දත් දිරායාම සහ ෆ්ලෝරයිඩ්
දන්ත සෞඛ්‍යය ගැන කතා කිරීමේදී ෆ්ලෝරයිඩ් යනු ඉතා වැදගත් මාතෘකාවකි. මෙකී ෆ්ලෝරයිඩ් අයනය කැල්සියම් හයිඩ්‍රොක්සි ඇපටයිට් අණුවට ඇතුළත් වී ෆ්ලෝරො ඇපටයිට් සාදනු ලැබේ. මෙය අම්ල මගින් දිරා යාම මුල් අණුවට වඩා අඩු බැවින් දත් ශක්තිමත් කර දිරා යාම අවම කෙරේ.
එමෙන්ම මුඛයේ ආම්ලිකතාව ඇති කිරීමට මූලිකම හේතුව වන බැක්ටීරියාවන්ගේ පරිවෘත්තියට බාධා කර අම්ල නිපදවීම අවම කෙරේ.
ගෘහස්ත ෆ්ලෝරයිඩ් භාවිතය
ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කිරීම ලංකාවේදී සුලබව දැකිය හැකි ක්‍රමයයි. ෆ්ලෝරයිඩ් අඩංගු පෙති වර්ග මෙන්ම පානීය ජලයට ෆ්ලෝරයිඩ් එකතු කිරීම වැනි ක්‍රම විදෙස් රටවලදී භාවිත වේ.
ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපය නිවැරැදි භාවිතය
දත් බුරුසුව සෝදා කෙඳිවල ජලය හොඳින් ඉවත් කර ගන්න. වැඩිහිටි පුද්ගලයෙකු සඳහා නම් දන්තාලේප කඩල ඇටයක ප්‍රමාණයකටද දරුවකු සඳහා නම් දන්තාලේප මුං ඇටයක ප්‍රමාණයකටද විය යුතුයි. ඒ වගේම කුඩා දරුවන් සඳහා දන්තාලේප යොදා ගැනීමේදී ඉතා තුනී ස්ථරයක් විය යුතුයි. මෙයාකාරයෙන් විනාඩි දෙකක් හෝ තුනක් දත් සහ විදුරුමස ඉතා මෘදුව මැද ගත හැකියි. පෙන නැගීම අවම කිරීම උදෙසා පෙර කී ආකාරයට බුරුසුවේ කෙඳිවලින් ජලය හොඳින් ඉවත් කර ගනු ලැබේ. එවිට නිතරම කෙළ ගැසීමට අවශ්‍ය නොවන අතර මඳ වේලාවක් යනතුරු ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපය දත් මත ක්‍රියා කරයි. ඉන් අනතුරුව එක් වරක් පමණක් ජලය ස්වල්පයකින් මුඛය සෝදා හරින්න. එහිදී සියලුම ෆ්ලෝරයිඩ් දත්වලින් ඉවත් වී යාම වැලකේ.
ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර
ෆ්ලෝරයිඩ් ජෙල් සහ වාර්නිෂ් ආලේපය යන ප්‍රතිකාර ක්‍රම ද්විත්වයම රජයේ ප්‍රජා දන්ත වෛද්‍ය සායන මෙන්ම පෞද්ගලික අංශයේ දන්ත සායන මගින්ද නිසි වෛද්‍ය උපදෙස්වලට අනුකූලව ලබා ගත හැකියි.
දත් දිරා යාමේ ලක්ෂණ
දත් මත සුදු හෝ දුඹුරු හෝ කලු පැහැති පැල්ලම් ඇතිවීම.
දත් අතර ආහාර කැබැලි රැඳී පැවතීම
දත් හිරි වැටීම
දත් කැබැලි කැඩී යාම සහ දත් කුහර වීම
සුළු මට්ටමේ සිට දරාගත නොහැකි ආකාරයට වේදනාව උත්සන්න වීම
දිරා ගිය දත් සඳහා ප්‍රතිකාර ක්‍රම
දත දිරා ඇති ප්‍රමාණය මත ප්‍රතිකාර ක්‍රමද වෙනස් විය හැකිය. මෙය සුදුසකම් ලත් දන්ත වෛද්‍ය නිර්දේශයකින් තහවුරු කර ගත හැකි වේ.
1) ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය
2) දතේ දිරා ගිය කොටස් ඉවත් කර පිරවුම් ද්‍රව්‍ය මගින් දත යළි මුල්හැඩයට සාදා ගැනීම.
මෙම ක්‍රමය එනැමලය හා දන්තිනයේ පිටත ස්ථරය දක්වා ගමන් කළ මතුපිට දිරුම් සඳහා පමණක් බලපැවැත්වේ.
3) තාවකාලික පිරවුම්
මෙය කල්ක කුහරය ආසන්නයට විහිදී ගිය කුහර සඳහා යෙදෙන ඖෂධීය පිරවුමකි. මෙය ශක්තිමත් බැවින් අඩුවේ. මෙය යොදා ගත් පසුව මාස දෙකක් තුනක් අතර කාලයක් යනකම් වේදනාවක් නොමැති වේනම් වෛද්‍ය උපදෙස් මත ස්ථිර පිරවුම යොදා ගැනේ.
එමෙන්ම තිවකාලික පිරවුම යෙදූ පසුද වේදනාවක් ඇති වන්නේ නම් දතේ කල්ක කුහරය දක්වාම ආසාදනය පැතිර ඇති බව අඟවන ඉඟියකි. එවිට ස්නායු පිරවීම හෝ දත ගැලවීම කළ යුතු වේ.
4) ස්නායු පිරවුම
කල්ක කුහරය දක්වා පැතිරුණ කුහර ඇති දත් වේදනා සහිත හෝ රහිත විය හැකියි. එම දත් රැක ගැනීමට අවශ්‍ය නම් කල්ක කුහරය තුළ ඇති පටක ඉවත් කර එයට පිරවුම් ද්‍රව්‍ය යොදා පුරවා දැමේ. බොහෝ විට ඉන් අනතුරුව දතට කොපුවක් යොදා ගනිමින් දත ආරක්ෂා කර ගත යුතු වේ.
5) ඉහත කිසිඳු ක්‍රමයකට ආරක්ෂා කර ගත නොහැකි දත් ගලවා ඉවත් කර දමයි
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දිරාගිය දත් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?