X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


හදිසි අනතුරුවලින් දරුවන්ව රැක ගන්න

අපි සියලුම දෙනා ගත කරමින් සිටින්නේ අසීරු කාලයකි. මේ වනවිට අපේ රටේ ආර්ථික,සමාජයීය මෙන්ම සියලුම අංශවල ගැටලු පැන නැගී ඇත. එවන් සමයක රටේ ජනතාවගේ නිරෝගී පැවැත්ම සඳහා එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පැවරෙනුයේ දැඩි වගකීමකි.

හැම පැත්තකම ගැටලු මතුවුණු මොහොතක සෞඛ්‍ය සේවාව කඩා නොවැටී පවත්වා ගෙන යාම පවා අභියෝගයකි. සෞඛ්‍ය සේවාව සඳහා බෙහෙත් ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය විධිමත් නොවීම මත වසරේ අප්‍රේල් මැද භාගය වනවිට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යවල හිඟතාවක් රජයේ මෙන්ම පුද්ගලික රෝහල්වලද ඇති විය. එපමණක් නොව මේ වනවිට වෛද්‍යවරු මෙන්ම කාර්ය මණ්ඩලයට නියමිත වෙලාවට රෝහලට පැමිණීමේ දුෂ්කරතා පවා මතු වෙමින් පවතී. මෙකී දුෂ්කරතාවලට මුහුණ දෙන අපේ මානසික සුවතාව, පරෙස්සම පවා ගිලිහී යා හැකියි. එවන් අවස්ථාවලදී හදිසි අනතුරු අතර පවා ඇත්තේද සමීප සම්බන්ධතාවකි.

රටේ වැඩිහිටි, තරුණ,ළමා ප්‍රජාවම නිරෝගීභාවය රැක ගැනීමට සැලකිල්ලක් දැක්විය යුතු අතරම අන් කවරදාටත් වඩා ළමයින් ගැන මේ කාලයේදී වැඩි අවධානයකින් සොයා බැලිය යුතුම කාලයකි. අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යවල හිඟයක්ද ඇති නිසා ඔබ දරුවාව ආදරයෙන් මෙන්ම පරෙස්සමින් බලා ගත යුතු බවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

මේ කාලයේදී ළමයින්ට එල්ල වන රතු එළි මොනවාද?

ප්‍රශ්න මැද හිස ඔසවන ඩෙංගු

ජනතාව නිවෙස්වලට වී සිටිනවාට වඩා වැඩි කාලයක් පෝලිම්වලය. නැත්නම් මහමඟය. එනිසා නිවසේ රැඳෙන කාලය අඩු වීම නිසා නිවස හා වටපිටාවේ පිරිසුදුකම රැක ගැනීමට අපොහොසත් වී ඇත. පාසල් බොහොමයකගේම වැඩ කටයුතු මාර්ග ගත අධ්‍යාපනය මගින් කරගෙන යන නිසා ළමයින් වැඩි කාලයක් නිවෙස්වල රැඳෙති.

තම නිවස හා වටපිටාව දරුවන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමටත් අවධානය ලබා දෙන්න. මේ දිනවල රඹුටන් වාරය නිසා ඔබ කා ඉවත ලන රඹුටන් ලෙල්ලේ වුවද වතුර රැඳී ඩෙංගු මදුරු කීටයන් බෝ වීමට පුළුවන.

ඩෙංගු රෝගයට එන්නතක් ගැන පසුගිය දිනවලදී විවිධ මත ඉදිරිපත් වුනු අතර තවමත් එය පර්යේෂණ මට්ටමේ පවතී. එබැවින් එහි සාර්ථක අසාර්ථකභාවය ගැන දැන්ම කිව නොහැකියි.

විටින් විට කොවිඩ් සෙවනැලිත්

කොවිඩ් -19 තවමත් මුළුමනින්ම පහව ගොස් නැති අතර වරින් වර කොවිඩ් ආසාදිත දරුවෝ වාර්තා වෙති. එනිසා තවදුරටත් නිවැරැදිව මුව ආවරණය පැළැඳීම අත්‍යවශ්‍ය වේ.

ඉන්ෆ්ලුවන්සා රතු එළි

හෙම්බිරිස්සාව සමග උණ ගතිය වැඩි නම් සමහර විට එය ඉන්ෆ්ලුවන්සා විය හැකියි. මේ දිනවල එහි පැතිරීමත් වැඩි නිසා ඔබේ දරුවාට නිවසින් පිටතදී තව දුරටත් සමාජ දුරස්තභාවය රැක ගැනීමට, දෑත් පිරිසුදු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න.

හදිසි අනතුරු

අර්බුද කාලයකදී මානසික ආතතිය ඇති වීම සුලබ කරුණක් නිසා හදිසි අනතුරු පවා වලක්වා ගත හැකි ක්‍රියා මාර්ග ඔලුවේ තිබුණත් ක්‍රියාත්මක නොවීම ගැන පුදුමයක්ද නැත. අනතුරක් සිදු වූ විට ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වෙනදාටත් වඩා අඩු මට්ටමක පැවතීමෙන් රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ලබා ගැනීම තෙක් වෙනදාට වඩා බාධා රැසක් මැද කර ගැනීමට සිදු විය හැකියි. එබැවින් අනතුරු මඟහරවා ගැනීම වැදගත්ය. දරුවන් බොහොමයක්ම නිවසේ රැඳෙන නිසා නිවසේ දී සිදු විය හැකි අනතුරු මඟ හරවා ගැනීමට අපට කළ හැකි දෑ මොනවාද?

  නිවසේ ලිස්සා වැටීමට ඉඩ ඇති ස්ථාන සොයා බලා පිළියම් යෙදීම

  අනවශ්‍ය පරිදි අපිළිවෙළට ගෘහ භාන්ඩ අසුරා ඇත්නම් ඒවා ක්‍රමවත්ව තබන්න.

  මේ දිනවල නිතරම විදුලිය විසන්ධි වීම් සිදුවන නිසා ළමයින් මෙන්ම වයෝවෘද අය පවා නිවස තුළ අඩු ආලෝක තත්ත්ව යටතේ එහා මෙහා ගමන් කරයි. ඔවුන්ගේ ගමනට බාධා වන අයුරින් විවිධ දෑ හරස් කොට ඇත්නම් ඉවත් කරන්න.

  විදුලිය විසන්ධි වී ඇති රාත්‍රී කාලයේදී නිවසේ එහා මෙහා යාමට සුදුසු ආලෝක ප්‍රභවයක් යොදා ගන්න.

  පන්දම්, කුප්පි ලාම්පු වැනි දෑ පෙරළීමෙන් අනතුරු සිදු වීමට හැකියි. ඒ වගේම විදුලි සැපයුම සඳහා විවිධ විකල්ප භාවිත කිරීමේදී ඒවායේ ප්‍රමිතිය ගැනත් අවධානය යොමු කරන්න.

ශරීර සෞඛ්‍යය සහ මාංශ පේශිවල ශක්තිමත්භාවය පවත්වා ගැනීම තුළ ඇදවැටීම් ,ලිස්සා වැටීම්වලින් ආරක්ෂා විය හැකියි.

නිවසින් පිටත සිදුවන අනතුරු

මඟතොටේදීත් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියා කිරීම වැඩිහිටි සැමගේ යුතුකමකි. රිය අනතුරු සුලබ කාලයකදී ඒවායෙහි ගොදුර කුඩා දරුවන් වීමත් කනගාටුවට කරුණකි. එනිසා පරෙස්සමින් රිය ධාවනයේ යෙදීම, ආසන පටි පැළැඳීම වැනි දෑට ප්‍රමුඛත්වය ලබා දෙන්න.

එසේම රාත්‍රී කාලයේදී සර්පයින්ගේ දෂ්ඨනයට හසු වී රෝහල් ගත කරන ළමයින්ගේ සංඛ්‍යාවේද යම් වර්ධනයක් දක්නට ලැබේ. මෙවන් අසීරු අවස්ථාවකදී වුවත් හැකි ඉක්මනින් දරුවාව රෝහල් ගත කළහොත් ප්‍රතිකාර ලබා දී සුව කළ හැකි යි. දරුවා රාත්‍රියට නිවසින් පිටතට යනවා නම් ආරක්ෂිත පාවහන් , සුදුසු ආලෝක ප්‍රභවයක් අතැතිව යාමට හුරු කරවන්න.

සායනවලට එන දරුවන්ට මතක් කිරීමක්

දිගු කාලීන රෝගවලින් පෙළෙන එනම් දියවැඩියාව, වකුගඩු රෝග,බඩේ අමාරු වැනි රෝගවලින් පෙළෙන දරුවන් මේ කාලයේදී සායන මඟ නොහැර අවශ්‍ය බෙහෙත් නොකඩවා ලබා ගන්න, බෙහෙත් ලබා ගැනීමට රෝගියා සහභාගී කරවීම අපහසු නම් ඒ සඳහා මව හෝ පියා හෝ භාරකරුවකු පැමිණ නියමිත දිනට බෙහෙත් ලබා ගත හැකියි.

අඛණ්ඩව බෙහෙත් ලබා ගත යුතු මෙවන් රෝගීන් කඩින් කඩ බෙහෙත් ලබා ගතහොත් රෝගී තත්ත්වය වඩාත් දරුණු වී රෝගියා මෙන්ම සෞඛ්‍ය අංශද ඖෂධ නොමැති කමින් අසරණ විය හැකියි.

බෙහෙත් හිඟය මධ්‍යයේ වුවද මාස 02ට සරිලන බෙහෙත් එකවර ලබා දෙන නිසා සෞඛ්‍ය අංශයට පහසුවක් වන පරිදි කටයුතු කිරීමට කාරුණික වන්න. තමන්ට නියමිත බෙහෙත් නිසි කලට ලබා ගනිමින් රෝග පාලනයක යෙදී රෝගය වලක්වා ගැනීමේ කාර්යය ඔබ සතුයි.

බොහෝ අසීරුතා මධ්‍යයේ අපහසු ගමනක් යන සැවොම සෑම සියලු දෙනාටම සවියක් විය යුතුයි. අනතුරක් වූවායින් පසු සිය දහස් වර සිත සිතා වද වෙනවාට වඩා එය කල්තියා හැඳින අවශ්‍ය පිළියම් යෙදීමෙන් අනවශ්‍ය අවදානම්වලින් මිදීමට පුළුවන.

දහසක් අභියෝග මැද වුවත් ඔබ දරුවාට ආදරය,කරුණාව, දයාව සමගම ආරක්ෂාවත් නිවැරැදි මාර්ගයත් පෙන්විය යුතුමයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

හදිසි අනතුරුවලින් දරුවන්ව රැක ගන්න

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site