ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ
අප සියලුම දෙනා මුහුණ දී සිටින්නේ කොවිඩ් - 19 ශ්‍රීඝ්‍රයෙන් පැතිරෙන අවදියකටයි. කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමටත්, රෝගයේ සංකූලතා අවම කරනු පිණිසත් එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. එවන් මොහොතක එන්නත් වර්ගීකරණයක් නොකොට ලැබෙන පළමු අවස්ථාවේදීම සියලුම දෙනා එන්නත ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය නිගමනයයි.
බහුතරයක් දෙනා එන්නත ලබා ගැනීමට උත්සුක වෙද්දී නිදන්ගත රෝගාදියෙන් පෙළෙන ඔබට එන්නත ගැන ගැටලු රාශියක් ඇති විය හැකියි. ආඝාතය, අපස්මාරය, පාකින්සන් රෝගය, ඩිමෙන්ෂියා වැනි නිදන්ගත ස්නායු රෝගයකින් පෙළේ නම් ඔබටත් එන්නත ලබා ගැනීම ගැන මේ වනවිට ගැටලු ඇති වී තිබිය හැකියි.
සාමාන්‍ය නිර්දේශය වන්නේ ඔබට පහසු තැනකින් ඕනෑම වර්ගයේ කොවිඩ් මර්දන එන්නතක් ලබා ගන්නා ලෙසයි. කොවිඩ් -19 රෝගයේ සංකූලතාවලින් මෙබඳු රෝගීන් මිය යාමේ ප්‍රවනතාවක් ඇති නිසා කොවිඩ් මර්දන එන්නත ලබා ගත යුතුමයි. නිදන්ගත රෝගීන්ට ප්‍රශ්න සංකූලතා හට ගැනීමේ ප්‍රවනතාව වැඩි නිසාත් එවන් රෝගියකු එන්නත ලබා ගැනීම සඳහා වඩාත් සුදුස්සකු වේ.
සමහර විට ඔබ මේ වනවිටත් ස්නායු සායනයකට සහභාගී වන්නකු විය හැකියි. එසේනම් එම ඖෂධ නොකඩවාම භාවිත කිරීමට වගබලා ගන්න. ඔබට සායනයට සහභාගී වීමට නොහැකි අවස්ථාවකදී අදාල ඖෂධ ළඟම ඇති රෝහලෙන් ලබා ගැනීමට උත්සුක වන්න. කිසිම හේතුවක් නිසාවත් ඖෂධ ලබා ගැනීම පැහැර නොහරින්න.
යම් හෙයකින් ඔබ කොවිඩ් රෝගයේ ගොදුරක් වුවහොත් හුස්ම ගැනීමේ අපහසුතාවක් පැන නැගී ඇත්නම් හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. එසේම කොවිඩ් ආසාදනය වීම නිසා ඔබට ස්නායු රෝගයේ සංකූලතාවල වැඩී වීමක් දැනේ නම් එයද ඔබ රෝහල් ගත විය යුතුම අවස්ථාවකි. නොඑසේනම් වෙනත් ස්නායු රෝගී සංකූලතාවක් ඇති වේයැයි ඔබට හැඟේනම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වේ. අවසාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුකූල වෙමින් කොවිඩ් පාලනය සඳහා ඔබගේ දායකත්වය හැකි උපරිමයෙන්ම ලබා දෙන්න.
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ස්නායු රෝගීන්ට කොවිඩ් එන්නතෙන් ලැබෙන ආරක්ෂාව