X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අඩු වියදමින් පෝෂ්‍යදායී කෑම වේලක් ගනිමු

අපේ ප්‍රධාන පෝෂණ ගැටලු අතරට උසට සරිලන බර අඩු වීම, ඌන පෝෂණ තත්ත්වය සේම උසට සරිලන බරට වඩා වැඩි බරක් ඇති වීම, බර වැඩි නැතිනම් තරබාරු තත්ත්වයත්, ක්ෂුද්‍ර පෝෂක ඌනතා වන යකඩ ඌනතා නිරක්තය, විටමින් ‘ඒ‘ ඌනතාව, අයඩින් ඌනතාවත් ඇතුළත් වේ. මෙනිසා අඩු උපත් බර දරුවන් ඇති වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත.

නිරෝගීකම ගැන අප සිතිය යුතු වන්නේත් වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේත් දරුවකු මවුකුස පිළිසිඳ ගැනීමටත් පෙර සිටයි. එනම් ගැහැනු දරුවාගේ පෝෂණය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ගැහැනු දරුවකු විවාහ වන වයස එළැඹෙන විට උසට සරිලන බරින් යුතු වීම මෙන්ම යකඩ,අයඩින් , විටමින් ඌනතාවලින් තොර වීමත් අනාගතයේ ඉපදීමට සිටින දරුවාගේ නිරෝගී ජීවිතය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලැබේ. එසේම බර වැඩි, තරබාරු යෞවනියන් හට දරුපල පමා වීමට මෙන්ම මඳ සරුභාවය ඇති වීමේ ප්‍රවනතාවද ඉහළ ගොස් ඇති බව වර්තමානයේදී අපට සුලබව ඇසෙන කරුණකි. මවට පෝෂණ ඌනතා ඇති වීම නිසා අඩු උපත් බර සහිත දරුවකු බිහි වීමට ඇති ප්‍රවනතාවද වැඩි කෙරේ. මෙහිදී අඩු උපත් බර යනුවෙන් හැඳින්වෙන්නේ කිලෝග්‍රෑම් 02.05කට වඩා අඩු උපත් බර වේ.

අඩු උපත් බර සහිත දරුවන් මන්දපෝෂණයට, ක්ෂුද්‍ර පෝෂක ඌනතාවට මෙන්ම ඒ හේතුවෙන් ඇති වන බුද්ධිය හීන වීමට ,ප්‍රතිශක්තිය අඩු වී රෝගවලට භාජන වීමට ඉඩකඩ ඇත. එසේම දියවැඩියාව. අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, පිළිකා වැනි බෝ නොවන රෝග සඳහාද අවදානමක් පවතී.

දරුවා ඉපදුනු පසු නිසි පෝෂණයක් නොලැබීමෙන් හොඳ උපත් බරක් සහිතව බිහිවන දරුවන් පවා මන්දපෝෂණයට ලක් වීමට වැඩි අවදානමක් ඇත. අපේ ආහාර රටාව, ජීවන පැවැත්ම, දුම්පානය, මත් වතුර භාවිතය, මානසික ආවේගශීලී බව, ස්වභාවධර්මය විසින් අපට ලබා දී ඇති බොහොමයක් සම්පත් විනාශ කිරීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම ජීවන චක්‍රයේ විවිධ වයස් කාණ්ඩවලදී ආහාර වේල ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ.

රටේ අද පවතින ආර්ථික අර්බුදයත් සමග අප මේ වනවිට විවිධ අපහසුතාවලට මුහුණ දී සිටිමු. ඒ අභියෝග මැද අපේ ආහාරවේල කෙසේ සකසා ගත යුතුද යන්න අවධානය යොමු විය යුතුම කාරණාවකි.

නිරෝගී බව රැක ගැනීම මෙන්ම වැඩි දියුණු කොට පවත්වා ගැනීම සඳහා අපේ ආහාර පිඟානේ තිබිය යුත්තේ මොනවාද? එදිනෙදා කාර්යය කර ගැනීම සඳහා ශක්තිය ලබාදෙන ආහාර වර්ග, එමෙන්ම වර්ධනය සහ ගෙවී යන කොටස් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන ආහාර වර්ග සහ ශරීරය ආරක්ෂා කරන ආරක්ෂක ආහාර වර්ග වේ.

අපට ශක්තිය ලබා දෙන්නේ බත්, කුරක්කන්, මෙනේරි, බඩ ඉරිඟු, තිරිඟු වැනි ධාන්‍ය වගේම අල,බතල, කොස්,දෙල් සහ තෙල් හා මේද ස්වල්පයක් වශයෙනි.

විශේෂයෙන්ම දරුවන්ගේ වයස අවුරුදු 20ක් පමණ වනතෙක් ශරීරය වර්ධනය කරන්නේත් වැඩිහිටියන්ගේ ගෙවී යන කොටස් අලුත්වැඩියා කරන්නේ වර්ධක ආහාරයි. එනම් සත්ව ආහාර වන මාළු, මස්, බිත්තර, කරවල, හාල්මැස්සන්, කිරි සහ කිරි ආහාර වර්ගයි. එසේම ශාක ආහාර වන පියලි ඇට වර්ග- කවුපි,කඩල, මුං ඇට, පරිප්පු, සෝයා බෝංචිද ඇතුළත් වේ.

අනෙක් අත්‍යවශ්‍ය ආහාර කොටස වන්නේ ශරීරය ආරක්ෂා කරන විටමින්, ඛනිජ වර්ග සහ තන්තු මෙන්ම ප්‍රතිඔක්සිකාරක (එනම් පිළිකාමය තත්ත්ව වලක්වන , රුධිරවාහිනී ආරක්ෂා කරන) එළවළු, පලතුරු සහ පළා වර්ග ඇතුළත් වේ.

ඉහත ආහාර කාණ්ඩ ගැන ඔබ දැනුම්වත් නම් අපේ ආහාර පිඟානේ තිබිය යුතුම සිරුර නිරෝගී කරන දේවල් ගැන , එබඳු ආහාර වේලක් සකසා ගැනීමට වැඩි මුදලක් අවශ්‍ය නොවේ.

අද වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යන ආහාර පාන සහ එළවළු මිල හමුවේ නිවසේ දෛනික ආහාර වේල පිළියෙළ කර ගැනීම මේ වනවිටත් ඔබට මහා අභියෝගයක් වී ඇත.

වෙළෙඳපොලේ විවිධ එලවළු, පලතුරු, පළා වර්ග ඇති අතර මිල දර්ශකය බලා තමන්ගේ ආර්ථිකයට ගැලපෙන එළවළු තෝරා ගන්න. මිල අඩු එළවළු වර්ග දෙක තුනක් වෙනදා ගන්නා ප්‍රමාණයට වඩා අඩුවෙන් ගන්න. නිවසේ සිටින සාමාජිකයන්ට සරිලන පරිදි එළවළු වර්ග දෙකක් මිශ්‍ර කර එක් වෑංජනයක් සකසා ගන්න. එයටම හාල්මැස්සන් කිහිපදෙනෙකු හෝ බිත්තරයක් දෙකක් එකතු කර ගත හොත් නැත්නම් පරිප්පු වැනි ඇට වර්ගයකින් මේස හැඳි දෙකක් තුනක් එකතු කර ගතහොත් එක් වෑංජනයකින් හොඳ පෝෂණයක් ලබා ගත හැකිය.

එමෙන්ම කොස් බහුල මේ කාලයේ කොස්වලින් අපේ ආහාර වේල පෝෂ්‍යදායී ලෙස සකසා ගැනීමේ හැකියාව පවතී. පාන් පිටි කොත්තු කෑමට පුරුදු වී සිටින බොහෝ දෙනකුට ගෙදර ඇති එළවළු සුළු ප්‍රමාණයෙන් තිබුණත් ඒ සියල්ල තෙල් ස්වල්පයක් එකතු කර කූණිස්සන් හෝ හාල්මැස්සන් කිහිප දෙනකු හෝ එකතු කර තැම්බූ කොස්වලට දමා මිශ්‍ර කර කොස් කොත්තුවක් ආහාරයට එකතු කර ගත හැකියි.

එමෙන්ම ම‌ඤ්ඤොක්කා වැනි අල තම්බා පොල් සමග කෑම වෙනුවට වතුර පෙරා ගත් පසු පළා මිටක්, සිහින්ව ලියා ගත් වට්ටක්කා, දඹල වැනි එළවළුවක් හුමාලයෙන් කැම්බෙන ලෙස එකතු කර ගත හොත් ශරීරයට අවශ්‍ය පෝෂක පහසුවෙන්ම ලබා ගත හැකියි.

ඒ වගේම ඇට වර්ග තැම්බූ පසු ඊට පළා වර්ගයක් , පොල් ටිකක් බිත්තරයක් මෙන්ම තෙල් ස්වල්පයක්ද එකතු කිරීමෙන් රසවත් පෝෂ්‍යදායී ආහායක් විශේෂයෙන්ම දරුවන් උදෙසා පිළියෙළ කර ගත හැකියි.

ගර්භනී මවුවරු මෙන්ම කිරි දෙන මවුවරුද ඔබේ පෝෂණය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. බිළිඳු දරුවකුගේ නිරෝගීකමට මවගේ පෝෂණය බෙහෙවින් ඉවහල් වන සාධකයකි. පෙර මෙන් දකින හැම කෑමක්ම කන්නට නැතැයි පසුතැවිලි නොවී වටපිටාවේ ඇති පළා වර්ග ඇට වර්ග එළවළු වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගන්න.

විවිධ පිටිකිරි වර්ග පානය කිරීම වෙනුවට මීකිරි, යෝගට් වැනි ආහාරයකින් එකී අවශ්‍යතාව සපුරා ගත හැකියි. යකඩ ඌනතාව වලක්වා ගැනීමට යකඩ පෙති භාවිත කරන අතරම පළා වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගත හැකියි. ඇට වර්ග තම්බන විට ඒවා පැය 12ක් 18ක් පමණ පෙඟෙන්නට හැර පැළවූ තත්ත්වයෙන්ම තම්බා ගත හැකි නම් ඒවායේ යකඩ පහසුවෙන් ශරීරයට උරා ගැනීමට පහසු වනු ඇත. තමන්ගේ ගෙවත්තේ ඇති පලතුරු නිතරම ආහාරයට ගන්න. ආවේගශීලී නොවී සිත සන්සුන් කර ගැනීමට උත්සාහ ගන්න.

රොටි සැකසීමේදී වුවද නිවසේ සුළු වශයෙන් ඉතිරිව ඇති එළවළු සිහින්ව කපා රොටියට එකතු කර වැඩි පෝෂක ප්‍රමාණයක් ලබා දිය හැකියි.

මිල අධික යැයි සිතමින් මාළු මිලදී ගැනීමට නොහැකි වුවත් ඊට වඩා මිලෙන් අඩු බිත්තර වැඩෙන දරුවන්ට ලබා දීමට හැකි වුවහොත් ඔවුන්ගේ වර්ධනය මෙන්ම ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගත හැකිය.

මෙතෙක් තමන්ගේ ගෙවත්තේ තිබුණද වැඩි මිලක් නොදැරූ සේම විශේෂයෙන් ඉතා කලාතුරකින් ආහාරයට ගත් පේර,ජම්බු, ඇඹරැල්ලා, කාමරංගා, ගස් ලබු, අඹ, නාරං,ලොවි, වෙරළු, නෙල්ලි, කොමඩු, ලාවුළු, අන්නාසි වැනි පලතුරුවලට දරුවන් වඩ වඩාත් යොමු කරවන්න. පවුලේ සෙසු සාමාජිකයන් අතරත් මෙම ආහාර බෙදා ගත හැකියි. විවිධ විස රසායනික යොදා ඇති පිටරටින් ආනයනය කරන ඇපල්, මිදි, දොඩම්වලට වඩා මේ පලතුරු ඉතා ගුණදායකයි.

චීස්, බටර් නැතිව දුක් වීමට වඩා දරුවන්ට මී කිරි, සෝයා නිෂ්පාදනවලින් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ දරන්න.

ගෙවත්තේ මල් පෝච්චියක, සහල් කවරයක , භාවිත තර ඉවත දැමූ බඳුනක පළා ටිකක්, එළවළුවක් වගා කර ගන්න.

විශේෂයෙන්ම පිටිකිරි මිල ඉහළ ගොස් ඇති මේ කාලයේ වෙනත් විකල්ප දෙස අවධානය යොමු කරන්න. අලුත උපන් බිළිඳාට මාස 06ක් ගතවන තුරු ලබා දිය හැකි එකම ආහාරය මවුකිරි පමණි. ඉන්පසු මවුකිරි සමඟ අනෙකුත් ආහාරත් හුරු කරවීමට උත්සාහ ගන්න. එම ආහාර වට්ටෝරුවේ පිටිකිරි තිබීම අවශ්‍ය නැත. ඒ වෙනුවට යෝගට් වැනි කිරි ආහාරයක් තිබීමත් වැදගත්වේ.

දරුවන්ගේ පෝෂණය සේම ඔවුන්ගේ ක්‍රියාශීලිත්වය ගැනද අවධානය යොමු කිරීමට මේ සුදුසුම කාලයයි. ඒ උදෙසා දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට පැයක්වත් ඉඩ ලබා දෙන්න. එවිට සමට පතිත වන හිරු එළිය මගින් ශරීරයට අවශ්‍ය විටමින් D ලබා ගත හැකි වනු ඇත. වැඩිහිටියන්ද උදෑසන 10ත් 12ත් අතර පැය භාගයක්වත් හිරු එළියට නිරාවරණය වීම සුදුසුවේ.

අපි සියලුම දෙනා මේ ගත කරන්නේ ඉතාම දුෂ්කර කාලයකි. හැම දෙයක් දෙසම එකම කෝණයකින් නොබලා මැදිහත්ව සිතුවොත් අපේ ගෙවත්තෙන්, ගෙදරින්ම ලැබෙන පලදාවෙන් නිරෝගීකම රැක ගත හැකි වේවි. නිවසේ සාමාජිකයන්ගේ පෝෂණය පවුලේ සියල්ලන්ගේම වගකීමක් යුතුකමක් බව සිතා ඉතා සුබවාදීව මේ අභියෝගයටත් අපි සුබවාදීව මුහුණ දෙමු.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

අඩු වියදමින් පෝෂ්‍යදායී කෑම වේලක් ගනිමු

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site