‘හරිත තේ‘ මේ වනවිට ලොව පුරාම ප්‍රචලිත පානයකි. සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් උදෙසා හරිත තේ පානය ඉවහල් වෙනවාද නැද්ද යන්න විමසා බැලීම වැදගත් වේ. නිරෝගීකම රැක ගැනීම සඳහා වන ක්‍රියාකාරී සංයෝග රැසක්ම හරිත තේවල අන්තර්ගතයි.
1) මේදය දහනය කරයි
සිරුරේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම අද බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. හරිත තේ පානය මගින් එය බොහෝ දෙනකුට සමනය කර ගත හැකියි.
2) පිළිකා අවදානම අඩු වේ.
බෝ වන රෝගවලටත් වඩා ශීඝ්‍රයෙන් බෝ නොවන රෝග සමාජය ගිල ගනිමින් සිටී. බෝ නොවන රෝග අතුරෙන් අද ඉහළින්ම කතා කරන පිළිකාවලට වාර්ෂිකව ගොදුරු වන සහ මිය යන පුද්ගලයන් කොතෙක්ද? හරිත තේ පානයට හුරු වීමෙන් ඔබටද මෙම භයානක තත්ත්වයෙන් මිදිය හැකි වේ.
3) මොළයේ ඇති ආතතිකාරී තත්ත්වය මඟ හැරේ.
4) දෙවන වර්ගයේ දියවැඩියා තත්ත්වයෙන් වැලකීමට උපකාරී වේ.
සීනි අඩංගු නොවීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි.
5) හෘද රෝගවලින් වලක්වාලයි.
සීනි සේම මේද රහිත වීමම හදවතට කෙතරම් ගුණදායකද?
6) ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
7) මුඛ සෞඛ්‍යය රැක දේ.
සීනි, පිටි භාවිතයෙන් රහිත නිසා එය ඔබේ දත්වල නිරෝගිතාවට හේතුවකි.
8) බර තුලනය කරයි.
9) දීර්ඝායු ලැබීමටද හේතුවක් බව ලෝකයේ බොහෝ රටවල් හරිත තේ යොදා ගනිමින් කළ පර්යේෂණ බොහොමයකින්ම සනාථ වී ඇත.
මේ අනුව සමහර සෞඛ්‍ය පුරුදුවලට හුරු වීම අපහසු වුවත් කෙසේ හෝ එයම හොඳ ඇබ්බැහියක් වු විට නිරෝගීතාව පවත්වා ගැනීම වඩාත් පහසුය.
-සටහන- මාධවී ධර්මරත්න
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ග්‍රීන් ටී‘ පානය සුදුසුද?