නිරෝගී දිවි පැවැත්මක් සඳහා නිය සෞඛ්‍යයද හොඳින් පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය වේ. නියපෙළෙහි පිළිවෙළ සේම පිරිසුදුතාවද රැක ගැනීම අත්‍යවශ්‍ය අතර අද එය බොහෝ දෙනාට අමතක වී ඇත.
නියපොතු සමට අයත් ඉතා සංවේදී කොටසක් වන අතර ප්‍රමාණයෙන් කුඩා වුවද ප්‍රයෝජනවත් කර්තව්‍යය රැසක්ම නිය මගින් ඉටු වේ.
නිය සම්බන්ධ රෝග සඳහා වයස් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නැති අතර සමාජයේ සුලබව දැකිය හැකි රෝගී තත්ත්වයකි. නියපොතු ආශ්‍රිතව බහුලව ඇතිවන රෝග බොහොමයකි. ඒවා නිය ආසාදන, නිය අසාත්මිකතා, ජානගත රෝග,චර්ම රෝග , නිය පිළිකා හා ශරීර අභ්‍යන්තරයේ හට ගෙන ඇති රෝගී තත්ත්වයක පූර්ව ලක්ෂණ වුවද නියපොතු මගින් පිළිඹිබු විය හැකියි.
කුඩා ළමයින්ගේ නිය සම්බන්ධ රෝග
කුඩා ළමයි බොහෝවිට නියපොතු සැපීමට හුරුවී සිටිති. නියපොතු පමණක් නොව නියමලද සැපීම ඔවුන්ට හුදු විනෝදය ගෙන දෙන කරුණක් විය හැකියි. මේ හේතුවෙන් නියමල සේම නියපෙළද අවපැහැ ගැන්වේ. නියපොත්තේ මතුපිට පෘෂ්ඨය රළු විය හැකියි. කුඩා ළමයින්ගේ විටමින් සහ ඛනිජ ඌනතා ලක්ෂණ නියපොතු ආශ්‍රිතවද දැකගත හැකි වනු ඇත. උදාහරණයක් ලෙස කුඩා දරුවකු යකඩ ඌනතාවකින් පෙළේ නම් එබඳු දරුවකුගේ නියපොතු ඉක්මනට කැඩී යා හැකියි. නිය මතුපිට පෘෂ්ඨය වලවල් හැඩැති ආකාරයක් ගනී. නියපොතු අවපැහැ ගැන්වේ.
තවද විටමින් ඌනතාවෙන් පෙළෙන දරුවකුගේ නියපොතු මතුපිට සුදුපැහැ ඉරි දැකිය හැකියි. තවද වයිරස් හෝ ආසාදන තත්ත්වයකට ගොදුරුව ඇති දරුවකු නම් එනම් ඩෙංගු හෝ අත් - පා - මුඛ රෝගය හෝ කොවිඩ් වැනි රෝගයකට ගොදුරුව ඉන් සුවය ලබා මසක් හෝ දෙකක් යනවිට නියපොතුවල යම් දුර්වලතා හට ගැනේ. නියපොත්තේ මතුපිට වල ගැසීම්, ඉරි තැලීම් වැනි ස්වාභාවයක් මතුවිය හැකියි. මේ තත්ත්වය Beaus lines නමින් හැඳින්වේ. තවද නිය ආශ්‍රිත වයිරස් ආසාදනයක් වන ඉන්නන්ද කුඩා ළමයින් අතර බහුල වශයෙන් දැකලත හැකි ය.
වැඩිහිටියන්ගේ නිය රෝග
වැඩිහිටියන් අතරද නියරෝග සුලබව දැකිය හැකියි. නියපොතු හා සම්බන්ධ අසාත්මිකතා ඉන් ප්‍රධාන තැනක් ගනී.
නියපොතු හා සම්බන්ධ අසාත්මිකතා
මෙකී තත්ත්ව බහුලව දැකිය හැකි වන්නේ ගෘහණියන්, පෙදරේරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, කෘෂිකර්මාන්තයේ නියුතුවූවන්, සනීපාරක්ෂක කටයුතුවල නියැළෙන්නන්, මස් - මාළු ආශ්‍රිතව රැකියා කටයුතුවල නිරත වන්නන් අතර සුලබ වේ. ඊට හේතුව දිගු කලක් පුරාම ඔවුන් රසායනික ද්‍රව්‍යවලින් තැනූ ද්‍රව්‍ය ස්පර්ශ කිරීමේ ඵලයක් ලෙසිනි..
දිනපතාම සබන් දියර, සබන් කුඩු දෑත්වල ස්පර්ශ වීම , සිමෙන්ති වැනි අධි සංයෝග සමග කටයුතු කිරීම, නිය සම්බන්ධ ගැටලු ගණනාවකටම මඟ පාදනවා විය හැකියි. සමහරුන්ට රබර් ආශ්‍රිත අසාත්මිකතා පැවතීමද මෙහි අතුරු පලයකි. මෙනිසා නියමල ඉදිමීම සහ පැසවීම, නියපොත්තේ පැහැය දුර්වර්ණ වීම, නියමල වේදනාකාරී වීම, සැරව ගලා ඒම , දිගින් දිගටම ඉහත සංයෝග හා නිරාවරණය වීමෙන් ගණකම් වීම ආදී නිය විකෘතිතා ගණනාවක්ම ඇති විය හැකියි.
තවද තරුණියන් නිය ආලේපන සහ කෘත්‍රිම නිය අලංකරණය උදෙසා භාවිත කරන ආලේපනවල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය හේතුවෙන්ද නිය සම්බන්ධ රෝග හට ගැනේ. නිය පැහැය වෙනස් වීමේ සිට නියපොතු දුර්වල වීම දක්වාම ඒවා හේතු පාදක විය හැකියි.
නියපොතු ඉතා ඉක්මනින් කැඩී යා හැකියි. නියපොතු ආශ්‍රිත සම රතු පැහැ ගැන්වීම, ඒ වටා ප්‍රදේශයේ කැසීම් අතිවී නිය ආසාදනවලට මඟ පෑදිය හැකියි.
නියපොතු ආසාදන
නියපොතු ආසාදන ගැන කතා කරද්දී බහුලවම දිලීර සහ බැක්ටීරියා ආසාදන දැකිය හැකියි. බොහොමයකගේ දෙපාවල මහපටැඟිල්ලේ නියපොත්ත පැත්තකින් හෝ ඉදිරිපස පෙදෙස සුදු පැහැ ගැන්වීම , ඉක්මනට කැඩී යාමේ ගතිය, අවපැහැ ගැන්වීම, ඉරි තැලීම් ආදිය දැකිය හැකියි. බැක්ටීරියා ආසාදනවලදී නිය මතුපිට පෘෂ්ඨය කොළ පැහැයට හුරු වීමක් දැකිය හැකියි. මෙම තත්ත්වය Pheudomonas ලෙස හඳුන්වයි.
ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රෝග තත්ත්ව ආශ්‍රිත නිය රෝග
පෙනහළුවල රෝග, අක්මාව සහ අන්ත්‍රය ආශ්‍රිත රෝගවලදීද නියපොතුවල වෙනස්වීමක් දැක ගත හැකියි. නිය ඉදිමීමක් දැකිය හැකියි. මෙය Plubbing නමින් හැඳින්වේ. එමෙන්ම ඩෙංගු, කොවිඩ් වයිරස් තත්ත්වාදියට ගොදුරුව සුව වූ පුද්ගලයන්ගේ නියපොතුවලද ඉරි තැලීම් වැනි ලක්ෂණ හට ගැනේ. ඒවා Beaus lines නමින් හැඳින්වේ. වකුගඩුවල ප්‍රශ්න පවතී නම් එබඳු රෝගීන්ගේ නියපෙළ රෝස සහ සුදු පැහැයට මිශ්‍රවූ පැහැයක් ගනී. එම නියපොතු ගණ වීම මෙන්ම ඉක්මනින් කැඩී යාමද සිදුවේ.
නියපොතුවලට බලපාන චර්ම රෝග
විවිධ චර්ම රෝග නිසාද නියපොතු ආශ්‍රිත වෙනස්වීම් දැකිය හැකිය. ඒ අනුව පොතුකබර රෝගීන්ගේ නියපොතුවල දිදාලයක මතුපිට ස්වරූපය මෙන් තිත් ගතියක් දැකිය හැකියි.
නිය ආශ්‍රිත ජානගත රෝග
ඇතැමකුගේ නියපොතුවල හැඩය මෙන්ම පැහැයද ජානගත රෝගී තත්ත්ව නිසාවෙන්ද වෙනස් විය හැකියි. සමහරුන්ගේ නියපොතු උපතින්ම කහ පැහැ අතර ඒවා ගණකමින්ද යුතුවේ. මෙය Yellow Nails Syndrome තත්ත්වයයි.
නිය ආශ්‍රිත පිළිකා තත්ත්ව
ඉතා කලාතුරකින් සම ආශ්‍රිතව ඇතිවන පිළිකා විශේෂයක් වන Melanoma තත්ත්වයද බහුලව දෙපාවල නියපොතු මත හට ගැනේ. එහි පූර්ව ඉඟිය වනුයේ නිය මතුපිට ඇතිවිය හැකි කලු පැහැති ඉරක් වැනි ස්වාභාවයකි. එබැවින් ඔබගේ නියපෙළ විධිමත්ව රැක ගැනීම කෙරෙහි උනන්දු වන ගමන්ම මතුපිට ඇතිවිය හැකි සියුමුව නිරීක්ෂණය කළ හැකි තත්ත්ව කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත්ය.
ප්‍රතිකාර
නියපොතු හා සම්බන්ධ කවර හෝ රෝගී තත්ත්වයක් ඇත්නම් චර්ම රෝග වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුවේ. රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. නිය සම්බන්ධ රෝගවලදී අත්බෙහෙත් සුදුසු යැයි උපකල්පනය කරමින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අතපසු නොකිරීමට වගබලා ගන්න.
නිය රෝගවලින් වැලකීමට උපදෙස්
1) නියපොතු පිරිසුදුව සේම වියළිව තබා ගන්න. එමගින් බැක්ටීරියා සහ දිලීර ආසාදන බොහොමයක්ම වලක්වා ගත හැකි වනු ඇත.
2) සබන් දියර, සබන් කුඩු මගින් අසාත්මිකතා දිගින් දිගටම මතු වේ නම් අත්වැසුම් භාවිත කරන්න. රසායනික ද්‍රව්‍ය සමග ඔබ නිරතුරු ගැටෙන රැකියාවක නියුතු නම් ආරක්ෂිත අත් වැසුම් භාවිත කිරීම යෝග්‍ය වේ.
3) දෙඅත් සේදූ පසු මෘදු තුවායකින් තදින් පිස දැමීම වෙනුවට සම මෙන්ම නියපොතු මත ජලය හොඳින් ඉවත් වනතුරු තෙත මාත්තු කරන්න.
4) දෙපාවලට හිර සපත්තු වෙනුවට සැහැල්ලු පහසු පාවහන් භාවිත කරන්න. මෙමඟින් නියපොතු හිර වී කැඩීම ,තුවාල සිදු වීම වලක්වා ගත හැකියි.
5) රබර්,නිකල් වැනි බැර ලෝහ භාවිතයෙන් ඉවත් වන්න.
6) සිමෙන්ති ආශ්‍රිත කර්මාන්තවල නියැළෙන්නන් දෙපා රැක ගැනීම සඳහා ආරක්ෂිත පාවහන් යුගළ පළඳින්න.
7) නිය ආලේපන භාවිතයේදී Formaldehyde , Toluene සහ DBP වැනි බැර ලෝහ අඩංගු නැති නිය ආලේපන මෙන්ම ඉතා ලා වර්ණ තෝරා ගැනීමට උනන්දු වන්න. නිය වර්ණ තද පැහැයට හුරු නම් එමගින් නියපොත්තට සිදුවන හානියද වැඩි වේ. එසේම නිය ආලේපන ඉවත් කිරීමේදීත් ඇසිටෝන් රහිත ආලේපන භාවිත කිරීමටත් අමතක නොකරන්න.
8) රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී පාද සඳහා ස.ත්කාර කිරීමේදී ආසාදන තත්ත්ව ඉතා ඉක්මනින් පුද්ගලයන් අතර ව්‍යාප්තව යා හැකියි. එබැවින් ඒ පිලිබඳ නිසි පුහුණුව ලත් සහ නිසි ප්‍රමිතියකින් යුත් ආයතන තෝරා ගැනීමට උනන්දු වන්න.
9) නියපොතු කැපීමේදී රවුම් හා උල් හැඩය වෙනුවට කොටු හැඩයට කැපීම උචිතය. දෙපාවල නිය වෙනත් පෘෂ්ඨ හා ගැටීමට ඇති අවකාස ඉතා වැඩිය. එසේ වූ විට නියපොතු අභ්‍යන්තරයේ ලේ ගැලීම් ඇති වී නිය මතුපිට කලු පැහැයෙන් දිසි විය හැකියි. ඒ ගැනත් අවදානය යොමු කරමින් ක්‍රමවත් නිය සෞඛ්‍යයක් පවත්වා ගත යුතුවේ.
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නියපොතු ආශ්‍රිත චර්ම රෝග