මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් ‘leptospirosis ‘ රෝගය මීයන්,ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි.
මෙම රෝගයම ‘ වෙල් උණ , පතල් උණ‘ යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ලෝකයේ නිවර්තන සහ අර්ධ නිවර්තන රටවලින් මී උණ රෝගීහු බහුලව වාර්තා වෙති. මෙය ‘ leptospirainterrogans ‘ නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් හට ගැනේ.
මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග ,කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි.
බැක්ටීරියාව ශරීරගත වීම
ඉහතින් සඳහන් කළ ජලය රැඳෙන ස්ථානවලට එකතු වන මෙම බැක්ටීරියාව ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශරීර පටල ( ඇස් හෝ මුඛයේ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු වේ.
රෝග ව්‍යාප්තියේ සුලබ කාලය
අපේ රටේ මුළු වසර පුරාම මී උණ රෝගීන් වාර්තා වුවද මාර්තු සිට මැයි දක්වාත් , ඔක්තෝබර් සිට දෙසැම්බර් මාස දක්වාත් රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කෙරේ. මෝසම් වැසි කාලය මෙන්ම යල – මහා කන්න ගොයම් වැඩ කටයුතුවල නිරතවන කාල වකවානුද මී උණ රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කෙරේ.
රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවිය හැකියි. ඒ අනුව මතුවන සංකූලතා පහත දැක්වේ.
♦ උණ
♦ මස් පිඩු වේදනාව
♦ ඇස් රතු වීම
♦ හිසරදය
♦ මුත්‍රා කහ පැහැ වීම
♦ මුත්‍රා යාම අඩු වීම
♦ වමනය
♦ සිරුරේ අප්‍රාණිකත්වය
මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.
මී උණ මාරාන්තිකද?
නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය කරයි.
මී උණෙන් වැලකීම
♦ කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කානු සහ පතල් ආශ්රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්, ගං වතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැලකීම පිළිබඳව දැනුම්වත් වී සිටිය යුතු වේ.
♦ මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
♦ තුවාල ,සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න. නොඑසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.
♦ කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න.
♦ ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.
♦ ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදීද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.
♦ විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වේ.
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මී උණ පැතිරීමෙත් අවදානමක්