X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


කොරෝනාවෙන් බේරෙන්න හිතුමතේ බෙහෙත් බොන්නේ බලාගෙනයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ 

කොවිඩ්- 19 වැළඳුණ රෝගීන්ට සහ එම ආසාදනයෙන් වැලැකීමට යැයි විවිධාකාර බෙහෙත් වට්ටෝරු මේ දිනවලදී සමාජ මාධ්‍ය අතර නිරන්තරයෙන් හුවමාරු වෙමින් පවතී. මෙහි පදනම කුමක් වුවත් සායනිකව තහවුරු කිරීම් නැති මේ බෙහෙත් වට්ටෝරුවලට රෝගීන්ගේ ඇති අනුගත වීම නම් පුදුම උපදවන සුළුය. වෛද්‍ය අනුමැතියකින් තොරව ඔබගේ අභිමතය පරිදි කොවිඩ්-19 රෝගයට ඖෂධ ලබා ගැනීම කෙතරම් හානිදායකද යන්න ඔබ සබුද්ධිකව සිතා බැලිය යුතුය.

මෙසේ හුවමාරු වන ඇතැම් ඖෂධ වට්ටෝරු ගෙන බැලූ විට ඒවායේ බහුලව ඇතුළත් කොට ඇත්තේ විවිධ විටමින් වර්ගයි. විටමින් යනු අත්‍යවශ්‍ය  පෝෂණ සංඝටකයක් වුවද ඒවා අතිරේක ලෙස ලබා ගත යුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණි. විවිධ වර්ගයේ විටමින රාශියක් එකවර ගැනීමෙන් සුවිශේෂී කිසිඳු ප්‍රතිඵලයක් අත් නොවේ.  එසේම මේ දිනවල සුලබව ලබා ගන්නා විටමින ලෙස විටමින් සී, විටමින් ඩී, විටමින් ඊ, විටමින් බී  දැක්විය හැකියි.

 රෝගී - නිරෝගී දෙපිරිසම දිනකට තුන් හතර වතාවක් විටමින්‘සී‘ පෙති වශයෙන් ලබා ගැනීමටද මේ වනවිට පෙළඹී තිබේ.  මෙයද රැල්ලට මිස කිසිඳු වෛද්‍ය උපදෙසකින් තොරවයි.

අපි මෙයාකාරයෙන් විටමින්‘සී‘ බෙහෙත් පෙත්තක් ලෙසින්ම ලබා ගත යුතු නැත. විටමින්‘සී‘දුර්වලතාවක් පවතී නම් පමණක් වෛද්‍ය අනුමැතිය මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගැනීම වරදක් නොවෙයි. නමුත් විටමින්‘ සී‘පෙති දිනකට බොහෝ වාරයක් භාවිත කිරීම අවශ්‍යම  නොවේ. 

විටමින් ‘ සී‘ ජලයේ ද්‍රාව්‍ය විටමිනයක් වන නිසා ඔබ වැඩිපුර ලබා ගන්නා සියල්ල මුත්‍රා සමග පිටවීම සිදුවේ. විටමින්‘සී‘ස්වභාවිකව ලබා ගත හැකි ප්‍රභව ඕනෑ තරම් ඇති නිසා ඒවා මගින් ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීම වඩාත් උචිතවේ.

විටමින්‘සී‘ වුවද දිනකට අවශ්‍ය ප්‍රමාණයක් ඇත. එය බෙහෙත් පෙත්තක් මගින් ලබා ගැනීමට වඩා විටමින්‘සී‘ ලැබෙන ප්‍රභව කොපමණ තිබෙනවාද? දෙහි, දොඩම්, අඹ,  පේර, ඇඹරැල්ලා, නාරං වැනි නැවුම් පලතුරු වර්ගල නැවුම් එළවලු වර්ග වැනි දෑවල විටමින්‘සී‘ අඩංගු වේ. මෙවැනි ස්වභාවික ප්‍රභව මගින් ඕනෑම කෙනෙකුට දෛනික අවශ්‍යතාව  මනා ලෙස පිරිමසා ගත හැකියි.

‘ගැස්ට්‍රයිටීස්’  වැනි උදරයේ අබාධ, වමනය,  පාචනය වැනි අතුරු අබාධ සහ දීර්ගකාලීන ලෙස අධික මාත්‍රෙවන් කාලයක් පුරා  ගැනීමෙන් අස්ථි සහ දත්වල අබාධ, වකුගඩු ආශ්‍රත ගල් ඇතිවීම, වෙනත් පෝෂක අසමතුලිතතා ඇති විය හැකියි.

තවද සමහර විටමින් වර්ග ජලයේ දියවේ. එබඳු විටමින් කොපමණ ගත්තද සිරුර විසින් අවශ්‍ය ප්‍රමාණය පමණක් රඳවා ගනිමින් අතිරික්තය මුත්‍රා සමඟ පිට කරයි. එමනිසා වැඩි මාත්‍රාවෙන්  ලබා ගැනීමෙන් කිසිඳු අමතර වාසියක් නැත. සිදු වන්නේ අනවශ්‍ය අතුරු ආබාධ ඇතිවීමයි. තවද විටමින් ‘ඒ‘, ‘ඩී‘,‘ඊ‘ සහ ‘කේ‘යන විටමින වර්ග ජලයෙහි දිය නොවන අතර ඒවා මේද ද්‍රාව්‍ය  නිසා සිරුරේ අනවශ්‍ය ලෙස තැන්පත් විය හැකියි. අනවශ්‍ය ආකාරයෙන් මෙබඳු විටමින වරද සිත් සේ  දිගුකාලීනව ලබා ගැනීම විවිධ අතුරු ආබාධවලට අත වැනීමක් වනු ඇත.

සමාජ මාධ්‍ය අතර හුවමාරු වන සමහර ඖෂධ වට්ටෝරුවල ප්‍රතිජීවක ඖෂධ කිහිපයකම නම් ඇතුළත් කර තිබෙනු දැකිය හැකියි. මෙවැනි පදනමක් නැති වට්ටෝරුවල ඇතුළත් බෙහෙත් භාවිත කිරීම ඉතා අවදානම් බව මතක තබා ගන්න. වෛද්‍යවරයෙකු ප්‍රතිජීවක ඖෂධ නියම කරන්නේ බැක්ටීරියා ආසාදනයකටයි. කොරෝනා යනු වයිරසයක් මිස බැක්ටීරියා ආසාදනයක් නොවේ. එමනිසා මෙම වයිරස් රෝගයකට අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක භාවිතය නොකළ යුතුය.

එසේ නමුත්ඇතැම් රෝගීන්ට කොවිඩ් රෝගයේ සංකූලතා වැඩිවී නිව්මෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වී ද්විතීයික ලෙස බැක්ටීරියා ආසාදනයක් ඇතිවිය හැකිය. එම අවස්තාථාවලදී පමණක් වෛද්‍යවරයා විසින් එම බැක්ටීරියා අසාදනයට අදාල විශේෂිත ප්‍රතිජීවක ඖෂධය ලබා දීමට කටයුතු යොදනු ඇත. එසේ නොමැතිව ප්‍රතිජීවක ඖෂධ අතොරක් නැතිව සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන හෝ කිසිදු රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් මුල් අවස්ථාවේම  ලබා ගනිමින් අවභාවිත කිරීම මගින් එම බැක්ටීරියාවන් අදාල ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධී වීමේ දැඩි අවදානම් තත්ත්වයක් හට ගනී. එසේ වීමෙන් රෝගය උත්සන්න වූ අවස්ථාවක දී භාවිත කිරීම සඳහා කිසිඳු ප්‍රතිජීවක ඖෂධයක් නොමැති වීමෙන් රෝග තත්ත්වය මාරාන්තික විය හැකිය. මෙය මුළු මහත් මානව ප්‍රජාවටම අවසානයේ  මහත් හාකර ප්‍රතිඵල අත්කර දෙනු ඇත.

ඇතමෙකු ආසාදිතයකු බව දැන ගත් මොහොතේ සිට ‘ඩෙක්සමෙතසෝන්‘ සහ ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධ දෙවර්ගයත් අධික ලෙස ලබා ගන්නා බව හෙළිවී ඇත. එකම කාණ්ඩයට අයත් මෙම බෙහෙත් දෙවර්ගයම අනවශ්‍ය ලෙස ගැනීම සිරුරේ ප්‍රතිශක්තිය අඩු කිරීමට හේතු වේ. අතුරු ආබාධ වශයෙන් ගැස්ට්‍රයිටීස් වැනි තත්ත්ව ඇති කරයි. මෙම ඖෂධ වෛද්‍යවරු විසින් නියම කරනු ලබන්නේ රෝග තත්ත්වය අනුව වන අතර රෝගය උත්සන්න වන අවස්ථාවකදී පමණි. එමනිසා ප්‍රතිශක්තිය තවත් හීන කරන මෙවන් ඖෂධ හිතුමනාපයේ භාවිතය වයිරසයට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව දුර්වලකර රෝගය තවත් උත්සන්න වීමට බල පැ හැකිය. 

ගෘහාශ්‍රිතව සිටින කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිශක්තිය වඩවා ගැනීමට අප ලබා දෙන උපදේශ වන්නේ හොඳ සමබල ආහාර වේලක්ලබා ගන්නා ලෙසයි. එහි පළා වර්ගයක්, එළවළු සේම මස්, මාළු, බිත්තරවලින් කැමති එක් වර්ගයක් ඔබේ ආහාරයට එකතු කර ගන්න. හැකිතාක් නැවුම් පලතුරක් අහාරයට ගැනීමට උත්සාහ කරන්න.  දිනපතාම    වැඩිහිටියෙකු නම් දියර වතුර ලීටර් දෙක හමාරක් තුනක් අතර ප්‍රමා‌ණයක් පානය කරන්න.

ගතට විඩාව ගෙන දෙන කාර්යන්හි නිරත නොවී අනවශ්‍ය ආතතියෙන් බැහැරව මනා විවේක සුවයකින් ගත කිරීම රෝග තත්වයෙන් ඉක්මනින් මිදීමට මහත් රුකුලක් වෙයි. හොඳින් හිරුඑළිය සහ වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් තිබේ නම් එයවඩාත් හොඳය. සැම විටම නිවැරැදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් පවුලේ අනෙකුත් සාමාජිකයන්ගෙන් වෙන්වී සිටීම ඉතා වැදගත්වේ.

යම් හෙයකින් වැඩිහිටි කොවිඩ්-19  රෝගියෙකුට උණ ගතිය ඇතිනම් පැය 6න් 6ට පැරසිටමෝල් පෙති 02 බැගින් ගත හැකියි. දරුවන්ට නම් සිරුරේ බර අනුව අවශ්‍ය මාත්‍රාව ලබා දිය හැකිය. උණ වැනි රෝග ලක්ෂණයකදී රෝගියාට ගත හැකි අප විසින් නිර්දේශිත එකම ඖෂධය පැරසිටමෝල් පමණි. වෙනත් ඖෂධවල අවශ්‍යතාව සැම විටම වෛද්‍ය නිර්දේශය මත තීරණය කළ යුතුය.

හුස්ම ගැනීමේ අපහසුතාවක් වැනි වෙනත් රෝග සංකූලතා මතු වේ නම් වහාම වෛද්‍ය උපදෙස්වලට යොමු විය යුතුයි. රෝග සංකූලතාවල වර්ධනය සමඟ අවශ්‍ය කෙරෙන ඖෂධ තීරණය කිරීම වෛද්‍යවරයා විසින් කරනු ලැබේ.

ඇතැම් විට ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි නිදන් ගත රෝගයකින් පෙළෙන්නකු නම් ඒ සඳහා ගන්නා බෙහෙත් නොකඩවාම ලබා ගත යුතුයි.

කොවිඩ්-19 රෝගයේදී එක් එක් ඖෂධය ලබා දිය යුතු අවස්ථාවන් ගැන සාමාන්‍ය පුද්ගලයන්ට මනා අවබෝධයක් නැති අතර ඖෂධ නියමිත පරිදි නිසි මාත්‍රාවෙන් නියම කිරීම වෛද්‍යවරයකුගේ කාර්යය භාරයකි. එකී උපදෙස් අනුව කටයුතු කරමින් ඔබගේත් ඔබගේ ආදරණීයන්ගේත් නිරෝගීභාවය රැක ගැනීම ඔබගේ වගකීමයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

කොරෝනාවෙන් බේරෙන්න හිතුමතේ බෙහෙත් බොන්නේ බලාගෙනයි

mihira Friday, 17 September 2021 06:12 PM

දැන් ඉන්න ඔය මහලොකු දොස්තරලා පොඩි කාලේ අපේ හෙළ බෙහෙත් බිව්වේ සායනික පරීක්ෂණ කරාද මහත්වරුනි... අදටත් ඉන්නේ ඒවගේ බලෙන් නේද?

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site