(නිමල කොඩිතුවක්කු)
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කොටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද (20) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.
සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විරෝධතාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සිවිල් සංවිධාන නියෝජිතයන් නීතිඥවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැස්වූ සමගි ජන බලවේගය මන්ත්‍රීවරු විනාඩි විස්සකට අධික කාලයක් නිහඬ විරෝධතාවක නිරතව සිටියහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වන ආකාරය පෙන්නුම් කෙරිණි.
‘‘රට විකුණන-වනසන දේශද්‍රෝහි වරාය නගර පනත් කෙටුම්පත වහා හකුලා ගනිව්, රට පාවාදෙන පෝට් සිටි පනත සම්මත නොකරනු, රට රකින් විරුවා රටම විකුනා දැමුවා. එදා දොන් ජුවන් ධර්මපාල මෙදා දොන් ජුවාන් නන්දසේන ආදී බැනර් සහ වැකි ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ගිනි තැබීමට ද විරෝධතාව අතරතුර පිරිස කටයුතු කළහ.
මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.
‘‘ මේ ආණ්ඩුව රටේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහසේ ඒකීයභාවය තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණනවා. මේ රජය බලයට එනවිට කිව්වේ එකක්. අද කරන්නේ තව එකක් නොවේ ද? තමන්ට ඡන්දය දීපු ලක්ෂ 62ක ජනවරම මේ අය අද පාවා දී ඉවරයි.
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත අකුලා ඒ ගැන සාකච්ඡාව ආරම්භ කරන්න කියා අප රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව සමඟ එකඟතාවක් ඇතිකරගත යුතුයි. රට ආරක්ෂා වන පරිදි වරාය සංවර්ධනයකට අපි යොමුවෙමු කියලත් රජයෙන් ඉල්ලීම් කරනවා.
එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගය ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.
‘‘අපේ රටට විවිධ ආක්‍රමණ ආවා. පෘතුගීසි ආවා, ඉංග්‍රීසි ආවා. අවුරුදු හාර සියයක් ගියා. අපට නිදහස ගන්න. එදා පෘතුගීසින් ගව හමක ප්‍රමාණය තමයි ඉල්ලුවේ. ඒ බලකොටුව හදන්න. දැන් මේ අයට අක්කර දාහකට අධික ප්‍රමාණයක් දීලා.
‘‘චීන උවදුර එදා පෘතුගීසි උවදුරට සමානයි. අපට මේ අය මෙතනින් ඉවත් කරගන්න දීර්ඝ කාලයක් ගත වේවි. මේක අපේ රටේ ස්වාධීනත්වයට මරු පහරක්. මේ පිළිබඳ ගැඹුරින් සිතා තීන්දුව ගන්න කියා අප රජයෙන් ඉල්ලීමක් කරනවා.’’
1. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට එරෙහිව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරතව සිටි අයුරු.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වරාය නගර පනතට සජිත්ලාත් විරෝධයේ