බිඟුන් මේනක ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග දේශපාලන ගමනක් යෑමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සක් දැනටමත් සූදානම් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සමග එක්වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන බවට එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළ ද මෙම මන්ත්‍රීවරුන් පිරිස හිටපු ජනාධිපතිවරයා සමග දැනටමත් සාකච්ඡා කර අවසන් යැයි ද චානක මහතා කීය.
සභාග රජයක් හැදීමට ඒකාබද්ධ විපක්ෂයට කඩිමුඩියක් නැතත් සුදුසුම මොහොතේ සුදුසුම තීන්දු ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සූදානම් යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කර කීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ආණ්ඩුවක් හැදීම ගැන සාකච්ඡාවක් නොවුණ ද එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී පක්ෂ නායකයන් කීප දෙනෙකු අතර කිසියම් සාකච්ඡාවක් වී ඇතැයි ද ඩී.වී චානක මහතා සඳහන් කළේය.
ආණ්ඩු බලයක් ගැනීමේ දේශපාලන හදිසියක් නැතත් ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දෙන වැරැදි පිළිවෙත නිසා ඉදිරියේදී බලයට පත්වන කවර දේශපාලන බලවේගයක් වුවද දුෂ්කරතාවයකට පත්වනු ඇතැයි ද එනිසා වඩාත් සුදුසු දේශපාලන තීන්දුවක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනු ඇතැයි ද චානක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප්රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘යුඑන්පී 20 ක් මහින්ද සමඟයි’
de silva Wednesday, 10 October 2018 03:39 AM
ඔවු ඉතින් කොහොමත් ඔබතුමාගේ මාමා කෙනෙකු වන දුලිප් නියෝජ්‍ය ඇමති තුමා හැමදාම හිටියේ මහින්ද මහත්මය සමග , ඉතුරු 19 දෙන කවුද ?
Sugath Wednesday, 10 October 2018 04:30 AM
මෙයා හීනෙන් නගිටලද කොහෙද
Chandra Wednesday, 10 October 2018 01:52 PM
සල්ලි ටික ලැහැස්තිද? එ්ක නම් සුළු දෙයක් නේද?