ලස්සන වෙන්න නම් පිරිසුදුතාව සේම නිරෝගීතාවත් එක සේම පැවතිය යුතුයි. කෙනකුගේ මුහුණ කෙතරම් ප්‍රියමනාප වුවත් ඒ ගතිය දෑත්වලට, වරලසට විශේෂයෙන් දෙපාවලට නැත්නම් මතු වන්නේ අවලස්සනකි.
බැවින් මුහුණට දක්වන සැලකිල්ල, ආදරය එයාකාරයෙන්ම මුළු සිරුර කෙරෙහිත් පැවතිය යුතුයි. එනම් මුහුණ කෙතරම් පිරිසුදු වුවත් ඔබේ දෙපා අපිරිසුදු නම් කිසිවකු ඔබට ලස්සනයි කියන්නේ නම් නැත. බොහෝ දෙනකුට අමතකව යන කාරණයත් දෙපා ලස්සනට තබා ගැනීමයි.
1) දෙපා පිරිසුදු කිරීම
කකුල් දෙක නිතර දෙවේලේ සේදීම මින් අදහස් නොවේ. කුණු, දුහුවිලි, අපවිත්‍ර දෑ ඇති පොළොව සමග නිරන්තරයෙන් ගැටෙන දෙපා උදේ - සවස මනාව සෝදා පිරිසුදු කර ගැනීම ප්‍රමාණවත් වේ.
2) දෙපා මෘදුව සේදීමට වගබලා ගන්න.
ගල්, බුරුසු, කොහු ලණු ආදිය භාවිත කර තදින් ඇතිල්ලීම, මැදීම සිදු නොකරන්න.
3) නියපොතු ගැනත් අවදානය යොමු කිරීම ඉතාම වැදගත්.
නියපොතු පිළිවෙළකට කෙළින් අතට කැපීම සිදු කළ යුතුයි. එසේ නැතිව වක්‍රාකාරයෙන් සහ ඉතා කොටට කැපීම තුළින් අභ්‍යන්තරය තුවාල වී විසබීජ ඇතුළු වී ආසාදන තත්ත්ව ඇති කරයි.
4) අවපැහැගැන්වී ඇති නියපොතුවලට ප්‍රතිකාර
කකුල් මෘදුව සෝදා ගැනීමෙන් අනතුරුව දෙහි ලෙල්ලක් ගෙන නියපොතු මැදීම මගින් අවපැහැ ගතිය මග හරවා ගත හැකියි.
5) ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නකු නම් දෙපා ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.
දියවැඩියා රෝගියකුට කකුලේ කුඩා සීරීමක් , තුවාලයක් සිදු වුවද සංවේදන තත්ත්වය අඩු වීම නිසා එය නොදැනී යාමට ඇති ඉඩකඩ වැඩියි. දිනපතාම එබඳු රෝගීන් කණ්ණාඩියක් යොදා ගනිමින් තම දෙපාවල යටි පතුල් නිරීක්ෂණය කිරීම මගින් එබඳු තත්ත්ව වලක්වා ගත හැකිය. එසේම තරුණ, වැඩිහිටි සියලුම දෙනා තමන්ගේ රුධිර ගත සීනි මට්ටම නියමිත පරිදි පවත්වා ගැනීම කෙරෙහිත් අවධානය යොමු කරන්න.
6) කකුලට හරියන ලෙසට පළඳින්න.
සපත්තු මේස් තෝරා ගැනීමේදී දෙපාවල සමට හිතකර වන පරිදි අදාල නිෂ්පාදන තෝරා ගැනීමට කටයුතු කරන්න. එසේම කකුලට තදවන ලෙස හෝ බුරුල් වන පරිදි පාවහන් ,සපත්තු වැනි දෑ පැළඳීමෙන් වලකින්න.
7) දෙපාවල තෙතමනය රැඳී තිබීමට ඉඩ නොහරින්න.
කකුල් සෝදා පිරිසුදු කර ගත් පසු මෘදු පිස්නාවක් භාවිත කර දෙපා තෙත මාත්තු කර ගන්න. විශේෂයෙන් ඇගිලි කරු අතර ප්‍රදේශයද තෙතමනයෙන් තොරව වියළිව තබා ගැනීමෙන් ආසාදන ආදිය අවම කර ගත හැකිය.
8) නියපොතු වර්ණ ගැන්වීමේදී එය ක්‍රමානුකූලව ඉවත් කිරීමත් කළ යුතුයි.
නිය වර්ණ ගැන්වීම මෙන්ම නිසි කලට ඉවත් කිරීමටත් මතක තබා ගන්න.
9) පාදවල සුළු හෝ තුවාලයක් සීරීමක් ඇත්නම් සැලකිලිමත් වන්න.
පොළොව හා නිතර ගැටෙන පාද ඉක්මනින්ම අපිරිසුදු වේ. පාදවල ඇති තුවාලවලට විසබීජ ඇතුළු වී තුවාල පැසවීම ඉක්මන් කරයි. එබැවින් මුහුණට දෙන අවධානය කකුල්වලටත් ලබා දෙන්න.
10) දෙපාවල විඩාව සංසිඳුවීම සඳහා
මඳ උණු රස්නය ඇති වතුරට ලුණු කැට ස්වල්පයක් දමා තම දෙපා විනාඩි කිහිපයක් එහි ගිල්වා තබන්න.
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙපා රැකගෙන ලස්සනට ඉමු