සෙම්ප්‍රතිශ්‍යාව නම ඇසූ පමණින්ම මේ වනවිට බොහෝ දෙනෙක් දන්නා සමාජයේ සුලබ රෝගී තත්ත්වයක් වී අවසන්ය. ඉඳහිට සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරුවන්නන් සේම නිරතුරුවම ඊට ගොදුරුවන පුද්ගලයෝද වෙති. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම කෙරෙහි බලපාන ප්‍රධාන සේම අතුරු කාරණාද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ සඳහා ඔවුන් දක්වන ප්‍රතිචාරය පවා විවිධ වේ.
නිතරම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට හේතු
1). පුද්ගලයා ජීවත් වන පාරිසරික සාධක
2). ඔහු ගන්නා ආහාර
3). දුහුවිලි
4). ඔහු පරිහරණය කරන ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, ආදිය නිසා
සෙම් රෝග ගැන ආයුර්වේදයේ ඇති සඳහන
සෙම් රෝගීන් සීතල ආහාර පාන ලබා නොගත යුතු බවට ආයුර්වේදය උපදෙස් ලබා දී තිබේ. වැසි සහිත සිසිල් කාලගුණික තත්ත්ව මත වුවද අයිස් ක්‍රීම්, සීත කළ පාන වර්ග වැනි දෑ සුදුසු නොවේ. ඒ වගේම ඇතමෙකුට කුකුළු මස්, බිත්තර වැනි දෑ තුළින් අසාත්මිකතා පවා ගෙනදිය හැකියි. පැණි රස ආහාර අධිකව ගැනීමද ගුණ නැත. ඒ වගේම තෙල් ආහාර වැඩිපුර ගැනීමෙන්ද ස්ථුලතාව සේම සෙම් රෝග සඳහාද අවදානමක් වඩවයි. කුඩා දරුවන්ට නම් කිරි ,බිත්තර, අන්නාසි, දැල්ලො, ඉස්සො වැනි ආහාර එකදිගට ගැනීමෙන් අසාත්මිකතා මතු කරවයි.
මුළු රැයක් පුරාවටම එක දිගට විදුලි පංකා භාවිතයද සුදුසු නොවේ. එය දූවිලි , සුළඟ සමඟ මුසු වීම නිසා ගෙනදෙන්නේ අයහපත් සෞඛ්‍ය ප්රතිඵලයකි. ස්වසනය අපහසු කරවයි.
සීතල පින්න සහිත සුළඟද කෙනකුට සෙම් රෝග වැළඳීමේ ප්‍රධාන හේතු කාරකය විය හැකියි.
සෙම, පීනස, හතිය මේ කවර තත්ත්වයක් වුවද ඉහතින් සඳහන් කළ දෑවලින් ආරක්ෂා වී සිටීම සුදුසු වේ.
ඒ වගේම පහත ලබාදෙන උපදෙස් ඔබට අනුගමනය කළ හැකිය.
ඔබ සෙම්ප්රතිශ්යාවෙන් පෙළෙන්නේ නම් තවත් පුද්ගලයකු අසලට ගොස් අනාරක්ෂිතව කිවිසුම් යැවීම සිදු නොකරන්න. එසේ නොවුණහොත් කිවිසුමෙන් පිටවන කෙළ බිඳිති අවට සිටින පුද්ගලයන්ට විසිර ගොස් රෝගය බෝ වීමේ වැඩි නැඹුරුවක් පවතී. තව දුරටත් මුව ආවරණය පැළැඳීමේ අවශ්‍යතාව මින් මතු වේ. සෙම්ප්‍රතිශ්‍යා රෝගියකු එබඳු මුව ආවරණයක් නැතුව මිනිසුන් අතරට යාමෙන් වැලකීම සුදුසුය.
දෑත් පිරිසුදු භාවය ඉතාම වැදගත් වේ. නිතරම නහය මුඛය ස්පර්ශ කරන බැවින් තම දෑත් නිරතුරුව පිරිසුදුව තබා ගන්න.
රෝගියකු පුද්ගලිකව පරිහරණය කරන දේවල් වෙනත් පුදුගලයන්ද භාවිතයට ගැනීමෙන් වලකින්න. ඒවා රෝගියාගේ පරිහරණයටම වෙන් කරන්න.
සිරුරේ ප්‍රතිශක්තිය කෙමෙන් කෙමෙන් හීන වීම නිසා ලෙඩ රෝගාදියට දිනෙන් දිනම ගොදුරු වීම නොවැළැක්විය හැකියි. එනිසා ඔබ නිරන්තරයෙන්ම සෙම් රෝගවලට ගොදුරු වන්නකු නම් ඊට බලපාන අදාල සාධකය හඳුනා ගනිමින් එයට නිරාවරණය නොවී හිඳීම සුදුසුය.
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිතර වැළඳෙන සෙම්ප්රතිශ්යාවෙන් රැකෙන්න සෞඛ්‍ය පුරුදු කිහිපයක්