X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


රටේ ඒකාධිපති පාලනයක් ඇතිවෙමින් තිබෙනවා

 

මේ රජය එකාධිපති පාලනයක් නිර්මාණය කරමින් යනවා. මෙම ක‍්‍රමයට මන්ත‍්‍රීවරුන් විරෝධතාවක් පෙන්වයි කියන බයට රජය එම මන්ත‍්‍රීවරුන් සහ නිලධාරීන් එෆ්.සී.අයි.ඩියට දිගට හරහට කැඳවනවා. එෆ්.සී.අයි.ඩියට යෑමට බය කට්ටිය අපිට බනිනවා. රනිල් එක්ක ඩීල් දානවා කියනවා. එහෙම කියන අයම ඇතුළට වී ඇමති සැප සම්පත් විඳිනවා යැයි හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා වැලිමඩ හීන්නාරංගොල්ල සුදර්ශනාරාමයේදී පැවසීය. 

පසුගිය රජය සමයේදී වැලිමඩ කැප්පෙටිපොල සිට බොරලන්ද හරහා හපුතලේ දක්වා වැටී ඇති මාර්ගය පුළුල් කර ඉදි කර දීමට කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීම වෙනුවෙන් බොරලන්ද හීන්නාරංගොල්ල සුදර්ශනාරාමයේ බෝධිපූජා පින්කමක් පැවැත්විණි.

අවුරුදු 103ක වයසේ පසුවන සුදර්ශනාරාමාධිපති විජේකෝන්ගෙදර සුමන තිස්ස හිමියන් බැහැදැක උන්වහන්සේට අටපිරිකර පූජා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව පැවැති උත්සව සභාව ඇමතීය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද කීවේය. 

ජනතාවට අමතක වන ඉතිහාසයක් තිබෙනවා. එදා වසර 30 කට ආසන්න කාලයක් ත‍්‍රස්තවාදීන් විසින් භික්ෂූන් වහන්සේලා, කුඩා දරුවෝ, ගැබිනි මව්වරුන්ගේ කුස තුළ සිටි දරුවන් ද මේ විදිහට කුරිරු ලෙසින් මාරා දමන ලද යුගයක් අපිට තිබුණා. දුක පීඩනය, මරණ භය මැද රටේ නායකයෝ සිට සෑම දෙනාම කාලය ගත කළා. සමහර නායකයෝ ත‍්‍රස්තවාදීන් සමග සාකච්ඡා කළා. සමහරු විවිධ සහන දුන්නා. යුද්ධත් කළා. නමුත් ත‍්‍රස්තවාදීන්ගේ විනාශය වළක්වා ගන්න ඒ ඒ නායකයන්ට බැරි වුණා. 

නමුත් මම ජනාධිපති ධුරය අරගෙන 2005 සිට 2009 වැනි කෙටි කලක් තුළ ත‍්‍රස්තවාදය මේ රටින් තුරන් කර සාමකාමී දේශයක් නිර්මාණය කළා.

මේ නිසා ත‍්‍රස්තවාදීන්ට බයෙන් සැකෙන් සිටි දේශපාලන නායකයෝ නිදහසේ ඇවිදිනවා. වේදිකා වල රාත‍්‍රියේ වුණත් කතා කරනවා. එවැනි සාමකාමී පරිසරයක් නිර්මාණය කර දීමෙන් පසු අපේ රජය රට සංවර්ධනය කිරීම ආරම්භ කළා. 
පාරවල්වල තිබුණේ විශාළ වළවල්. වාහනයකට තියා පයින්වත් ඇවිද ගෙන යෑමට නොහැකිව තිබූ පාරවල් කොන්ක‍්‍රීට් කළා. සමහර පාරවල් කාපට් ඇතුරුවා. අධිවේගී මාර්ග හැදුවා. රට පුරාම සංවර්ධන වැඩ කළා. රැුකියා අවස්ථා වැඩි කළා. රටේ සම්පත් ඇති කළා. ඒක පුද්ගල ආදායම වැඩි කළා. 
මෙහෙම පසුගිය රජය සංවර්ධනය කළ ස්ථාන මේ රජයේ උදවිය මට බැණ බැණ විවෘත කරනවා. ඒ අය මගේ සිහිනය සැබෑ වුණා යන බෝඞ් ගහ ගහ යනවා. ඒකට නම් කමක් නෑ. මොකද මේවා කළේ කව්ද කියා ජනතාව දන්නවා. මුදල් සංචිත වැඩි කර ගනිමින් රට සංවර්ධනය කරන විට හොරා කෑවා හොරා කෑවා කියන්න පටන් ගත්තා. මහින්ද  හොරා කෑවා කියමුකෝ. මේ අය හොරකෑම නතර කරන්න ඇවිත් මහ දවල් හොරා කෑම හරිද කියා අහන්න  ඕනෑ. 

ඉතින් මේ අය බලය අරගෙන හොරා කාපුවා හොයන්න එෆ්.සී.අයි.ඩිය ලවා හැම තැනම වළවල් හෑරුවා. නමුත් මේ අයට අද වනතුරු හොරකම් කළ එකදු සතයක්වත් හොයා ගන්න බැරි වෙලා. නමුත් දිගටම මඩ ගැසීම නම් නතර කරලා නෑ. 
මේ අය මැතිවරණයේදී ජනතාව ඉදිරියට ඇවිත් පොරොන්දු වුණේ ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවටයි. ඒ නිසා ඔවුන්ට ව්‍යවස්ථාවක් හදන්න ජනවරමක් ලැබිලා නෑ. ඔවුන්ට නව ව්‍යවස්ථාවක් හදන්න අයිතියක් නැතිව පෙඩරල් ක‍්‍රමයේ ව්‍යවස්ථාවක් අලූතින් හදන්න යනවා. විධායක ජනාධිපතිධුරයට අයත් බලය ඉවත් කිරීමට විතරක් නොව රට කෑලි වලට කඩන ව්‍යවස්ථාවක් හදන්න අවතීර්ණ වෙලා. එක පෑන් පහරින් රට කෑලි වලට කඩන්න අපි ඉඩදෙන්නේ නෑ. 

1815 මේ රටේ පාලනය අල්ලා ගත් සුද්දා ගිවිසුමකින් බුද්ධාගමට රාජ්‍ය අනුග‍්‍රහය ලබා දුන්නා. පෝෂණය කර බුද්ධාගම ආරක්ෂා කරන බවට එදා සුද්දා පොරොන්දු වුණා. එම සුරක්ෂිත බව බුදු දහමට ලබාදීමට අපිත් ව්‍යවස්ථාවට ඇතුළත් කළා. මේ රජය නව ව්‍යවස්ථාවෙන් එයත් වෙනස් කරන්න යනවා. කතෝලික කාදිනල්තුමා පවා බෞද්ධාගමට ප‍්‍රධාන ස්ථානය හිමි විය යුතු බවත් මේක බෞද්ධ රටක් බවත් කියනවා. නමුත් දේශපාලකයෝ බෞද්ධ කියන වචනයටත් බයයි. සියලූම ආගම් වලටත් ඉතා ඉහළින් සලකන්න  ඕනෑ. ගරු කරන්න  ඕනෑ. ඔවුන්ගෙ ආගම් ඇදහීමේ අයිතිය අපි සැමදාම ආරක්ෂා කර දෙන්න  ඕනෑ. නමුත් අද රට මහ දවල් මංකොල්ල කමින් අපිට චෝදනා කරනවා. මේ අය මහ බැංකු බැඳුම්කරෙන් හොරාකාපු මුදල් ප‍්‍රමාණය ඉලක්කමෙන් ලියන්න බෑ. එහෙම ලීවොත් ජනතාවට ක්ලාන්තය හැදෙනවා. 

මෙම වංචාව ගැන සොයා බැලීමට කොමිෂමක් පත් කිරීම ගැන ජනාධිපතිට මම ස්තූති කරනවා. නැතිනම් මේ හොරකමත් මගේ මතම දමනවා. 2015 ජනවාරි 9 වැනිදා උදේ වන විට මගේ ජනාධිපති තනතුර ඉවරයි. එහෙම තනතුර නැතිව සිටියදී මේ අය 2015 ගත්තු ණය නොවැම්බර් මාසෙට දමලා කියනවා මම අත්සන් කළා කියලා. මේක මහා භයානක වැඩක්. මෙහෙම ණය සල්ලි වලට වලංගු බවක් නෑ. මුදල් ඇමැති කියනවා ඒවා අවලංගු කරනවා කියා. මේක මහා භයානක වැඩක්. මොකද මේ පිටරට අය තමන් පොලියට දුන්නු මුදල් ආපසු ගත්තොත් විශාල අර්බුදයක් රටේ නිර්මාණය වෙනවා. 
කිසිදු සම්බන්ධයක් නැති මාව මේ මහා වංචාවට සම්බන්ධ කිරීම ගැන කටයුතු සොයා බලන්න බන්දුල ගුණවර්ධන මහතාට පැවරුවා. 

මගේ මෙම දියත්කර ඇති වැඩ කටයුතු අවසන්කළ වහාම නීතිමය පියවර ගන්නවා. පසුගිය මැතිවරණ කාලේදි මේ අය මට විවිධ අවලාද නගමින් විශාල බොරු ප‍්‍රචාරයක් ගෙනගියා. දෙමළ ජනතාව අතරට ගොස් එක බොරුවක් ප‍්‍රචාරය කර මුස්ලිම් ප‍්‍රදේශ වලට ගොස් බේරුවල ප‍්‍රශ්න ඇති කර බොරු ප‍්‍රචාර කළා. සිංහල ප‍්‍රදේශ වලට වෙනත් බොරු ප‍්‍රචාර කළා. මේ විදිහට ජනතාව රවටා ගෙන ඡුන්දයගත්තා. වැරදි විදිහට ඔබලාගෙන් ඡන්දය ගෙන රට පාලනය කරන අය මොනවද කරන්නේ කියා කාටවත් හිතා ගන්න බෑ. එදා ඒ අය දුන්නු ජනතා පොරොන්දු ඉටු කරන්නේ නෑ. අද ගොවියන්ට පොහොර ලාබෙට ගන්න තියෙනවාද? 
ජනතාව - ”අනේ නෑ”
එහෙම නම් එළවළු වලට ඉහළ මිලක් ලැබෙනවා ඇති. 
ජනතාව - ”අපේ ගෝවා හරකුන්ට කන්න දිලා. උඩබලාගන හූල්ලනවා. හාල් කිලෝවක් රුපියල් 100 යි. පොල් ගෙඩියක් රුපියල් 80 අපිට ඉතින් උලා කන්නයි වෙලා තියෙන්නේ.”
හිටපු ජනාධිපතිවරයා 
හැබැයි මේ ආණ්ඩුවේ අය නම් කියන්නේ ජනතාවට ප‍්‍රශ්න නෑ. රට වේගයෙන් දියුණු කළා කියලා. ඉතින් ඔබලාට ප‍්‍රායෝගිකව දැනෙනාව රට මොකක්ද වෙලා තියෙන වෙනස කියලා. 

පසුගිය ඡුන්දයේදී මගේ ඡුායාරූපය ඉදිරියට දමලා ජනතාවත් නොමඟ යවලා ඡුන්දේ ගත් අපේ පක්ෂයේ ඇතැම් අය ඡුන්දෙන් දිනලා පාර්ලිමේන්තු ගිය අය යහපාලනයේ ඇතුළට ගිහින් ඇමැති සැප සම්පත් විඳිමින් මට බැණ බැණ යනවා. මොකද මේ අය එෆ්.සී.අයි.ඩියට යන්න වෙයි කියන බයට. එහෙම ඇමැති සැප සම්පත් විඳින ගමන් මම රනිල් එක්ක ඞීල් දාලා කියා විහිළු කතාත් කියනවා. හැබැයි මේ විදිහට ඔබලාගෙන් ඡුන්දය වැරදියට ගත් අය ඇමතිකම් අරගෙන සිටින බව වටහා ගන අවසානයි. ඒ නිසා මෙය තේරුම් ගැනීම ඒ අයගේ ඇඟට ගුණයි. සුභයි. 

බණ්ඩාරනායක අගමැතිතුමා සමග අපේ පියා වන ඞී.ඒ. රාජපක්ෂ මහතා එකතු වී මේ පක්ෂය හැදුවේ තැළෙන පෑගෙන පීඩිත ජනතාව වෙනුවෙන්. එම ප‍්‍රතිපත්ති අපි නිතරම ආරක්ෂා කරනවා. ප‍්‍රතිපත්ති කියන්නේ බෝඞ් ලෑල්ලක් හෝ ගොඩනැගිල්ලක් ද නොවෙයි. 
එනිසා සෑම විටම පාක්ෂිකයා සමග මේ රටේ ජනතාව අපි සමග අත්වැල් බැඳගෙන ඉන්න බව කියන්න  ඕනෑ. 
හීන්නාරංගොල්ල සුදර්ශනාරාමාධිකාරී ඌව සියම් නිකායේ අධිකරණ සංඝනායක රත්කරව්වේ පේ‍්‍රමරතන හිමියෝ මෙසේ කීය. 

වැලිමඩ කැප්පෙටිපොල සිට බොරලන්ද හරහා හපුතලේ මාර්ගය දැනට අවුරුදු 60 කට පෙර මඩ සහිත පාරක්ව තිබී තියෙනවා. දිවංගත අගමැති බණ්ඩාරනායක මහත්තයා මෙම පාරෙන් ගමන් කළ වාහනය එරබද්ද ප‍්‍රදේශයේ මඩ වගුරේ එරී තිබෙනවා. ගැමියන් වාහනය තල්ලූ කර මඩ ගොඩින් කාර් එක ඉවත්කළා. එම අවස්ථාවේ දිවංගත අගමැතිතුමා ගැමියන්ට ප‍්‍රතිඋපකාර ලෙසින් මෙම මාර්ගය තාර දමා හදා දෙන බවට පොරොන්දු වෙලා. එසේ හැදු කරත්ත පාර අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාපට් අතුරා පුළුල් කර දුන්නා. මේක අපි සදාතනිකව මතක් කරන්න  ඕනෑ. එසේම අර්තාපල් ගොවියන්ට උපරිම සහන දුන්නු රාජ්‍ය නායකයකු තවත් නෑ. ඒ අනුව මේ රටේ සමස්ත ගොවි ජනතාවම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෘත ගුණ දක්වාවි. අද ගොවියාට තමන් එදා කළ වරද වැටහී තිබෙනවායි පැවසූහ.      

කැප්පෙටිපොල නගරයේදී උණුසුම් අන්දමින් හිටපු ජනාධිපතිවරයා පිළිගත් ප‍්‍රදේශවාසීන් යතුරුපැදි මෝටර් රථ පෙර හරකින් බොරලන්ද හීන්නාරංගොල්ල විහාරස්ථානයට කැඳවා ගෙන එන අතරතුර බෝගහකුඹුර නගරයේදී ඌව පළාත් සභා මන්ත‍්‍රිනී හේමා රත්නායක මහත්මිය ඇතුළු ආධාරකරුවෝ විශාල පිරිසක් එක්ව පිළිගත්හ. 

 



අදහස් (0)

රටේ ඒකාධිපති පාලනයක් ඇතිවෙමින් තිබෙනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site