කොරෝනා වසංගතය අවසන් වුවද මුව ආවරණයක් පැළැදීම මගින් ලෙඩරෝග බොහෝමයකින් ආරක්ෂාවීමට හැකියාව ලැබේ. කොරෝනා වයිරසය ගින්නක් මෙන් ලොවපුරා පැතිරයමින් පාඩම් රැසක් අපට කියා දුන් අතර මුව ආවරණයක් පැළැදීමද පාඩමක් ලෙස ගෙන දිගින් දිගටම පැළැදීමට පුරැදු වුවහොත් බෙහෙත් පෙතිවලින් අවම ජීවන රටාවකට හිමිකම් කියනු ඇත.
මුව ආවරණයක් පැළැද සිටියදී අප ආශ්වාස කිරීමේදී වාතයේ ඇති විසබීජ පෙරීමකට ලක්වී පිරිසුදු වාතය ආඝ්‍රානය වේ. මුව ආවරණය මගින් ඉතා කුඩා මයික්‍රෝ අංශු පවා පෙරීමකට ලක්වේ. මෙහිදී වැදගත් කරැණක් වනුයේ වයිරස පමණක් නොව වායුගෝලයේ ඇති දූවිලි අංශු, මල්වල පරාග වැනි ඇසට නොපෙනෙන කුඩා අංශුවලින් ආරක්ෂාවද සැලසේ.
වායුගෝලයේ ඇති ඇසට නොපෙනෙ කුඩා අංශුවලට අසාත්මිකතා දක්වන රෝගීහු සිටිති. එවැනි අසාත්මිකතා දක්වන පුද්ගලයන් තුළ නාසයෙන් හොටු දියර ගැලීම, නිතර කිවිසුම් යාම, හුස්මගැනීමේ අපහසුතාව, නාසය අවහිරවීම වැනි තත්ත්ව ඇතිවේ.
නාසයේ ඇති ආස්ථරණ පටකවල ඇතිවන ප්‍රදාහකත්වය හේතුවෙන් නාසය අවහිරවීම හෙවත් ‘රයිනයිටීස්“ තත්ත්වය ඇතිවේ. කොරෝනා උවදුර හේතුවෙන් මුව ආවරණ පැළැදීමට අප පුරැදුවීම මගින් නාසය නිරාවරණයවීම තුළින් ඇතිවන අසාත්මිකතා බොහෝමයක් අවමවී තිබේ.
එමෙන්ම ඇදුම රෝගී තත්ත්වය ද අසාත්මිකතා නිසා ඇතිවන තත්ත්වයක් වන අතර එය පෙනහඵවල ස්වාසනාළිකා සිහින්වීමට ලක්වීම හේතුවෙන් ඇතිවන තත්ත්වයකි. මුව ආවරණ පැළැදීමට හුරැවීම නිසා මේවනවිට අලුතින් හදුනාගන්නා ඇදුම රෝගීන්ගේ සංඛ්‍යාවද පහළ මට්ටමක පවතී.
කොරෝනා වසංගතය හේතුවෙන් අපි පසුගිය කාලය පුරාවට නිවෙස්වලට වී සිටියෙමු. එහෙත් නැවත පාරේ තොටේ ගමන් කිරීමේදී වාහන දුම, දූවිලි, කර්මාන්ත ශාලාවල දුම්, ඉදිකිරීම් සහිත බිම්වල සහ විවිධ රසායනික ද්‍රව්‍ය වාතය සමග මුසුවී අප හුස්ම ගන්නා වාතය සමග ශරීරයට ඇතුලුවීම සිදුවේ. එබැවින් අලුතින් අපේ එදිනෙදා ජීවිතයට එක්වූ මුව අාවරණය අවස්ථානුකූලව දිගින් දිගටම භාවිත කිරීම ඉතා වැදගත් වේ.
ඇත්තෙන්ම ස්වසන රෝග ඇති රෝගීන්ද මේවනවිට හොද අවබෝධයකින් යුතුව කටයුතු කරන අතර මුව ආවරණය පැළැදීම මගින් ඔවුන්ගේ රෝග ලක්ෂණ අවමවීම නිසා මුව ආවරණය පැළැදීමට පෙළැඹී තිබේ.
මුව ආවරණ අතර සෝදා නැවත භාවිත කළ නොහැකි මුව අාවරණ තිබේ. මෙහිදී තමා භාවිත කරන මුව අවාරණයේ ඇති ගුණාත්මකභාවය පිළිබදව සැලකිළිමත් වියයුතුය. මුව ආවරණය කිළිටි වුවහොත් නැතිනම් යම් පුද්ගලයකු සෘජුව අප දෙසට කිවිසුමක් හෝ කැස්ස විට අපගේ මුව ආවරණය මාරැ කිරීම වඩාත් වැදගත්වේ.
වර්තමානය වන විට ඉතා පහසු මිලගණන් යටතේ දැරිය හැකි මිලකට මුව ආවරණ මිලදී ගැනීමට ජනතාවට හැකිවී තිබේ. එබැවින් මිලදී මුව ආවරණය නැවත නැවත සෝදා පැළැදීමට වඩා අලුත් මුව ආවරණයක් පැළැදීම වඩාත් උචිත වේ.
-සටහන- ගයාන් සූරියආරච්චි
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දිගටම ‘මාස්ක්“ දැම්මොත් ලෙඩ ගොඩකිනුත් නිදහස්