X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


විමසිලිමත් විය යුතු නිදන්ගත වකුගඩු රෝගය

බෝ වන රෝගවලටත් වඩා බෝ නොවන රෝගවල අවදානම ඉතා දැඩියි. පුද්ගල මරණ ප්‍රතිශතය ඉහළ යාමට ප්‍රධානම හේතු කාරකය ලෙස බෝ නොවන රෝග ඇතුළත් වේ. ඒ අතුරින් වකුගඩු රෝගයට ගොදුරු වන රෝගීහුද දිනෙන් දින ඉහළ යති.

එබැවින් දිවයිනේ නන් දෙසින් වකුගඩු රෝගීන් වාර්තා වෙන කාලයක නිදන්ගත වකුගඩු රෝගය Chronic Kidney Disease ගැන සවිස්තරාත්මකව දැන ගනිමු.

වකුගඩුවේ කාර්යභාරය

අපේ සිරුරේ බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය ඉවත් කරන ප්‍රධානම ඉන්ද්‍රිය වන්නේ වකුගඩුවයි. පරිවෘත්තීය ක්‍රියාවලිය මගින් සිරුරේ එක්රැස් වන විස සහිත බහිස්ස්‍රාවීය අපද්‍රව්‍ය එනමි යූරියා, ඇමෝනියා සහ ක්‍රියැටිනීන් (creatinine) මුත්‍රා හරහා පිට කිරීම වකුගඩුව මගින් සිදු කරනු ලැබේ. සිරුරේ එක්රැස් වන වැඩිපුර ජලය ඉවත් කිරීමත් සිදු කරන්නේ වකුගඩුව මගිනුයි. මෙමගින් අනෙකුත් අවයව සඳහා නිසියාකාරයෙන් ක්‍රියා කිරීමට අවැසි ප්‍රශස්ත මට්ටම සකසා දීමත් වකුගඩුව මගින් ඉටු කෙරෙන වැදගත්ම කාර්යයකි. තවද කැල්සියම්, පොස්පේට් වැනි අයන වර්ගවල සමතුලිතතාව පවත්වා ගෙන යාම, ආම්ලික – භාෂ්මිකතාව පවත්වා ගෙන යාම, විටමින් ‘ඩී ‘ නිෂ්පාදනය කිරීම, රතු රුධිරානු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන උත්තේජන හෝමෝනය වන Erythropoetin නිපදවීම වකුගඩුව මගින් සිදු වේ. ඇඟේ රුධිර පීඩනය පාලන කිරීම සඳහාද වකුගඩුව විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබේ.

වකුගඩු රෝගයට හේතුවන කරුණු කාරණා

ලංකාව සහ ලෝකය ගත්තත් ප්‍රධානම සාධකය වන්නේ නිසියාකාරව පාලනය නොකළ දියවැඩියාවයි. වකුගඩු රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් දියවැඩියාව නිසා නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වූ පිරිසයි.

දෙවැන්න අධි රුධිර පීඩනයයි. දියවැඩියා තත්ත්වය තරම් මෙය ප්‍රචලිත නොවුණත් ලෙඩුන් බහුතරයක්ම අධි රුධිර පීඩනය ගැන තැකීමක් නොකරයි.

පරම්පරාවෙන් පරම්පරාවට යන ජානමය වකුගඩු රෝගයද මේ අතර වැදගත් තැනක් ගනී එය බහු කෝෂ්ඨ වකුගඩු රෝගය Polycystic Kidney Disease යනුවෙන් හැඳින්වේ.

එසේම වකුගඩු ප්‍රදාහයද Glomerulonephritis වකුගඩු අකර්මණ්‍ය වීම සඳහාද හේතු විය හැකිය.

තවත් හේතුවක් ලෙස වැරදි ඖෂධ භාවිතයද බලපානු ලැබේ. වෛද්‍ය නිර්දේශය ඇතුව හෝ නැතුව දිගුකාලීනව ඔබ ලබා ගන්නා NSAIDS ගණයට අයත් වේදනා නාශක භාවිතයද සුදුසු නොවේ.

වකුගඩු සහ මුත්‍ර පද්ධතියේ ඇතිවන ගල්, වකුගඩු සම්බන්ධ නාල පද්ධතියේ ඇතිවන අවහිරතා

සහ CKDU තත්‍ත්‍වයද නිදන්ගත වකුගඩු රෝග සඳහා හේතු ලෙස සඳහන් කළ හැකිය.

CKDU තත්‍ත්‍වය ගැන පැහැදිලි කිරීමක්

තවමත් නිශ්චිත හේතුවක් අනාවරණය කර ගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වයකි. මුල්වරට උතුරු මැද පළාතෙන් හඳුනා ගත් අතර මේ වනවිට අනෙක් පළාත්වලින්ද වාර්තා වෙමින් පවතී. මේ තත්ත්වය පිළිබඳ දෙස් විදෙස් වෛද්‍යවරු සහ විද්‍යාඥයන් සාධකය හඳුනා ගැනීම සඳහා පර්යේෂණ සිදුකරන අතර විස සහිත රසායනිකයක් හේතු වනු ඇති බවට අනුමාන කරනු ලැබේ. ආහාර හෝ ජලය මගින් මෙය සිරුරට ඇතුල් විය හැකි බව අනුමානයයි. අවුරුදු 20ත් 30ත් අතර වියේ පසුවන තරුණ කණ්ඩායම් මෙහි ගොදුරු බවට පත් වේ. සෙමින් සෙමින් වර්ධනය වන මෙය අවුරුදු 40 ,50 වනවිට තීව්‍ර අතට පත්වී වකුගඩු අකර්මණ්‍යතාද ඇති විය හැකිය. නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් තවමත් නොමැත. ආහාර සහ ජලය රසායනිකවලින් තොරව භාවිත කළ හැකි නම් බොහෝ විට මෙහි අවදානම අඩු කර ගත හැකි බවට අනුමාන කෙරේ.

නිදන්ගත වකුගඩු රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකිද?

වකුගඩු රෝගී තත්ත්වයක් නිසාවෙන් පහළ වන රෝග ලක්ෂණ මතු වන්නේ වකුගඩුව සියයට හැත්තෑවක් හෝ අසූවක් අකර්මණ්‍යව ගිය පසුවයි. වළලුකර වටා කකුල ඉදිමීම, මුහුණෙ ඇස් යට ඉදිමුම, කෑම අරුචිය, ඔක්කාරය, වමනය, ඇඟ කැසීම, නිදා ගැනීමේ අපහසුතා, මුත්‍රා යන ප්‍රමාණය කෙමෙන් අඩු වීමද සිදු වේ. සමහර පුද්ගලයන්ට සිහි මඳ ගතිය සහ එය කෝමා තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. විශේෂයෙන්ම මතක තබා ගත යුතු වන්නේ ඉහත රෝග ලක්ෂණ පහළ වෙනකම් සිටීම නොවේ. ඒ අනුව ඔබ දියවැඩියා රෝගියකු නම්, අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නකු නම්, පවුලේ සාමාජිකයකු වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් සහ ඔබ CKDU තත්ත්වය බහුලව පැතිරී යන පෙදෙසක වාසය කරන්නකු නම් නිදන්ගත වකුගඩු රෝග සඳහා ඔබට අවදානමක් ඇත. එබැවින් කල් නොයවාම වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත සරල රුධිර පරීක්ෂාවක් සහ මුත්‍ර පරීක්ෂාවක් සිදු කර ගත හැකියි. එමගින් තමන්ට වකුගඩු රෝගයේ ආරම්භක අවස්ථාව තිබේදැයි දැනගත හැකි වනු ඇත.

වකුගඩු රෝගියකුදැයි සනාථ කෙරෙන පරීක්ෂණ

සරල රුධිර – මුත්‍ර පරීක්ෂණයක් මගින් මෙය සනාථ කර ගත හැකියි. urine- full- report සහ serum creatinine එම පරීක්ෂණ වේ.

ඊට අමතරව දියවැඩියා රෝගීන්ට සුළු වශයෙන් මුත්‍රා සමග ඇල්බියුමින් පිටවේ. මෙය සරල මුත්‍රා පරීක්ෂණය මගින් සොයා ගත නොහැකි අතර මුත්‍රාවල මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණය මගින් මෙය සනාථ කර ගත හැකිය. වකුගඩු රෝගය තීව්‍ර මට්ටමට යන තෙක් නොසිට මුල් අවස්ථාවේදීම හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම කළ හැකිය.

Metformin නිසා වකුගඩු නරක් වෙනවාද?

සමාජයේ පැතිර පවතින දුර්මතයක් බව ඉතා පැහැදිලියි. වකුගඩුව සියයට තිහකට වඩා ක්‍රියාකාරීත්වයෙන් අඩු නම් Metformin ඖෂධය නිර්දේශ නොකෙරේ. එමෙන්ම සියයට තිහකට වඩා ඔබේ වකුගඩුව ක්‍රියාකාරීත්වයෙන් වැඩි නම් Metformin ඖෂධය භාවිත කළ හැකිය. වකුගඩු නරක් වීමේ ප්‍රධානම සාධකය ලෙස අපේ නොසැලකිලිමත් කම මත රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමක පවත්වා නොගැනීම හේතු වන අතර Metformin කිසිදු ආකාරයෙන් වකුගඩුව අකර්මණය කිරීමට දායක නොවේ.

නිදන්ගත රෝගී තත්ත්වය නිසා වකුගඩුවට සිදුවන හානිය වැලැක්විය හැකිද?

CKD රෝග තත්ත්වය අදියර කිහිපයකට බෙදේ. නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර මගින් තමන් සිටිනා වකුගඩු රෝගී අදියරෙන් තවත් තීව්‍ර අදියරකට යාම බොහෝ විට වලක්වා ගත හැකිය. ඇඟේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම ඉතා වැදගත් වබ මතක තබා ගන්න. ඔබට HBA1C පරීක්ෂාවෙන් පසුගිය මාස 03ක සීනි පාලනයේ සාර්ථකභාවය පිරික්සීමට හැකියි. HBA1C අගය සියයට හතකට වඩා අඩුවෙන් පවත්වා ගැනීම ඉතාම වැදගත්වේ. ඔබට රුධිර පීඩනය ඇත් නම් එය130 / 80 ත් අතර හෝ ඊට අඩුවෙන් පවත්වා ගැනීම කළ යුතුය.

1.  අවම ලුණු භාවිතයකට හුරු වන්න.

2.  ඊට අමතරව සතියකට මිනිත්තු 150ක්, දින 05ක්, දවසට මිනිත්තු 30 බැගින් සුදුසු ව්‍යායාමයක නිරත විය හැකියි.

3.  නිවැරැදි ආහාර පාන වැදගත් වන අතර මේ සඳහා ඔබට වකුගඩු සායනයකට යොමු වී නිසි ආහාර වට්ටෝරුවක් ලබා ගත හැකියි.

4.  NSAIDS ගණයට අයත් වේදනා නාශක භාවිතයෙන් ඉවත් වීමද ඔබ කළ යුතුයි.

නිසි පළපුරුදු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය මත ලබා දෙන බෙහෙත් සහ උපදෙස් හරියාකාරයෙන් පිළිපැදීමෙන් මුල් අවස්ථාවේදීම වකුගඩු රෝගයට ප්‍රතිකර්ම යෙදිය හැකි වනු ඇත. එමෙන්ම එය තීව්‍ර මට්ටම කරා වර්ධනය වීමද වලක්වා ගත හැකිය. එමෙන්ම වකුගඩුව අකර්මණ්‍ය වීමේ වේගයද අඩු කර ගත හැකිය.

වකුගඩු මුළුමනින්ම අකර්මණ්‍ය වුවහොත්

ඔබගේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 15ට වඩා අඩු වුවහොත් එම තත්ත්වය End stage kidney Disease නමින් හැඳින්වේ. මේ අවදියේදී වකුගඩුව ක්‍රියාකාරීත්වයෙන් බොහෝ තොරයි. සමහර පුද්ගලයන්ගේ නම් වකුගඩු මෙම අවදියේදී මුළුමනින්ම ක්‍රියාකාරීත්වයෙන් තොර විය හැකියි. එවිට යම් යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම අවශ්‍ය වේ.

පුද්ගලයකුගේ ජීවිතයතව දුරටත් පවත්වා ගෙන යාම සඳහා වකුගඩුවේ කාර්යය කෘතිමව කළ හැකිය. එනම් රුධිර කාන්දු පෙරණය Hemo Dialysis සහ පරිතාණ කාන්දුකරණය Peritoneal Dialysis මගිනි.

රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරයේදී ඩයලයිසිස් යන්ත්‍රයක් ආධාරයෙන් රුධිරය කෘතිමව පෙරීම සිදු කෙරේ. පරිතාණ කාන්දුකරණයේදී උදර කුහරයට තරලයක් ඇතුළු කර එමගින් වැඩිපුර ජලය, විස සහිත ද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවේ.

වකුගඩු රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමය වන්නේ පුද්ගලයකුගේ වකුගඩුවක් බද්ධ කිරීමයි.නිරෝගී ජීවත්වන පුද්ගලයකුගේ වකුගඩුවක් බද්ධ කිරීම Live donor transplant නමින් හැඳින්වේ. මේ සඳහා මියගිය පුද්ගලයකුගේ නිරෝගී වකුගඩුවක්ද ලබා ගත හැකිය .එය Cadaveric transplant නමින් හැඳින්වේ. ඉහත ප්‍රතිකර්ම සියල්ලක්ම දිවයිනේ බොහෝ රජයේ රෝහල්වලදී සිදු කර ගත හැකි අතර සුදුසුකම් ලත් වෛද්‍යවරයකු සඳහා යොමු වීම අත්‍යවශ්‍ය වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

විමසිලිමත් විය යුතු නිදන්ගත වකුගඩු රෝගය

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site