(*** නිමල කොඩිතුවක්කු)
‘‘නව රජය කියන දෙය සහ කරන දෙය අතර විශාල පරස්පරතාවක් පවතින බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමෙන්ම පැහැදිළි වෙතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹ දී ඊයේ (27) පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරුන්ටත් බලතල මුදල් වෙන් කරන බව පැවසුවත් වැය ශීර්ෂවල එවැනි සඳහනක් නොමැති බව ඔහු එහිදී සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීවේය.
“පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අතුරු සම්මත ගිණුම් මගින් මුදල් ගැනීම පිළිබඳ ජනතාව අතර විශාල කතිකාවක් ගොඩනැගුනා. මේක නීති විරෝධියි කියා අප දිගින්- දිගටම කිව්වා.
පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මෙවැනි මුදල් වෙන් කර ගැනීම කරන්න බැහැ කියා ප්‍රබල විරෝධයක් තිබියදීත් ඒ සඳහා අවකාශය තිබෙන බව පවසමින් රජය මුදල් වෙන් කර ගත්තා. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියා.
අපේ රජයේ මුදල් අමාත්‍යවරයාව කටයුතු කළ මංගල සමරවීර මහතා 2019 ඔක්තෝබර් 23 වැනිදා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර 2020 වසරේ මුල් මාස හතර සඳහා මුදල් වෙන් කර ගත්තා. නව ජනාධිපතිවරයෙකු පත්වන නිසා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම එහිදී සිදුවුණේ. මේක තමයි සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුණාට පසු මුදල් ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් නොකරම පාර්ලිමේන්තුව විසුරුවලා දැම්මා. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වූ අගෝස්තු 20 වැනිදා ඇතුළුව අද වෙනකම් නීත්‍යානුකූලව මුදල් වියදම් කිරීමේ හැකියාව මේ රජයට නැහැ.
කොරෝනා වසංගතය හේතුවෙන් විපක්ෂය මේ ගැන ප්‍රබල හඬ නොනැඟුවත් පාර්ලිමේන්තුවෙන් මෙහි නීතිමය තත්වය පිළිබඳ විසඳා ගත යුතුයි.
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විශාල ලෙස මුදල් ගෙන තිබෙනවා. මේ මුදල් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට ලැබුණත් ඒවා වියදම් කිරීමට වොරන්ට් බලපත්‍රයක් අවශ්‍යයි. ඒ සඳහා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු අනුමැතිය ගත යුතුයි.
එහෙත් අප්‍රේල් 30වැනිදායින් පසු වොරන්ට් එක ගන්න අනුමැතිය දුන්නේ නැහැ. ඒ නිසා මුදල් වියදම් කිරීමට ගත් තීන්දුව නීති විරෝධී විදියට අපි දකිනවා. දැන දැනම වැරදි කරලා ඒ වැරදි මත තවදුරටත් ඉදිරියට යා යුතුද කියන තර්කය තමයි, මෙතනදි අප මතු කරන්නේ.
ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පවරා තිබෙන බලය ජනාධිපතිවරයා යටතට කොහොමද ගියේ කියන ගැටලුව මෙතනදි මතුවෙනවා. මෙතනදි ජනාධිපතිවරයාට නැති බලයක් තමයි, එතුමා පාවිච්චි කර තිබෙන්නේ. ඒ නිසා විශාල නීතිමය ගැටලුවක් මෙතන තිබෙනවා.
සරලව කිව්වොත් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවෙන් දීපු බලය ජනාධිපතිවරයා ඩැහැගෙන තිබෙනවා. දැන් අප කොහොමද මේ වරද නිවැරැදි කරගත යුත්තේ කියා බැලිය යුතුයි. නොඑසේ නම් මේක රටට නරක පූර්වාදර්ශයක් වනවා.
මැයි 01 සිට ඉදිරිපත් කළ පළමු වැනි අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 122ක් සහ දෙවැනි අතුරු සම්මත ගිණුමෙන් බිලියන 1049 ක් ලෙසත් බිලියන 2280 කට ආසන්න මුදලක් මේ විදියට ගෙන තිබෙනවා.
මැයි 01 වැනිදා ඉඳන් අගොස්තු 31 වෙනකම් මේ මුදල් වියදම් කරන්න කවුද අනුමැතිය දුන්නේ? පනත් සංශෝධනයක් හෝ නව යෝජනාවක් හෝ ගෙනල්ලා මේ වැරැද්ද නිවැරදි කරන්න පුළුවන්ද කියා අප බැලිය යුතුයි. නීති විරෝධීව සිදුවූ මෙම කාරණාව පිළිබඳ යළි සලකා බැලිය යුතුයි කියලා මා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු බලය උල්ලංඝනය කරමින් නීති විරෝධීව කටයුතු කළා කියලා දැන් හෝ රජය කිව යුතුයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුම දමා තිබෙන්නේ ලබන සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් මාසය දක්වායි.
ඒ මගින් රුපියල් බිලියන 1700 ක මුදලක් ඉල්ලුම් කර බිලියන 1300 ක ණයක් ගන්න සැලසුම් කරලා. එතකොට ආදායම විදියට පෙන්නුම් කරන්නේ රුපියල් බිලියන 400 කට ආසන්න මුදල පමණයි.
දැන් මේ ආණ්ඩුවේ ආදායම සෑහෙන්න පහළ ගිහින් කියා මෙතනින්ම පැහැදිලියි. මේ ආණ්ඩුව පත්වූ විගස බදු සංශෝධන කරද්දි රුපියල් බිලියන 500ක පමණ ආදායම අහිමි වෙයි කියලා. අද වෙද්දි ඊටත් වඩා ආදායමක් මේ රජයට අහිමි වෙලා තිබෙනවා.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආණ්ඩුව කියන දේවලුයි කරන දේවලුයි අහසට පොළොව වගේ වෙනස්
Bamunuarachchi Friday, 28 August 2020 11:41 AM
ඔව් ඔව් ඔලුවෙන් හිටගෙන බලනකොට එහෙම තමයි පේන්නේ. හැබැයි ඒ කාලේ අපිට ඔලුවෙන් හිටගෙනවත් බලන්න දෙයක් යහපාලකයෝ රටට කළේ නැහැ. බැංකු කඩපු එක නම් ඇස්වහගෙන හිටියත් අපිට දැණුනා.
විජේ Saturday, 29 August 2020 12:47 AM
අනේ මේ හර්ශ, පොඩ්ඩක් පැත්තකට වෙලා ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ක්‍රමේකට ටිකක් වැඩකරන්න දෙන්න. ඊළඟ ඡන්දේදී ජනතාව එයාලට කරන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරයි. බොරුවට හැම දේටම තප්පුලන්න තියාගන්න එපා. ඔයාලාට හම්බවුණු චාන්ස් එකේ ඔයාලා හාගෙන, ගාගෙන, නාගත්තනේ. ඔයා දැන් ඔය කතාකරන්නේ කටින්ද? ඔයාලගේ ආණ්ඩුවෙන් කරපු එකම හොඳ දේ තමයි ඔයා දාපු ඇම්බියුලන්ස්. ඒකට තියන ගරුත්වයත් නැති කරගන්නෙ නැතුව කට වහන් ඉන්න. තමුන්ගේ හිතවතෙක්ට එහෙම කරදරයක්/ වුවමනාවක් වුණු නිසා ඔයාට ඒකේ වුවමනාව තේරුණා, නැත්තං ඔයාලා අවස්තාවාදීන්නේ...
kamal Saturday, 29 August 2020 08:30 AM
පටු පක්ෂ දේශපාලනය නිසා රටට අහිමි වූ තවත් කෙනෙක්... කණගාටුයි.
kumara Saturday, 29 August 2020 03:38 PM
වැඩබැරි කයිවාරු කාරයෙක්.. රවී කරුණානායකට බයේ හැංගිලා ඉඳලා පුරසාරම් ගහනවා.
Samantha Monday, 31 August 2020 08:25 AM
ඔයාගේ ආචාරි පට්ටමෙන් මොනවද අපේ රටට කළේ..? මැරෙන්න ඉස්සර මොනවා හරි කරන්නකෝ.. රටට... ? ආචාරි පට්ටම ගැන දොඩව ැදාඩවා ඉන්නේ නැතිව.. ඔයාලා බලයේ හිටපු කාලයේ හොඳට නිදාගත්තනේ.. ලැජ්ජා නැද්ද ඔහේලට..?
mp Tuesday, 01 September 2020 08:38 AM
ඔය අයට තව අවුරුදු 10ක් වත් ඔහොම කියව කියවා ඉන්න තමයි වෙන්නේ. එතකොට අපිත් නැහැ, ඔහෙලත් නැහැ.