(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව නව ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ අනුව හුරු විය යුතු නව ජීවන රටාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද එම කාර්යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව කාර්යාලයක සිටින ඔබ ආරක්ෂා වීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය මෙසේය.
* කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සැලැස්මක් සකස් කරන්න.
* රැකියා ස්ථානයට ඇතුළුවීමට පෙර දෑත්වල සබන් ගා අවම වශයෙන් තත්පර 20ක්වත් සෝදන්න.
* රැකියා ස්ථානයේ රැඳී සිටියදීත් හැකි සෑම විටම සබන් යොදා දෑත් සෝදන්න.
* නිවැරදිව මුහුණු ආවරණය පළඳින්න.
* සැමවිටම එකිනෙකා අතර දුර අවම වශයෙන් මීටරයක්වත් පවත්වා ගන්න.
* කැස්ස හෝ කිවිසුම් අවස්ථාවල නහය සහ මුඛය වැලමිටේ ඇතුළු පැත්තෙන් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කරගන්න.
* සේවා ස්ථානයේ නිතර ස්පර්ශ වන පෘෂ්ඨ විෂබීජනාශක යොදා නිතර පිරිසිඳු කරන්න.
* දොරවල් අතෙහි ස්පර්ශ නොවන අයුරින් (උදා - ශරීරය භාවිතා කර) විවෘත කිරීමට උත්සාහ කරන්න.
* හැකි සෑම අවස්ථාවකම නිවසේ සිට වැඩකිරීම දිරිගන්වන්න.
* සේවා මුරයක් සඳහා සහභාගී වන සේවක පිරිස් සීමා කරන්න.
* රැස්වීම් පැවැත්වීම තාක්ෂණික ක්‍රම භාවිතයෙන් සිදුකරන්න.
* දිවා ආහාර සහ තේ විවේක කණ්ඩායම් වශයෙන් ලබාදෙන්න.
* රැකියා ස්ථානයේදී ඔබේම කොප්පයක් හෝ පිඟානක් භාවිතා කරන්න.
* භාවිතා කරන මුහුණ ආවරණ පියන සහිත කසල බඳුනකට ආරක්ෂිතව බැහැර කරන්න.
* ආචාර කිරීමේදී අතට අතදීමෙන් හා වැළඳ ගැනීමෙන් වළකින්න.
* අත් ආධාරක, දොර ආදී නිතර ස්පර්ශ වන මතුපිට පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් හැකිතාක් වළකින්න.
* සුළු හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් කාර්යාලයට යාමෙන් වළකින්න.
* මුඛය, නාසය සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින්න.
* රැකියා ස්ථානයෙන් පිටවීමට පෙර ද දෑත් සබන් යොදා තත්පර 20ක්වත් සෝදන්න.
* වැඩ අවසන් වූ වහා හැකි ඉක්මනින් නිවසට යන්න.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාර්යාලයක දී ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද