යෝගා කලෙකදී මෙරට ඉතා ජනප්‍රිය මාතෘකාවකි. සැබැවින්ම යෝගා යනු සුවිශේෂී ව්‍යායාම් වර්ගයකි. මුළු සිරුරම ආවරණය වන පරිදි මාංශ පේශී සියල්ලටම යෝග ව්‍යායාමය ලබා දිය හැකියි.ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමටත්, නිරෝගීව ජීවත් වීම උදෙසාත් නිවැරැදි යෝග ව්‍යායාම්හි නිරත වීම වැදගත් වේ. යෝග කිරීමෙන් සිරුරට පහත සඳහන් වාසි සැලසේ.
1) ශරීරයේ නම්‍යතාව රැක ගැනීමට ඉවහල් වේ.
2) මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට ඒවායෙහි ශක්තිමත් භාවය ඇති කිරීම උදෙසා වැදගත් වේ.
3) සෑම මස්පිඩුවකටම යෝග ව්‍යායාමය ලැබෙන නිසා ශරීර සමබරතාව සේම ශරීරයේ බර මනාව පවත්වා ගෙන යාමට පහසු වේ.
4) හෘද පේශීන් චලනය වීම තුළ මනා රුධිර සංසරණයක් ඇති වේ.
5) සිරුර ඉහිල් කරයි.
හුස්ම ගැනීමේ රටාව දියුණු කරමින් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය දියුණු කරයි.
6) මානසික සහ ආධ්‍යාත්මික සංවර්ධනයට මඟ විවර වේ.
මානසික ආතතියට තුඩු දෙන කලකිරීම්, කනගාටුව, කෝපය, බිය, ආශාව යන හැඟීම් පාලනය කර ගැනීමට උදවු දේ. ආත්ම විශ්වාසය ඉහළ නැංවීම තුළ ආතතිකාරී හැඟීම් දුරුවී යයි.
7) රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත. ඒ වගේම හදිසි අනතුරුවලට ලක් නොවී ආරක්ෂා වීමේ හැකියාවද ඇති වේ.
ප්‍රබෝධවත්ව දවස ඇරැඹීමට ඔබගේ දෛනික කාලසටහනෙන් කුඩා හෝ ඉඩක් යෝග සඳහා වෙන් කර ගැනීම වැදගත් වේ.
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරුර නිරෝගීව තබන ‘යෝගා‘