X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් සමුගනී

ප්‍රවීණ නාට්‍යවේදී, ආචාර්ය කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත විය.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසුවිය.

කේ.බී. හේරත් මහතා, විශිෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර පිටපත් රචකයකු, මෙන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකි.

1979 වසරේදී ‘සුදුකරල්’ වේදිකා නාට්‍යය රචනා කරමින් ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු ටෙලිනාට්‍ය පිටපත් 500ක් පමණ සහ ඒකාංගික නාට්‍ය පිටපත් 200ක් පමණ රචනා කර ඇත.

ඔහු විසින් රචිත ‘මායාදේවී’, ‘නාග ගුරුළා’, ‘දෝන කතිරිනා’, ‘දෙවැනි මහින්ද’, ‘කළුකුමාරි’, ‘වාසුදේව’, ‘යසෝදරා’ හා ‘ජගන්මා’ යන නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළවලදී හොඳම නාට්‍ය රචනය, අධ්‍යක්‍ෂණය ආදී අංශ යටතේ සම්මාන හිමිකර ගත්තේය.

‘දෝන ඉසෙබෙලා නොහොත් ගජමන් නෝනා’, ‘සක්විත්තෝ’, ‘ඉසිවර අසපුව’, ‘ඉති අතු’, ‘ගිරි දෙරණ’, සඳගිරි පව්ව’, ‘මිහිමඩල ගිනිවදී’, ‘සුවඳ පත්ම’, ‘දෙනුවර මැණිකේ’, ‘දියවඩන මළුව’, ‘ටිකිරි නිලමේ’, ‘සසර සෙවණැලි’ ඔහු විසින් රචනා කළ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයකි.

එමෙන්ම ‘ඉංගම්මාරුව’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍ය ඔහු රචනා කළේය.

වසන්ත ඔබේසේකරයන්ගේ ‘දොරකඩ මාරාව’ චිත්‍රපටයේ පිටපත රචනා කිරීමට ද සහාය වී ඇති කේ.බී හේරත් මහතා ‘සුදු සළු’, ‘අපි මැරෙන්නෙ නෑ’ සිනමා පටයන් ද රචනා කළේය.

ඔහු තමා රචිත පිටපත් ගණනාවක් කෘතීන් ලෙස ද පළකළ අතර එම නාට්‍ය පිටපත් වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ගම්මානයේ ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කේ.බී හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු විසින් කලා ක්‍ෂේත්‍රයට ඉටු කළ අනුපමේය මෙහෙවර අගයමින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගින් ඔහු වෙත ආචාර්ය උපාධියක් ද පිරිනැමීය.

ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ඇත.

(ඩයනා උදයංගනී සහ සමන් පුෂ්ප ලියනගේ)  


 



අදහස් (0)

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මිය යයි
2023 අප්‍රේල් මස 11 0 0

යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා අභාවප්‍රාප්ත විය.


ලුම්බිණි තේ අධිපති මියයයි
2023 අප්‍රේල් මස 07 0 0

දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහ


දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමි අපවත් වෙති
2023 අප්‍රේල් මස 05 0 0

ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන සභාපතිව සහ ගම්පහ, නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ විසූ, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පි


ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රන්ජන්ගේ මව කලුරිය කරයි
2023 අප්‍රේල් මස 05 0 0

බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
2023 අප්‍රේල් මස 01 0 0

සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.


සනත් නන්දසිරි දිවියට සමුදෙයි
2023 මාර්තු මස 28 0 0

ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


Our Group Site