X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නපුරක් වන්නේ නැතැයි ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවැසීය.

වේත්‍රධාරි අනිල් පී. සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (17) සවස 1.00ට රැස්විය.

වාර්තා හා ලිපි ලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස) මෙසේ කීය.

මේ ගිවිසුම අත්සන් කරනකොට කැබිනට් මණ්ඩලය අනුමැතිය දීල තිබුණේ නැහැ. ජනපතිගේ අනුමැතිය ද නොතකා ගිවිසුම අස්සන් කර තිබුණා. ජනවාරි 23 වැනිදා ගිවිසුම හිතුවක්කාරීව අස්සන් කළා. උක්ත ගිවිසුම අස්සන් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තුවට පිටුපා කටයුතු කර තිබෙනවා. කලින් සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමෙන් බරපතළ ගැටලුවක් මතුවෙනවා. මේ නීති විරෝධී ගිවිසුම වහාම අත්හිටුවන්න. රටට ගැළපෙන අලුත් ගිවිසුමක් ඉදිරිපත් කරන්න. මේ ගිවිසුමෙන් ලංකාවේ කර්මාන්ත විනාශ වෙනවා. අපේ රටේ කර්මාන්තකරුවන් තැති ගැන්මට ලක්ව සිටිනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී (එජනිස) බන්දුල ගුණවර්ධන මහතා යෝජනාව ස්ථිර කරමින් මෙසේ පැවැසීය.

මේ ගිවිසුම අස්සන් කළේ කොලේ වහලා ඇස්වලට වැලි ගහපු ජාත්‍යන්තර බූවල්ලන් ටිකක්. මේ ගිවිසුමට නීතිපති අවසර දීලා නැහැ. ඇමැතිවරුන්ගේ සංශෝධන කළා ද?

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

ගුණවර්ධන මහතා:- නීතිපතිගේ සංශෝධන කළා ද? ඒවා කිසිවක් කළේ නැහැ. හිතුමතේ ගිවිසුම අස්සන් කළා. ජනාධිපතිතුමාගේ නිර්දේශවලට පටහැනි විදියට ගිවිසුම සකස් කළා. දෙරටටම ගැළපෙන විදියට ගිවිසුම යළි සකස් කරන්න. රටේ සියලු නීති උල්ලංඝනය කරලා හදපු ගිවිසුමක්.

ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම මහතා:- මම කවදාකවත් හොර ගිවිසුමක් අස්සන් කරලා නැහැ. මේ යෝජනාවේ සියලු කරුණු අසත්‍යයි. දිනේෂ් ගුණවර්ධන කාගේ හරි දිරච්ච ලණුවක් කාලා. මේ යෝජනාව ගෙනාවා. ජනවාරි 16 කැබිනට් මණ්ඩලය මේ ගිවිසුම අනුමත කළා.

පත්කළ මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා:- මේක සංශෝධනය කරල කැබිනට් මණ්ඩලයට ගෙනාවේ නැහැ.

සමරවික්‍රම මහතා:- මේ වගේ බොරු කියන මන්ත්‍රීවරයෙක්. මෙතුමා නිදාගෙන ඉන්න ඇති. ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නරකක් වෙන්නේ නැහැ. ඩොලර් බිලියන දහසක විදේශ ආයෝජන යෝජනා ලැබිල තියෙනවා.

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා:- මේ ගිවිසුම ගැන විවේචන තියෙනවා. රජය ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ලෝකයේ අනෙක් රටවල සංවර්ධනය දැක දැක ඔබලාට නිකන් ඉන්න බැහැ. ඔබලාටත් ධෛර්යය තිබිය යුතුයි. ශ්‍රී ලංකාව සංවර්ධනය කරගෙන යන්න.

කනක හේරත් මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:- සිංගප්පූරුව අපට වඩා පහළින් හිටපු රටක්. ලී ක්වාන්යු ඒ රට ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කළා. සිංගප්පූරුවට අපේ රටත් එක්ක ගිවිසුම් ගහන්න වැඩක් නැහැ. අපි මේ ගිවිසුම සමග නැගිටීවි කියන බිය අපේ විපක්ෂයට ඇතිවෙලා.

මේ ගිවිසුමෙන් සිංග්පූරුවේ පුරවැසියන්ට කිසිම අයිතියක් දීලා නැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස):- රටේ ආර්ථිකය සියයට 30කින් කඩා වැටිලා කියල අගමැති කියනවා. මිනිසුන්ට කන්න සල්ලි නැහැ කියලත් කියනවා. බොරු වපුරලා බලයට ආපු අගමැති කියන කතාව මරු. එතුමා ආවේ වොක්ස්වගන් බොරු කියලයි. මෑන් පවර් සමාගම්වලට ලංකාවට එන්න දෙනවා. මලික් සමරවික්‍රම ලංකාව දකුණු ආසියාවේ මීතොටමුල්ල බවට පත් කරන්න උත්සාහ දරනවා. අපේ දරුවන්ට න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් මියැදෙන්න වේවි. නාගරික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, විකිරණශීලී අපද්‍රව්‍ය ආවම ලොකු විනාශයක් ඇතිවේවි. ගේන්න බැරි නම් මේවා ගිවිසුමට දැම්මේ මොකටද? මේ ගිවිසුමට ගත්තු මුදල්වලට සාප වෙනවා.

නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලීන් ජයමහ මහතා:- මේ ගිවිසුමෙන් රටට වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ. දේශීය කර්මාන්තකරුවා මින් ආරක්ෂා වෙනවා. ආයතනවලට ලොකු බදු සහනයක් ලැබෙනවා. මේ රට ඉදිරියට ගෙන යා හැකි ගිවිසුමක්.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):- මේ ගිවිසුම හරහා අපනයන භාණ්ඩවලට ලැබෙන වාසි මොනවාද? ලෝකයේ වෙනත් රටවල භාණ්ඩ සිංගප්පූරුව හරහා බදු සහන ඒවිදැයි සැකයක් තියෙනවා. ලංකාව මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්වෙලා. ඒ ගැන හොයන්න අප අසමත් වෙලා තියෙනවා. බොහෝ මත්ද්‍රව්‍ය එන්නේ මුහුදු මාර්ගයෙන්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):- වෙළෙඳ ගිවිසුම් රටට අවශ්‍යයි. වෙළෙඳ ගිවිසුම්වලින් පුංචි රටවල්වලට වාසියි. හොංකොං දියුණු වුණේ එහෙමයි. විවෘත වෙළඳ ප්‍රතිපත්තිය හරහා ලෝකයේ දෙවැනි සංචිත සහිත රට බවට සිංගප්පූරුව පත්වුණා. මේක භයානක ගිවිසුමක් නෙමෙයි. සමහරු මේ ගැන අනවශ්‍ය බියක් ඇති කරලා. බොරු බිල්ලකු මවලා තියෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- සිංගප්පූරුව අපත් සමග මෝඩ ගිවිසුම් ගහයි ද? කෙරෙන්නේ නැතිනම් අපද්‍රව්‍ය කතාව ගිවිසුමට දැම්මේ මොකටද? සිංගප්පූරුකාරයා ඕක නොදැන කරයිද? රේගු බදු අඩු කිරීම අනුව අපට වෙන වාසියක් නැහැ. ලෝකය ගොනාට අන්දලා අපට වාසි ගන්න හිතීම විහිළුවක්. මේ ගිවිසුමෙන් විදේශ ආයෝජන එනවා කියන කතාව බොරු. අපේ වැටුප් මට්ටම පහළ දැමීම මේ ගිවිසුමේ අරමුණයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:- අපේ අපනයනයේ දියුණුවක් තියෙනවා. අපද්‍රව්‍ය කතා බොරු. ඕවා හොඳයි ගැලරියට. සිංගප්පූරුව රටවල් 32ක් සමග ගිවිසුම් අස්සන් කරල තියෙනවා. චීනය, ඇමරිකාවත් ඉන්නවා. අප ගෝලීය නිෂ්පාදන ජාලයට ඇතුළත් වෙන්න ඕන.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):- මේක නව ජාතික ප්‍රතිපත්තියක්ලු. අවජාතක වුණොත් තමයි ප්‍රශ්නය. ඔබලාගේ වෙළෙඳ ප්‍රතිපත්තියයි රාජ්‍ය ප්‍රතිපත්තියයි දෙකම අසාර්ථකයි. ඔබලා කියන්නේ විවෘත කිරීම පමණයි. මේ පාරේ යන්න පුළුවන් ද බලන්න. මේක ජාත්‍යන්තර වෙළෙඳ මංකොල්ලයක්. ගිවිසුමෙන් වෙන්නේ ඒකයි. රටේ ආර්ථිකය වනසන ගිවිසුමක්.

පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා:- මේ ගිවිසුම අනාගතය දැක ගත් තීන්දුවක්. විපක්ෂය අද මෙතැන කොරහේ කිඹුල්ලු දැක්කා. අපට තනිවම නැගිටින්න බැහැ. අපනයනය හරහා අප රට ශක්තිමත් කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා (එජනිස):- මේක ලොකු වංචාවක්. මෙය හදපු අයට යම් දවසක හිරගෙදර යන්න වේවි. මේ ආණ්ඩුව ගෙදර යන්නේ ඉර හඳත් විකුණලයි.

මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂස් මහතා (දෙජාසං):- මේ ගිවිසුම රටට වාසිදායක ද කියල සොයන්න ඕනෑ. අද උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය පසුගාමීයි. ස්වේච්ඡා ගුරුවරුන්ට පත්වීම් දෙන්න.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එජනිස):- රටට ආයෝජකයන් එන්න නම් රටේ මූල්‍ය හා දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්න ඕනෑ. මහ බැංකුව ගැනත් විදේශිකයන්ට කිසිම විශ්වාසයක් නැහැ. මේක කඩිමුඩියේ අස්සන් කරපු ගිවිසුමක්. මෙය අපේ රටේ යහපතට අස්සන් කරපු එකක් නොවෙයි. අසාධාරණ විදියට අස්සන් කරපු ගිවිසුමක්. මේකෙන් අපේ රටේ නිෂ්පාදනය වැටෙනවා. පාර්ලිමේන්තුව නොමග යවපු ගිවිසුමක්.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):- සියලු තරුණ තරුණියන්ට රැකියා දෙන වැඩපිළිවෙළක් අරඹලා තියෙනවා. අපේ රට කෝටි දස ලක්ෂයක් පිටරටට ණයයි. ජාත්‍යන්තරය සමග එකතු වී රට සංවර්ධනය කරනවා.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියලේන්දරන් මහතා (දෙජාසං):- රටේ අපනයන ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. රට දියුණු කළ හැක්කේ එවිටයි. ආනයනය ගැන විතරක් කල්පනා කිරීම හොඳ නැහැ. අපට පසුපසින් හිටපු සිංගප්පූරුව අද දියුණු රටක්. මඩකළපුවේ නිදහස් මාධ්‍යවේදියකු ත්‍රස්ත විමර්ශනයට කැඳවලා තියෙනවා. ඔහු විවිධ වංචා පෙන්වා දුන් මාධ්‍යවේදියෙක් යහ පාලනය යටතේ මේවා වෙන්න බැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (එජනිස):- මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත විය යුතුයි. නැතිනම් මේක අක්‍රිය ගිවිසුමක් වෙනවා. දිගුකාලීන වශයෙන් අනර්ථයක් ඇතිවන ගිවිසුමක්. අපේ රටේ බැංකුවලටත් විශාල හානියක් වෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- අද ලෝකයම ගමක් බවට පත්වෙලා. අපිට තනි රටක් විදියට ඉදිරියට යන්න බැහැ. අපි තනි රටක් විදියට හිටියොත් ආර්ථිකය කඩා වැටෙනවා. අද ලෝකයේ සමාජවාදී කඳවුරක් නැහැ. අද තියෙන්නේ එකම කඳවුරක්. අද වෘත්තිකයන්ගේ මාෆියාවක් තියෙනවා. වෙළෙඳපොළ විවෘත වෙනවාට එයාලා කැමැති නැහැ. අලුත් වෙළෙඳ ගිවිසුම්වලට අප යා යුතුයි.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- මේ ගිවිසුමට වෘත්තීය සමිති 48ක් විරුද්ධ වුණා. නමුත් ඒවා ගණන් ගත්තේ නැහැ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් පවා විරුද්ධ වුණා. මේ රටට ආයෝජන කිසිවක් ආවේ නැහැ. ආවේ මත්තල වරාය විකුණල ගත්තු සල්ලි ටික විතරයි. මේ ගිවිසුමෙන් රටට වෙන පාඩුව අනන්තයි. සේවා වෘත්තිකයන්ටත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙනවා.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (එජනිස):- මේ ගිවිසුම ගැන අප රටක් විදියට මීට වඩා අවධානය යොමු කළ යුතුයි. පාර්ලිමේන්තුව අනුමත කළ ගිවිසුමක් එහි අනුමැතිය නැතිව ඉවත් කරන්න බැහැ. වෘත්තිකයන්ට මේ ගැන අදහස් පළ කරන්න ඉඩදුන්නේ නැහැ.

ඇමැති මලික් සමරවික්‍රම මහතා:- වෘත්තීය සමිත 48 සමග සාකච්ඡා කළා.

වීරක්කොඩි මහතා:- අප ගිවිසුම්ගත විය යුත්තේ රටට වාසිවෙන විදියටයි. මේකෙන් උපරිම වාසි ලැබෙන්නේ සිංගප්පූරුවටයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප):- කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව අස්සන් කරපු ගිවිසුමක්. රටට ආයෝජන ගෙන එන්න අපට අවස්ථාව ලැබිල තියෙනවා. සෘජු ආයෝජන මේ රටට ලැබෙමින් පවතිනවා. සිංගප්පූරු ගිවිසුම ගැන අද විපක්ෂය බොරු යකෙක් මවන්න හදනවා.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එජනිස):- සියලු වෘත්තිකයන්ට මේ ගිවිසුම ගැන සැකයක් තියෙනවා. ගිවිසුම අස්සන් කළේ පාර්ලිමේන්තුව දැනුම්වත් කරල නොවෙයි. මේ ආණ්ඩුව ගැන ජනතාවට බරපතළ අවිශ්වාසයක් තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් සහතික නිකුත් කළේ අගමැතියි.
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම මතුපිටින් සීනි තවරපු සයනයිඞ් කරලක්.

කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස):- අපේ වෙළෙඳ පරතරය වැඩිවෙලා තියෙනවා. මේ ගිවිසුම් අස්සන් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිවයි.

ජනාධිපති සතුටු කරන්න ජාතික ප්‍රතිපත්ති ගෙනල්ලා වැඩක් නැහැ.  ගිවිසුම අස්සන් කරන්න ගියපු අපේ කට්ටියට සිංගප්පූරුවේ පුහුණුවක් දීලා එතැන බැඳීයාමේ ගැටුමක් තියෙනවා. සේවා අංශය විවෘත කිරීම භයානක තත්ත්වයක්.

ඇමැති මලික් සමරවික්‍රම මහතා:- අසූවේ ගිණුමට මා විරුද්ධ නැහැ. ඒ ගිවිසුම තවමත් ක්‍රියාත්මකයි. ගිවිසුම හදන්න උදව් කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. රටේ සංවර්ධනයට එක්වන්න කියලා විපක්ෂයට ආරාධනා කරනවා.
පාර්ලිමේන්තුව අද (18) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය.



අදහස් (3)

සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ

emerson Wednesday, 18 July 2018 05:29 AM

මලික් යු එන් පි එක නැති බංගස්තාන කලා දැන් රටත් නැති කරන්න හදනවා .

:       56       107

Raveendra Wednesday, 18 July 2018 06:49 AM

කතාව සහතික ඇත්ත .මේ අම්බරුවන්ට නම් කිසිදු නපුරක් වෙන්නේ නැහැ හැබැයි හොදක් වෙන බව ස්ථිරයි

:       47       83

Lal Wednesday, 18 July 2018 07:05 AM

කොහමත් යුඑන්පි එකේ නායකයෝ රටට අදරේ ඇති අය නොවෙයි.ඩි.එස්.සේනානායක,ඩඩ්ලි සේනානායකලගෙන් පස්සේ ආපු සියළු නායකයෝ රට කෑවා.

:       87       209

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site