(රවීන්ද්‍ර විරාජ් අබයසිරි)
‘‘අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තියෙන්නේ අපේ ළඟ‘‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතලේ දී පෙරේදා පැවසීය.
රාජපක්ෂ මහතා එසේ පැවසුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මාතලේ නිවසට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද කීවේය.
එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදියි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ. එදත් අදත් හෙටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කරන ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ වැනි පිරිස් අයින්කිරීම මම දකින්නෙ මෝඩ වැරැදි වැඩක් විදිහටයි. මොවුන්ට ඡන්දය දුන්නු පිරිසට කළ අපහාසයක් විදිහටයි මම දකින්නෙ.
අද උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ෆීල්ඞ් මාර්ෂල් කෙනෙක්ට භාරදීලා රටේ අද යුද්ධයක්ද තියෙන්නේ. මේ එන්න යන්නේ මොකාටද? අද ජනතාවගෙන් කම්කරුවන්ගෙන් පළිගන්නවා මේ ආණ්ඩුව. වෛරී දේශපාලනය තියාගෙන රටක් දියුණු කරන්න බෑ. මේ වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන. අපි හිටියා අපි මේ විදිහට පළි ගත්තද? මේ වගේ දැන් අවුරුදු 2 යි මාස හතරක්ම කළේ පළිගැනීම විතරයි. මේ පහුවුණේ වැඩ කරන්න තිබුණ කාලයයි දැන් ආණ්ඩුවේ බහින කාලය ඇවිත් තියෙන්නේ.
දැන් රටෙන් කොටසක් ඉන්දියාවට දෙන්න ගිවිසුමක් අත්සන් කරනවා. ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි ටික මේවා ගැන මේ ගොල්ලන්ට ගාණක්වත් නෑ. ඒත් මේ වැඬේ වැරදියි කියලා කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු පිරිසක් විරුද්ධ වුණා කියලත් මට ආරංචි වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න සිරිකොතෙන් දෙන ආසන සංවිධායකයින් පත් කරන අස් කරන වැඩපිළිවෙල අපි පිළිගන්නෙ නෑ. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතිකමින් අස් වුණේ මේ ප්‍රතිපත්ති සමග වැඩ කරන්න බැරි නිසයි. එවැනි එඩිතර පිටකොන්දක් ඔහුට තිබීම පිළිබඳ අපි සතුටු වනවා. අපි ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පවත්වන්න සියල්ල සූදානම් කරලයි තියෙන්නේ. ඒ සඳහා සහභාගී වන ලෙස සියලූ ජනතාවට ආරාධනා කරනවා යැයි රාජපක්ෂ මහතා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප්රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්රීලනිපය අද වැඩ කරන්නේ එජාපයේ පදයට
Chanak Los Angeles Friday, 28 April 2017 05:28 PM
මොහු කතාකරන විදිහට මොහුට අතීතය අමතක වෙන රෝගයක් තිබෙනවා කියලයි අපිට හිතෙන්නේ?
athula Friday, 28 April 2017 07:12 PM
ඔයාල කරපු අපරාද ඇල්ලුවද ? නැහැ.... එයාල කරපු අපරාද ඔයාල ඇල්ලුවද ? නැහැ .... දෙගොල්ලම බොරුවට අපට පෙන්වනවා .