව ඇය පවසයි.
ආසාදනවලට ඇති දුර්වල ප්‍රතිචාරයෙන් ඔබ්බට තරබාරුව ඇති පුද්ගලයින් නිදන්ගත රෝග බොහොමයකින්ම පීඩා විඳිති
තරබාරුකම ඇති පුද්ගලයින් සඳහා ඇති අමතර අවදානම නම් මානසික සුවතාව අහිමි වීමයි. එබැවින් තරබාරු පුද්ගලයන් වසංගත කාලයේදී තමන්ගේ නිරෝගීතාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
ඔබේ මුහුණු ආවරණ නිසිපරිදි නිවැරැදිව පළඳින්න. ඔබේ අත් පිරිසුදුව තබා ගන්න. සෙනඟ ගැවසෙන තැන් මඟ හැර සිටින්න. ඊට අමතරව, ව්‍යායාම කිරීම සහ වෙන වෙනම බර අඩු කර ගැනීම තරබාරු පුද්ගලයෙකුගේ පරිවෘත්තීය සෞඛ්‍යය ඉහළ නැංවිය හැකිය. මෙයාකාරයෙන් නිවැරැදි ජීවන රටාවක් අනුගමනය කරන තරබාරු පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වුවද අවදානම අවම කර ගත හැකිය.
-සටහන - මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනා අවදානමෙන් තරබාරු අය මිදෙන්නේ කෙසේද