X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මහින්ද තැන් තැන්වල රස්තියාදු කරන්න එපා

(ඩයනා උදයංගනී)

ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ස්වාධීන වුවහොත් ඔවුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධූරය ද අහිමි විය හැකි බවත්, කතානායකතුමාගේ තීන්දුව අනුව පාර්ලිමේන්තුවේ පක්‍ෂ 6ක් මිස ස්වාධීන කණ්ඩායම් පිළිගෙන නැති නිසා ඔවුන්ට ස්වාධීන වී විපක්‍ෂ නායකකම ගැනීමට නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (16) පැවසීය.

මන්ත්‍රීවරයකුට ඕනෑම වෙලාවක ස්වාධීන විය හැකි නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් එතැනට තල්ලු නොකර එම සියලු මන්ත්‍රීවරුන් ඒකරාශී කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයට එක්කර පක්‍ෂයේ අරමුණ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්‍ෂ මහතා හමුවට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීම සුදුසු බව කී අමාත්‍යවරයා එතුමා තැන් තැන්වල රස්තියාදු නොකළ යුතු බව ද ප්‍රකාශ කළේය.    

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඇමතිවරයා මෙසේ ද කියා සිටියේය.

“ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධව මේ වන විට රටේ කතිකාවතක් ඇති වී තිබෙනවා. මේ ගැන විවිධ අය විවිධ ප්‍රතිචාර දක්වනවා. පාර්ලිමේන්තුවේ පවා මේ ගැන විවාද කෙරුණා. ජනාධිපතිවරයා සැමවිටම රට තුළ මෙවන් කතාබහක් ඇතිවන විට තමන්ගේ පැත්තෙන් ගත යුතු පියවර ගන්නවා. සංවේදී නායකයෙක් ලෙස එතුමා මේ ගැන සොයා මාස දෙකක් තුළ වාර්තාවක් ලබාදීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරු සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

රටට අයහපත් කරුණු මේ වාර්තාවේ තිබෙනවා නම් ඒවා ගැන විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කමිටුවට උපදෙස් දී තිබෙනවා. මෙම ගිවිසුම අස්සන් කිරීම සිදුවුණේ නීතිපතිවරයාගේ ද නිර්දේශය මත කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙය අස්සන් කර වසරක් ඇතුළත සංශෝධනය කිරීමේ අවස්ථාව ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුවා. ඒ අනුව කමිටුවේ නිර්දේශ මත ගත යුතු පියවර ගත හැකියි.

කවුරුත් මේ ගැන කුලප්පු විය යුතු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල විවිධ මති මතාන්තර, දේශපාලනමය වශයෙන් සටන් පාඨ ලෙස විවිධ දේ කතා කරන්න පුළුවන්. ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසමක් පත් කළේත් එවැනි අවස්ථාවකයි. එතුමා එහිදීත් ජනතාව ඉල්ලු දෙයට ප්‍රතිචාර දැක්වූවා මිස අනවශ්‍ය ඇඟිලිගැසීම් කළේ නැහැ.

ඒ වගේම මාධ්‍යවේ දී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට සැරසෙනවා. එයට හිටපු ජනාධිපතිවරයාත් කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව රහස් පොලිසිය එතුමාගේ නිවසටම ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි. හිටපු ජනාධිපතිවරයා ලෙස එතුමාව එක් එක් තැන්වලට ගෙන්වා රස්තියාදු කරන්න අවශ්‍ය නැහැ. එසේ කර තනතුර බාල්දු කළ යුතු නැහැ.

කීත් නොයාර් මහතාට මෙන්ම පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් රැසකට පහරදීම්, තර්ජන ආදියට මුහුණ පාන්නට සිදුවුණා. තවත් අය ඝාතනය කෙරුණා. එයින් ජාත්‍යන්තර වශයෙනුත් රටේ ප්‍රතිරූපයට හානි සිදුවුණා. දැන් ඒ තත්ත්වය බොහෝ දුරට මගහැරී ගොස් තිබුණත් මේ සිදුවීම් සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට තිබෙනවා. දැනට කරගෙන යන පරීක්‍ෂණවල ප්‍රගතියක් තිබෙනවා.” යැයි ද අමාත්‍යවරයා කීවේය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අමාත්‍යවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.


ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩලය අනුමැතිය දෙන්නට පෙර සිංගප්පූරු ගිවිසුමේ කරුණු නිසි ලෙස අධ්‍යයනය නොකළේ ඇයි?
පිළිතුර:- එය රේඛීය අමාත්‍යාංශයේ වගකීමක්. අමාත්‍යාංශය මෙය සකස් කර නීතිපතිතුමාගේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුවයි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ.


ප්‍රශ්නය:- මෙය මේ වන විට ක්‍රියාත්මක වෙනවාද?
පිළිතුර:- ඔව්. අත්සන් කළ දා සිට ක්‍රියාත්මක බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පැවසුවා.


ප්‍රශ්නය:- ඔබතුමා මෙය කියවූවා නම් ඔවුන්ගේ කසළ ලංකාවට ගෙන ඒමේ යෝජනාවක් එහි තිබුණා ද?
පිළිතුර:- වචනයක් වචනයක් කියෙව්වේ නැහැ. නමුත් එහි අන්තර්ගතය මා දන්නවා. ඔය චෝදනාව මමත් දැක්කා. ඒ ගැනත් කමිටුව බලයි. විවිධ අය විවිධ වැරදි අර්ථකථන දෙමින් දේශපාලන වාසි ගන්න හදන බවත් පේනවා. ස්වාධීන කමිටුවක් පත්කර තිබෙන්නේ ඒකයි.


ප්‍රශ්නය මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවට චෝදනාවක් තිබෙනවා නේද?
පිළිතුර:- නීත්‍යනුකූලව ගත් විට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒත් පාර්ලිමේන්තු අනුමැතිය ගත්තා නම් හොඳ බව මා සිතනවා. ඒත් ව්‍යවස්ථාවේ එහෙම සඳහනක් නැහැ. ඉදිරියේදී එවැනි අඩුපාඩු සකසා ගත යුතුයි.


ප්‍රශ්නය:- ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුමටත් පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නැද්ද?
පිළිතුර:- ඒ ගැන මා දන්නේ නැහැ. කෙසේ වෙතත් ඒවා සිදුකරන්නේ නීත්‍යානුකූලවයි.

ප්‍රශ්නය:- මලික් සමරවික්‍රම මහතා ව්‍යවස්ථාවේ අඩුපාඩුවකින් ප්‍රයෝජන අරන් බව ද කියන්නේ?
පිළිතුර:- නැහැ එහෙම එකක් නැහැ. කැබිනට් අනුමැතිය දුන් පසු අපි කාටත් ඒ ගැන සාමූහික වගකීමක් තිබෙනවා. එතුමා කටයුතු කර තිබෙන්නේ නීත්‍යානුකූලවයි. ඔය විදියට ඇමතිවරු හංවඩු ගහනවාට මම කැමති නැහැ.


ප්‍රශ්නය:- ජිනීවාවලදී යෝජනාව අත්සන් කිරීමට පෙරත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තා ද?
පිළිතුර:- කවදාවත් අපි ජාත්‍යන්තර මට්ටමේ සමුළුවල දී බාරගන්නා හෝ ප්‍රතික්‍ෂේප කරන යෝජනා කැබිනට් මණ්ඩලයට ගේන පුරුද්දක් නැහැ. ඒ කටයුතු කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. එහිදී විදේශ විනිසුරුවරුන් ගෙන ඒමට එකඟ වන්නේ නැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ජාත්‍යන්තරයත් ඉන්පසු ඒ සඳහා බලපෑම් කළේ නැහැ. අද අධිකරණය ස්වාධීන වී තිබීමත් එයට හේතු වෙන්න ඇති.


ප්‍රශ්නය:- එහි කියන තරම් වැසියන් යුද්ධයේදී ඝාතනය නොවූ බව එංගලන්ත පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා. ඇයි අපේ ආණ්ඩුව ඒ ගැන ජිනීවා දැනුම්වත් නොකළේ?
පිළිතුර:- ඔය සංඛ්‍යාව තිබුණේ දරුස්මාන් වාර්තාවේ. ඔවුන් මේ රටටවත් එන්නේ නැතිවයි එය හැදුවේ. ඒ කාලේ මම ගොස් මෙය බාරගත නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා. සිවිල් ජනතාව ඉලක්ක කරගෙන යුද්ධ කළා නම් අපේ රණවිරුවන් එතරම් මිය යන්නේ හෝ යුද්ධය අවසන් කරන්න දිගු කාලයක් ගතවෙන්නේ නැහැ. අතුරුදන් වූ ලැයිස්තුවල සරණාගතයින් ලෙස ගිය අයත් ඉන්න පුළුවන්. අපට ඒ ලැයිස්තු ලබාදී නැහැ.


ප්‍රශ්නය:- දුම්රිය සේවකයින් බලාපොරොත්තු වූ විසඳුම නොලැබුණ බව කියනවා නේද?
පිළිතුර:- මුදල් ඇමතිවරයා කීවේ සේවා වැටුප් කොමිසමක් පත්කරන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි. එය කළා. එම පත්‍රිකාවේ දුම්රිය ඇතුළු සියලු ක්‍ෂේත්‍රවල වැටුප් විෂමතාවලට මාස දෙකක් තුළ විසඳුම් දෙන බව කියනවා. පොළොන්නරුවට ගොස් ජනාධිපතිතුමාව හමුවුණෙත් ඒ අයමයි. ජනාධිපතිතුමා එන්න කිව්වේ නැහැ. ඉන්නේ පොළොන්නරුවේ කියා කී විට ඔවුන් එහි එන්නම් කියා ගොස් එතුමා සමඟ සුහදව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන් බව ඔවුන් කියා තිබුණේත් නැහැ. මෙයට විසඳුම් දෙන වැඩපිළිවෙළකට ගොස් තිබෙන නිසා ඔවුන් එයින් විසඳුමක් දෙන තුරු සිටිය යුතුයි.


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වෙන්න යන බව කියනවා. එසේ කළොත් මන්ත්‍රීධුරවලට මොකද වෙන්නේ?
පිළිතුර:- ඒ අය තවම එවැන්නක් නිවේදනය කර නැහැ. මන්ත්‍රීවරයෙකුට ඕනෑම වෙලාවක ස්වාධීන වෙන්න පුළුවන්. නමුත් එවිට පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර මන්ත්‍රීකම අහෝසි කරන්න පක්‍ෂයට පුළුවන් ස්වාධීන වෙනවාද? නැද්ද? යන්න ඔවුන් තීරණය කළ යුතුයි. නමුත් අපේ කාර්යය ඔවුන් එතැනට තල්ලු කිරීම නොව සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගිය සියලු මන්ත්‍රීවරු මේ මූලස්ථානයට ගෙනැවිත් ශ්‍රී.ල.නි.පයට පත්කර ගැනීමයි. මේ ස්වාධීන කතාව ආවේ මොනවා ඉලක්ක කරගෙනද කියා මම දන්නේ නැහැ. කතානායකතුමාගේ තීන්දුව අනුව පක්‍ෂ 6ක් මිස ස්වාධීන කණ්ඩායම් පිළිගෙන නැති නිසා ස්වාධීන වී ඔවුන්ට විපක්‍ෂනායකකම ගන්නත් බැහැ.

අපිට පක්‍ෂය ශක්තිමත් කරගැනීමට අවශ්‍යයි. අපේ පිරිසක් විපක්‍ෂයේත් වාඩි වී ඉන්නවා. ඒ සියලු දෙනා සම්බන්ධ කරගැනීමටයි අපි උත්සාහ කරන්නේ.


ප්‍රශ්නය:- සිංගප්පූරු ගිවිසුම සංශෝධනය කරන්න වුණොත් කැබිනට් මණ්ඩලය ගෙන ඇත්තේ වැරදි තීන්දුවක් බව ඔප්පු වෙනවා නේද?
පිළිතුර:- නැහැ. සමහර ගිවිසුම්වල අඩුපාඩු පේන්නේ ක්‍රියාත්මක වන විටයි. සමහර රටවල සම්මත වූ පනත් අභියෝගයට ලක්කරන්න අවස්ථාව දී ඇත්තේ ඒ නිසයි. කැබිනට් මණ්ඩලය පටු විදියට හිතන්නේ නැහැ.


ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තාවේ ප්‍රතිඵලයක් තිබුණා ද?
පිළිතුර:- ඇයි නැත්තේ. ඇමතිවරයෙක් ඉල්ලා අස්වුණා. දෙදෙනෙක් බන්ධනාගාරයේ. මහ බැංකු අධිපතිවරයාත් වෙනස් වුණා. හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වන්නත් කටයුතු කරගෙන යනවා.

 
ප්‍රශ්නය:- බන්දුල ගුණවර්ධන මහතාත් සිංගප්පූරු ගිවිසුමේ අඩුපාඩු පෙන්වා දී තිබෙනවා නේද?
පිළිතුර:- ඔහුත් දේශපාලනඥයෙක්. ඔහු කර ඇති ආර්ථික විද්‍යා උපාධිය කුමක්ද කියා මා දන්නේ නැහැ. ටියුෂන් දී ඇති බව නම් දන්නවා. මමත් ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්. මට පෞද්ගලික මට්ටමින් ඔහු විවේචනය කිරීමට අවශ්‍ය නැහැ. විවිධ අය මේ ගැන අදහස් ඉදිරිපත් කරනවා. සමහරු මෙය හොඳ බවත් කියනවා.

 



අදහස් (3)

මහින්ද තැන් තැන්වල රස්තියාදු කරන්න එපා

chathuri Friday, 17 August 2018 12:02 PM

මහින්දව රස්තියාදු කරන්න එපා කියන්නේ පිනි බාන නිසාද? බලය තියෙනකොට මේ ගැන හිතුවේ නැහැ. හැම ජඩ වැඩම කෙරුවා. එයා රජ නිසා දැන් මෙයාගේ කකුල් දෙක ළඟට යන්න ඕනෑ..

:       160       200

Shan Saturday, 18 August 2018 07:10 AM

ඇයි මේ හැමෝම මහින්දට මෙච්චර බය? මොකද එයා මේ රටේ තවත් පුරවැසියෙක් නෙමෙයිද?

:       3       32

සෙනෙවි Sunday, 26 August 2018 05:24 AM

දැන් ශිලංනිපෙ අයිතිකාරයින් වෙලා තියෙන්නේ එජාපයෙන් පැනපු අයනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site