X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා බරපතළ තීරණයක් ගන්නවා

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි හිස එසවීමට ඉඩදිය යුතු බවට රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා බරපතළ තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (03) පැවැසීය.

ඒකාධිපතියකු වී එම කටයුතු කළ නොහැකි බව කී කතානායකවරයා ඊට අදාළ හඬ පටි පරීක්ෂා කිරීමට තිබෙන බවද කීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරේදා (3) පස්වරු 1.00 ට රැස්විය.

වාර්තා හා ලිපි ලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිතුමිය ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන ජාතිද්‍රෝහී ප්‍රකාශයක් කර තිබෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම ඒකට විරුද්ධ වෙනවා. මේක රජයේ මතයද එජාපයේ මතයද කියලා එජාප මහලේකම්වරයා සහ රජයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ඔබතුමා මොකද කියන්නේ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා:- එජාපය විදියට අපි ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එජාප මහලේකම් ලෙස මා එතුමියට දුරකථනයෙන් කතා කර මේ ගැන ඇසුවා. එතුමිය කිව්වේ යාපනයේ දැරියක් ඝාතනය වීමේ සිද්ධියට අදාළව ඒ වෙලාවේ ඇතිවූ හිතේ අමාරුවට ඒ වගේ ප්‍රකාශයක් කළා කියලා. පසුගිය දවස්වල හිට්ලර්වත් නායකයන්ට උදාහරණයට ගත්තා. ඒ වගේ එකක් තමයි මේක.

කතානායක:- මේකට වාදයක් යන්න බැහැ.

එස්.එම්. මරික්කාර් මහතා:- එයාට හිතේ අමාරුවක් තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියෙන අංගොඩ මානසික රෝහලට යවන්න පුළුවන්.

ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා:- ඔබතුමාම ඒක එතුමියට කිව්වා නම් හොඳයි.


කොළඹ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විමල් වීරවංශ මහතා:- අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න රටේ ඒකීයභාවය රකින්න දිවුරුම් දෙනවා. ප්‍රතිඥා දෙනවා.
ඒ වගේම ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්නත් දිවුරුම් දෙනවා.

මේ ප්‍රකාශය කළ මන්ත්‍රීතුමිය රාජ්‍ය අමාත්‍යවරියක්. ඇමැතිවරු දෙදෙනෙක් සිටි වේදිකාවකදී එල්.ටී.ටී.ඊ. ය නැවත ගොඩනගන්න ඕනෑ යැයි කියමින් ත්‍රස්තවාදීන් ප්‍රවර්ධනය කිරීමක් කර තිබෙනවා. ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.

ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එතුමියට අයිතියක් නැහැ. මේ සභාවේ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න ඉඩ දෙන්න බැහැ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක් හරි කරගන්න කියන්න.

කුරුණෑගල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-

විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු කාරණයක් සමග මම මතුකරන්න කැමතියි.
එතුමියට විරුද්ධව සී.අයි.ඩී. එකෙන් පරීක්ෂණයක් කරලා නීතිමය පියවර ගන්න. පාර්ලිමේන්තුවට එන එක තහනම් කරන්න ඕන. විනාශ කරලා දාපු එල්.ටී.ටී.ඊ. එක නැගිටුවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරනවා නම් ඔවුන් මේ පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕන.

කළුතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:- මේ ප්‍රකාශය නිසා අද මුළු රටම ඇවිලිලා තියෙන්නේ.

එස්.එම්. මරික්කාර් මහතා:- අපි මේකට විරුද්ධ වෙනවා වගේම මේ ගැන උඩ දාගෙන ගහන අයගෙන් අහනවා. චීනෙන් ගත්ත සල්ලි ගැන මොකද කියන්නේ.

පුත්තලම දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අසෝක ප්‍රියන්ත මහතා:- ඒක එක පැත්තක මතයක් පමණක් නොවෙයි. අපි යුද්ධයක් නිසා දුක් විඳපු රටක්. එවැනි ප්‍රකාශයක් කරල ආණ්ඩුවේ ඇමැති ධුරයක් දැරීම ගැන විරුද්ධයි. අපි කියන්නෙත් ඇමැති ධුරයෙන් අයින් වෙන්න කියලයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේසවලට තට්ටු කරමින් ප්‍රසාදය පළ කරති.

කතානායක:- මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක් කියලා දන්නවා. මට මේ පුටුවේ ඉඳගෙන ඒ ගැන තීරණයක් ගන්න බැහැ. තර්ජනය කරල කරන්න බැහැ. පාර්ලිමේන්තුව නවත්වන්න සිදුවෙනවා. පක්ෂ නායකයෝ සමග කතා කරල ඉතා බරපතළ තීරණයක් ගන්න වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සභා ගැබට පැමිණ ඝෝෂා කිරීමට වීම නිසා උණුසුම් වාතාවරණයක් ඇතිවිය. කතානායකවරයා සභාව කල් තැබූ අතර නැවත ආරම්භ වූයේ විනාඩි 15 කට පසුවය.

කතානායක කරු ජයසූරිය මහතා:- සුළු වේලාවකට හෝ පාර්ලිමේන්තුව අත්හිටුවීමට සිදුවීම ගැන අපි කනගාටුවෙන්න ඕන.

මේ සිද්ධීය කතානායකවරයාට බලපාන එකක් නොවෙයි. ඒ සඳහා දේශපාලන පක්ෂ සහ නායකයන් ඉන්නවා. මම අගමැතිතුමාට කතා කළා. එතුමා විශේෂ පරීක්ෂණයක් කර අවශ්‍ය පියවර ගන්නවා කිව්වා.

සභානායක:- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- මේ ගැන ඉදිරි පියවර ගන්න අපි අගමැති සමග සාකච්ඡා කළා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු යළි සභා ගැබ මැදට පැමිණෙති.

කතානායක:- විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියා ගන්න පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හිටපු අය ඉන්නවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කියපු අය ඉන්නවා. මට ඒවා නතර කරන්න බැහැ. මගේ යුතුකම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමයි.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:- මේ සිද්ධිය පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවැයි කියපු සිද්ධිය වගේ නොවෙයි. මේ වගකිවයුතු ඇමැති ධුරයක් දරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ මන්ත්‍රීවරියක් තවත් ඇමැතිවරුන් දෙදෙනකු ඉදිරියේ කළ ප්‍රකාශයක් ගැනයි.

කතානායකතුමනි, ඔබතුමාට වගකීමක් තියෙනවා මේ මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම අත්හිටුවන්න.

කතානායක:- ඒවා කරනවා ස්වාමීන් වහන්ස.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරති.

කතානායක:- පාර්ලිමේන්තුව විහිළුවක් කර ගන්න එපා. වීරවංශ මන්ත්‍රීතුමා මෙතැනට ඇවිත් සෙල්ලම් කළා. විනයක් තියෙන්න ඕනෑ.

විමල් වීරවංශ මහතා:- ලැජ්ජයි

කතානායක:- මෙතැන ලැජ්ජා වෙන්න ඕන මම නොවෙයි.
විමල් වීරවංශ මන්ත්‍රීතුමා මට නම් කරන්න සිදුවෙනවා. මම ඒකාධිපතියෙක් නොවෙයි. මට මේ ගැන පරීක්ෂා කරන්න අවස්ථාව දෙන්න.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතානායකවරයා දෙසට අත දික්කරමින් යමක් කීය.

කතානායක:- වීරවංශ මන්ත්‍රීතුමා කට පරිස්සම් කර ගන්න. ඔබතුමාගේ මුඛය පරීක්ෂා කර ගන්න. වීරවංශ මන්ත්‍රීතුමා ඉතාම කැත විදියට කතා කරනවා.
මට මේ සභාව කරගෙන යන්න ඉඩ දෙන්න.

විමල් වීරවංශ මහතා:- අපට කතා කරන්න ඉඩ දෙන්න.

කතානායක:- ඔබතුමාට කතා කරන්න ඉඩ දුන්නොත් පාර්ලිමේන්තුව තවත් අවුල් වෙනවා.

සභානායක:- මේ සිද්ධිය ගැන විනය පරීක්ෂණයක් තියලා සියලු දෙනාටම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙනවා.

ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ මන්ත්‍රීවරු කතානායකවරයා ඉදිරියට නැවත පැමිණ යම් යම් දේ කිීහ.

කතානායක:- මම කරන දේ මම දන්නවා. මෙතැන ඇවිත් අශෝභන විදියට කතා කළා. ඔබතුමා ලජ්ජා වෙන්න.
වීරවංශ මන්ත්‍රීතුමාගේ හැසිරීම ඉතාම නින්දිතයි. වීරවංශ මන්ත්‍රීතුමා ඉතාම පහත් විදිහට හැසිරුණා. මුළු සභාවම අපහාසයට ලක් කරන විදියට හැසිරුණා. කතා කරන්න මිනිත්තුවයි ඉල්ලුවේ. ඉතාම නින්දිත විදියට හැසිරුණා.

විමල් වීරවංශ මහතා:- ඇහෙන්නේ නැහැ.

කතානායක:- ඇහෙන්නේ නැත්නම් කන සුද්ද කර ගන්න.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙංකෝලය උදුරා ගැනීමට සැරසෙයි.

කතානායක:- කැලණියේ ඒවා මෙහේ කරන්න බැහැ. ඔබතුමා මන්ත්‍රීවරයෙක් විදියට හැසිරෙන්න. මොකද මේ චණ්ඩි විදියට හැසිරෙන්නේ. අත උස්සන්නේ ඇයි. හැසිරෙන්න දැනගන්න.
පාර්ලිමේන්තුව දක්වා කල් තැබිණි.

 



අදහස් (2)

විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා බරපතළ තීරණයක් ගන්නවා

Senarath Thursday, 05 July 2018 07:26 AM

අපි බලමු මෙයාගේ ගන්න බරපතල තීරණය මොකක්ද කියල. දේශපාලනයෙන් සමුගන්නවත් හිතාවිද ? අනේ එහෙම නම් හිතන්නවත් එපා. මේ යෝජනාවත් කොහොම හරි අනුමත කරගන්න ඕනෙනේ බටහිරයන්ට. එහෙම නැතිව කොහොමද උතුර වෙන් කරන්නේ.

:       0       0

shan saudi Thursday, 05 July 2018 07:55 AM

මේ සිදුවීම මතින් රටට ආදරය කරන හා රටේ සිවිල් අයිතිවාසිකම් රැක ගන්නේ කෙලෙසද කවුරුන් විසින්ද යන්න හොදින් බලා ගත හැකිවන අතර වන්නේ කුමක්ද යන්න පිලිබදව අප අවදියෙන් සිටින බව හොදින් මතක තබා ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site