දිරාගිය දත් සඳහා ප්‍රතිකාර කිරීමේදී ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය,ස්නායු පිරවුම සේම ,තාවකාලික පිරවුම, දතේ දිරාගිය කොටස් ඉවත් කර පිරවුම් ද්‍රව්‍ය මගින් පිරවීමද සිදුකෙරේ.
මෙම ප්‍රතිකාර බොහොමයක්ම රජයේ රෝහල් මගින්ද ලබා ගත හැකියි. ඇතැම් විටෙකදී අවස්ථා සීමා සහිත විය හැකියි. පුද්ගලික අංශයේදී ඉහත ප්‍රතිකාරවල මිල සාමාන්‍ය පිරවුමකසිට ස්නායු පිරවුම දක්වා යාමේදී අනුක්‍රමිකව ඉහළ යා හැකියි. මීට හේතු වන්නේ ප්‍රතිකාර නියමිත පරිදි සිදු කිරීමට වැඩි කාලයක් ගත වීම, මිල ඉහළ උපකරණ මෙන්ම අමුද්‍රව්‍ය භාවිතය සහ ඇතැම් විටෙකදී දන්ත තාක්ෂණික ශිල්පීන්ගේද සේවය ලබා ගැනීමට සිදු වීමයි.
කුඩාවට තිබුණු කුහරය පිරවීමෙදී විශාල ලෙස පාදා ගන්නේ ඇයි?
දත දිරායන ක්‍රමය අනුව දතේ ඉහළ ස්ථරවලදී කුඩා සිදුරක් මගින් ඇතුල් වී ඇතුළත ස්ථරවලදී දෙපසට විහිදී යයි. එමෙන්ම පවතින සිදුර වටා රෝගියාට හඳුනා ගත නොහැකි ලෙස ආසාධිත පටක කොටස් පවතී.
පිරවීමට පෙරාතුව මෙකී ආසාධිත කොටස් ඉවත් කිරීම කළ යුතු වේ. එසේ නැති වුව හොත් පිරවුමට යටින් දත තව දුරටත් දිරාපත් වීමට පටන් ගනී.
දතේ සිදුරට මුලින්ම තාවකාලික පිරවුමක් යෙදුවද ටික දිනකින් නැවත කැක්කුම හට ගැනේ. එවිට දත ගැලවීමේ අවදානම හෝ වියදම් අධික ස්නායු පිරවුමක් නිර්දේශ කරන්නේ ඇයි?
අපේ රටේ දන්ත වෛද්‍ය අධ්‍යාපනය ප්‍රශස්ථ මට්ටමක පවතී. වෛද්‍යවරුන් පුහුණුව ලබන්නේ දත ආරක්ෂා කර ගැනීමට අවැසි සියලුම පියවර ගැනීමටයි. එය ඔවුන්ගේ වගකීමද වේ. එබැවින් ගැඹුරු සිදුරු සඳහා ඖෂධීය තාවකාලික පිරවුම යොදනුයේ එහි පටක ආරක්ෂා කර දත ස්නායු පිරවීමකට ලක් නොකර ආරක්ෂා කර ගැනීමේ අවසන් උත්සාහය ලෙසිනි. ඇතැම් විටෙක එය සාර්ථක වන අතර තවත් විටෙකදී එය අසාර්ථක වී වේදනා ගෙනදිය හැකියි. එවිට ස්නායු පිරවීමකට හෝ දත ගැලවීම යන ක්‍රමෝපායවලට යාමට සිදු වේ.
දත් දෙපාරක් හෝ ඊට වඩා දත් මැද්දත් දිරා යාමට පටන් ගැනේ.
මෙහිදී අවශ්‍ය වන්නේ නිසිව සහ විධිමත්ව දත් මැදීමයි. එනම් දිනකට දෙවරක් උදෑසන සහ රාත්‍රියේ නිදා ගැනීමට ප්‍රථම දත් මැදීම අනිවාර්යයි.
දත් කැඩි කැඩී යාම
මෙය බොහෝ විට ගර්භනී අවදිය හෝ ඉන් පසුව සුලබව නගන ප්‍රශ්නයකි. මීට හේතු වන්නේ එ සමයේදී ආහාර රටාව, පුරුදු වෙනස් වීම සහ දන්ත සෞඛ්‍ය පැවැත්මේ වෙනසක් සිදු වීමයි. උදාහරණ ගත්විට මෙම කාලයේදී දත් මදින විට වමනය වැනි තත්ත්ව ඇති වීම , මුල් මාසවලදී පැණි රස ආහාර පමණක් ගැනීමට හැකි වීම දැක්විය හැකියි.
ඔබ දැනගත යුතු යමක්
ඔබගේ මුඛ සෞඛ්‍යය ක්‍රමවත්ව පවත්වා ගැනීම තුළ ස්වාභාවිකව මතු වූ දත් පෙළ නිති රැක ගත හැකි වේ. එම දත් ශක්තිමත් භාවයෙන්ද යුතු වේ. අපගේ නොසැලකිලිමත්භාවය මත දත් දිරාපත් වූ විට පටකද විනාශ වී යයි.
දත පිරවීම මගින් දිරා ගිය දත සකසා ගත හැකි නමුදු එය ඔබගේ දන්ත එනමලය තරම්ම ශක්තිමත් නොවේ. පිරවූ පිරවුම වටා නැවත දිරාපත් වී යා හැකියි. එමෙන්ම පිරවුම් ගැලවී යා හැකියි.
මීට බලපාන කාරණා
අයහපත් ආහාර පුරුදු මෙන්ම අකත්‍රමවත් මුඛ සෞඛ්‍යය දිගටම පැවතීම
දත පිරවීමෙන් පසු ලැබෙන වෛද්‍ය උපදෙස් නොතකා හැරීම.
පිරවුමට යොදා ගැනෙන අමු ද්‍රව්‍ය සහ ක්‍රමවේදවල පවතින ගැටලු තත්ත්ව
අප වඩාත් උත්සාහ දැරිය යුත්තේ නිවැරැදි මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමටයි. ඒ අනුව සෑමමාස 06කට වරක් වත් දන්ත වෛද්‍යවරයකු ලබා ඔබගේ දත් පරීක්ෂාවකට යොමු වන්න. එවිට දිරා යන දත් සඳහා මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි. නිවැරැදි මඟ පෙන්වීමක්ද ලැබෙනු ඇති.
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දත් පිරවීමේදී ඔබ දැනගත යුතුම කරුණු