සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 82 හැවිරිදි වියෙහි පසුවූයේය.
කලකට පෙර සිනමාවේ ආදරණිය ප්‍රේමවන්තයා වූ අමරසිරි කලංසූරිය මහතා, චිත්‍රපට රැසකට මෙන්ම ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක විය.
‘අහස් ගව්ව’, ‘බඹරු ඇවිත්’, ‘පාර දිගේ’, ‘පොන්මනී’ සහ ‘සොල්දාදු උන්නැහේ’ ‘හන්තානේ කතාව’ ‘අක්කර පහ’, ‘නිම්වළල්ල’, ‘අපේක්ෂා’ ‘පරිත්‍යාගය’ ‘අනුපමා’, ‘පොඩිමල්ලී’, ‘කාංචනා’, ‘සක්විති සුවය’, ‘යස ඉසුරු’, ‘ඩොරින්ගේ සයනය’, ‘පූජා’, ‘පොඩි විජේ’, ‘අහස් මාළිගා’, ‘සාගරයක් මැද’ ආදී චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක වූයේය.
කලංසූරිය මහතා, රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වන්නේ 2017 වසරේ තිරගත වූ ‘හිම තාරකා‘ චිත්‍රපටයයි
ඔහුගේ දෙවන චිත්‍රපටය වන ‘පරිත්‍යාගය’ චිත්‍රපටයේ රංගනය උදෙසා, ඕ.සී.අයි.සී සහ සරසවිය සම්මාන හිමිවූ අතර, ‘පූජා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි ‘සරසවි’ හා ‘ජනාධිපති’ සම්මාන හිමි විය.
මහනුවරදී 1940 සැප්තැම්බර් 20 වැනිදා උපත ලද කලංසූරිය මහතා කිරිබත්කුඹුර, ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, ඔහු පාසල් සමයේ දී මලල ක්‍රීඩා ඉසව් සහ බොක්සිං ක්‍රීඩාව සඳහා ද දස්කම් දැක්වීය.
කලංසූරි මහතා තිදරු පියෙකි.
අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අනිද්දා (3) සිදු කිරීමට නියමිතය.
(ඩයනා උදයංගනී)
යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා අභාවප්‍රාප්ත විය.
දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහ
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන සභාපතිව සහ ගම්පහ, නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ විසූ, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පි
බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි