(*** අංජුල මහික වීරරත්න)
‘‘විපක්ෂයේ සිට වුවද කතාවෙන් නොව ක්‍රියාවෙන් ආදර්ශවත් ජනතා සේවයක් කරන බව’’ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹදී පැවසීය.
‘‘විපක්ෂනායක ධුරය නිරතුරුවම ජනතාවගේ ජංගම සේවාවක් බවට පත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ මැද කොළඹ ජනතාව වෙත ස්තූතිය පළ කිරීම සඳහා පෙරේදා (9) පැමිණි අවස්ථාවේදීය.
මැද කොළඹ ජනතාව හමුවීමට පැමිණීමට පෙර ප්‍රේමදාස මහතා කොළඹ -14 බණ්ඩාරනායක මාවතේ ලංකාරාම විහාරස්ථානයටද මට්ටකුලිය-කල්‍යානි ගංගාරාම විහාරස්ථානයටද ගොස් මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ගත්තේය.
අනතුරුව මැද කොළඹ සුචරිත ගොඩනැගිල්ලට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා එහි රැස්ව සිටි ජනතාවට සිය ස්තුතිය පිරිනමමින් මෙසේ පැවසීය.
මෙහි පැමිණීමේ මූලික අරමුණ වූයේ මෙවර මහ මැතිවරණයේදී මටත් මගේ සහෝදර මුජුබර් රහුමාන් මහතාටත් අසීමිත සහායක් දුන් සුචරිතය ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ස්තුතිය පිරිනැමීමයි. මෙහි ජනතාව සුවිසල් මනාප ප්‍රමාණයක් දී අප ශක්තිමත් කළා. ඒ ගැන අවංක ස්තුතිය පුද කරනවා.
අපගේ කාර්යය ශක්තිමත්ව ක්‍රියාත්මක කර සත් ජාතිකත්ව ප්‍රතිපත්ති තුළ බෞද්ධ ප්‍රතිපත්ති මගින් ජාතිවාදය ආගම්බේදය-අන්තවාදය මෙන්ම ත්‍රස්තවාදය සහමුලින්ම මුලිනුපුටා දමන්නට කටයුතු කරනවා. එමෙන්ම විපක්ෂනායක ධුරය නිරතුරුවම ජනතාවගේ ජංගම සේවාවක් බවට පත් කරනවා.
සුචරිතය මුල් කරගෙන මුජුබර් රහුමාන් මන්ත්‍රීතුමාගේද මූලිකත්වයෙන් අප දැවැන්ත සමාජ සේවයක් සහ සංවර්ධනයක් මැද කොළඹ ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයටත්, සමස්ත ශ්‍රී ලංකාවටත් ලබාදෙනවා. රාජ්‍ය බලයක් නැතිව වුවත් අප ඒ කාර්යයන් ඉටු කරනවා.
විපක්ෂයේ සිටියදී අප වැඩ පෙන්වන්නේ කතාවෙන් පමණක් නොවෙයි. ක්‍රියාවෙනුත් රටට සංවර්ධනයක් හා එකමුතු බව නිර්මාණය කරන ශක්තිමත් ගමනක් ආරම්භ කරනවා.
පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹෙන තුරු අපට කාලයක් දෙන්න. පසුව සුචරිත ව්‍යාපාරය පැය 24ම ජනතාවට සේවයක් හා සංවර්ධනයක් කරන ජනතාවට ශක්තියක් දෙන නිරන්තර සමාජ සේවා හා ජංගම සේවා ආයතනයක් ලෙස ක්‍රියාත්මක කරනවා. එමෙන්ම විපක්ෂයේ සිට වුවද ආදර්ශවත් ජනතා සේවයක් ඉටුකරන බවට ප්‍රතිඥා දෙන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට සමගි ජනබලවේගය මැද කොළඹ සංවිධායක මුජිබර් රහුමාන් මහතාද සහභාගි විය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විපක්ෂ නායකකම ජනතාවගේ ජංගම සේවාවක් කරනවා